IPL කල් දැමීම ගැන අවසන් තීන්දුව අද හෙටම

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. කොරෝනා වෛරසය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුව බව සදහන්.

ඊයේ (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්‍රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී තිබෙනවා.

එහෙත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දක්වා මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාලක මණ්ඩලය රැස්වීමෙන් පසු විධිමත් නිවේදනයක් නිකුත් කිරීම සිදුවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) තරඟාවලිය මීට පෙර අපේ‍්‍රල් 15 වන දින දක්වා අත්හිටුවා තිබුණ  නමුත් ඉන්දියාවම වසා දැමු සීමාවන් මැයි 03වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ IPL තරගාවලිය තවදුරටත් කල් දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කරන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.