අරලිය – නිපුන – නිව්රත්න ඇතුළු මහ මෝල් 08ක් හදිසියේම වටලයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ‘අරලිය‘ සහ හිටපු  හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාට අයත් ‘නිපුන‘ නිව්රත්න සහ ලක් සහල් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යන ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරින්  50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අද (23) සවස හදිසි වැටලීමකට ලක් කර ඇත.

මෙම වැටලීම සදහා කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ  නිලධාරින්ද සහභාගී වූ බව වාර්තා වේ.

මෙම පරීක්ෂාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කළේ රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොළටට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සිය එකගත්වය පළ කළ බවයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ශාන්ත දිසානායක මහතා,

 මේක සැලසුම් සහගතව කළ හදිසි වැටලීමක්. මේක ජනතාව බොහොම අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක්. ඒ නිසා වෙළෙදපොළ තුළ කෘත්‍රීම සහල් හිගයක් නිර්මාණය කර අධික ලාබයක් ඉපයීමට මහා පරිමාණ මෝල් හිමියන්ට කිසිසේත් ඉඩ දිය නොහැකියි. ඒ නිසා මෙම පරික්ෂාවේදි අපි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල්  කොතරම් තිබේද යන්න විශේෂ පරීක්ෂාවට ලක් කළා‘

 මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේ ඉදිරියේදි දිවයින පුරා ඇති සහල් මෝල් වැටලීමට ලක්කර වෙළද පොළට නිකුත් නොකර අනවශ්‍ය ලෙස වී රැස්කර ගෙන සිටින මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවයි.
 
‘ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා ගෙන වෙළෙදපොළේ සහල් හිගයක් මවාපැමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙළෙද පොළට නිකුත් කරන ලෙස මම මෝල් හිමියන්ට උපදෙස් දුන්නා. ඔවුන් එයට එකගත්වය පළ කළා. ඒ වගේම තමයි ඉදිරියේදී කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට අපිට කළ හැකි උපරිම කාර්ය අපි ඉටුකරනවා‘

ඩඩ්ලි සිරිසේන ඇතුළු දේශපාලන හා ව්‍යාපාරික බලවතුන්ගේ සහල් මෝල් වැටලීමට පියවර ගැනීම පිළිබදව අප සමග අදහස් දැක්වූ බොහෝ දෙනෙක් සිය සතුට පළ කළ අතර ඔවුන් සදහන් කළේ සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වීමට තිබුණේ නොවැම්බර් 18 වැනිදා සිට බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.