ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් ගිණුම් වෙනත් පිරිසකට නතුවීමේ ප්‍රවණතාවයක් (phishing attack) මේ දිනවල සිදුවන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇත.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වල සේවය කරන මාධ්‍යවේදීන් සහ සාමන්‍ය ජනයා ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය සිදුවන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති අතර ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මෙම සයිබර් ප්‍රහාරයෙහි ගොදුරක් බවට පත්වී ඇත.
ෆේස්බුක් පරිශීලක ගිනුමක ආරක්ෂාව ඉහල නැවීමට දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication වැනි ආරක්ෂිත ක්‍රම සක්‍රිය කරගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම මාධ්‍යවේදීන්ට සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය භාවිතා කරන අනෙකුත් පරිශීලකයන්ට දැනුම් දෙමු.
තවද වෙනත් පුද්ගලයන් විසින් එවනු ලබන සැක සහිත යොමු (coronavgame2.atwebpages com)වලට ඔබගේ ෆේස්බුක් මුරපද සහ පරිශීලක නාමයන් ඇතුලත් කිරීමට යාමට වලකින ලෙස මාධ්‍යවේදීන්ට හා සාමාන්‍ය ජනතාවට අවවාද කරමු.