ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනක් නිකුත් කරමින් සදහන් කළා.
එහෙත් මෙම කාළය තුළ ලෝක තත්ත්වය යහපත් වුවහොත් වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් අනතුරුව සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටින බව ද එම නිවේදනයේ සදහන් වෙනවා.
එමෙන්ම ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ජාලය මේ පසුබිම යටතේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අවශ්‍ය විටෙක ඒ සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සූදානමින් සිටින බවයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් යෝජනා කරනු ලැබුවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය කැමැත්තෙන් සිටින බව ද එම නිවේදනයේ සදහන්.
ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමටෙ, නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිනවා.