Four More Shots Please – 2 : පිස්සු කෙල්ලෝ හතර දෙනා යළි ඉන්දියාව කළඹයි

2019 ජනවාරි 25  විකාශනය වීම ආරම්භ කළ Four More Shots Please (කරුණාකර තවත් වෙඩි හතරක්!) පළමු කොටස මගින් ඉන්දියානු රූපවාහිනී රසිකයින් තුළ ඇති කළ කම්පනය නිමක් නැහැ. ඒ වගේම ඉන්දීය විචාරකයින් වගේම රසිකයින් ද ගිනි ගත්තා. ඒත් වැඩේ සාර්ථකයි. ඒ නිසා Four More Shots Please – second season පැමිණ තිබෙනවා.

Four More Shots Please ඊයේ (17) රටවල් 200 ක් පුරා ඇමේසන් ප්‍රයිම් Amazon Prime හි විකාශය ආරම්භ වුණා.

කීර්ති කුල්හාරි, බානි ජේ, සයනි ගුප්තා සහ මාන්වි ගග්රූ Starring Kirti Kulhari, Baani J, Sayani Gupta and Maanvi Gagroo ප්‍රධාන චරිත නිරූපණය කළ Four More Shots Please මෙම ප්‍රදර්ශනය නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රිතිෂ් නන්ඩි විසිනුයි.

මෙම කතා මාලාවේ සුරූපි තරුණියන් සිවු දෙනා විසින් අති දක්ෂ රංගනයක් ඉදිරිපත් කරන අතර කාන්තාවන් ගැන අලුතින් සිතීමටත් ඔවුන්ගේ රුචි අරුචිකම් පිළිබද පැහැදිලි දැක්මක් ඇතිකර ගැනිමටත් අවස්ථාව උදා කරන බවයි බොලිවුඩ් විචාරකයින් කියන්නේ.

කරුණාකර තවත් වෙඩි හතරක්

නූපූර් අස්තනා Nupur Asthana විසින් අධ්‍යක්ෂණය කරන ලද Four More Shots Please රචනා කරන ලද්දේ දේවිකා භගත් Devika Bhagat  විසින් වන අතර කතාව ඉෂිතා මොයිත්‍රා Dialogues by Ishita Moitra විසින් සම්පාදනය කර තිබෙනවා. 

අගුලු දැමීමේදී නිවසේ වාඩි වී සිටින අප සැමට මීට වඩා හොඳ සංග්‍රහය කුමක්ද?

Four More Shots Please හි ප්‍රතික් බබ්බාර්, ලීසා රේ, මිලින්ඩ් සෝමන්, නීල් භූප්ලාම්, සිමෝන් සිං සහ අමරිතා පූරි ද චරිත නිරූපණය කරනවා. 

කරුණාකර තවත් වෙඩි හතරක්

ඉතින් මෙන්න මේ සුන්දර කාන්තාවන්ගේ තවත් වරක් අපෙන් ඉල්ලා සිටින්නේ ජීවිතය, ආදරය, මිත්‍රත්වය සමග ජීවත් වන ලෙසයි. ජීවිතය විදින ලෙසයි.

ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.