දුප්පත් රටවල් 100ක මිලියන 60ක් ‘අන්ත හිගන්නෝ’ වෙනවා – ලෝක බැංකුව සහතිකව කියයි

ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ දැඩි සේ පීඩා විදින දිළිදු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටීම ගැන තමා දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් David Malpass කියයි.

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදය සහ ඒ හරහා නිර්මාණය වෙමින් පවතින සංකීර්ණතා ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා පසුගිය දා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු සදහන් කළේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 60ක ජනතාවක් ‘අන්ත දිළිදුභාවයට පත්වනු ඇති බවයි. දිළිදුකම ජය ගැනීම සදහා පසුගිය කාලය තුළ අනුගමනය කළ සියලු ක්‍රියාමාර්ග මේ අනුව බිද වැටෙනු ඇති බව ද ඔහු සදහන් කළේය.

“ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. අපේ ඇස්තමේන්තුව මිනිසුන් මිලියන 60ක් දක්වා ප්‍රමාණයක් අන්ත දිළිඳුභාවයට තල්ලු විය හැකි බවයි. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන් ම මැකී යනවා ‘ඔහු සිය කණස්සල්ල පළ කරමින් කියා සිටියේය.

ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථදක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදු වීමය.

මේ අතර ගෝලීය ආර්ථික අවපාතයක් ගැන සිය අදහස පළ කරමින් ලෝක බැංකුවේ සභාපතිවරයා කියා සිටියේ ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5%කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බවයි.

මෙහිදී කොවිඩු-19 වසංගතයෙන් බැටකන දිළිදු රටවලට තමන් විසින් ලබාදීමට සැලසුම්කර ඇති සහන ගැන ද ඔහු කරුණු අනාවරණය කළේය.

දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

‘කොරෝනාවෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබෛනවා.මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබා දීමට නියමිතයි. ලෝක ජනගහනයෙන් 70%කට නිවහන වී ඇති රටවල් 100ක් සඳහා හදිසි මූල්‍ය ආධාර දැනටමත් ලබා දී තිබෙනවා. ඒත් ලෝක බැංකුව සැලකිය යුතු සම්පත් ලබා දෙමින් සිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ.” ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අවධාරණය කළේය.

මෙහිදී දිළිදු රටවල් මුහුණ පා සිටින තත්ත්වය සහ එයට ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විසදුම් ගැන පැහැදිලි කරමින් ලෝක බැංකු සභාපතිවරයා කියා සිටියේ, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවයි.

“ඒ සඳහා පවතින මන්දගාමී ස්වභාවය ගැන මට යම්කිසි කනස්සල්ලක් තියෙනවා. වාණිජ මට්ටමින් ණය ලබා දෙන්නන් ඉතාමත්ම දුප්පත් රටවලින් පවා තවමත් මුදල් අය කර ගන්නවා. ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබෙනවා.”

G20 කණ්ඩායමට අයත් රටවලින් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් දුප්පත් රටවල් ආපසු ගෙවමින් පවතින වාරික මෙම වසර අවසානය වනතුරු නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව කටයුතු කළ බව ද මැල්පාස් කියා සිිටියේය.

‘ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා. මෙයට කඩිනම් විසදුමක් අවශ්‍යයි” ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර JP Morgan බැංකුවේ ප්‍රධාන විධායක ජෙමී ඩීමන් කියා සිටියේ මීට වඩා සාධාරණ වූ සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සිහිපත් කරවීම සඳහා ලැබුණු “ඇස් අරවන ඇමතුමක්” ලෙස මෙම කොරෝනාවෛරස් වසංගතය භාරගත යුතු බවයි.

“මිනිසුන් වැඩි ප්‍රමාණයකට අවස්ථා සැපයෙන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම අර්බුදය අප යොදා ගනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා; විශේෂයෙන් ම අතිශය දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා සිටි මිනිසුන් වෙනුවෙන්.” ජෙමී ඩීමන් මෙම සටහන ලියා තිබුණේ ලෝක බැංකුවේ කොටස්කරුවන්ගේ වාර්ෂික හමුව අඟහරුවාදා (මැයි 19)පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.

ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාව විසින් තවත් මාස කිහිපයකින් ගෙවීමට ඇති ඩොලර් බිලියන 4.5ක ණය වාරික සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් උද්ගත විය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි.

අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘

නිලධාරීන්ගේ කතා සාප්පු වහලා භූමිය මත වැඩ කළ යුතුයි

‘අපි ණය අරගෙන කළේ කිසිදු ආර්ථික ඵලදායීතාවක් නැති ව්‍යාපෘති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම. දේශපාලනඥයින් තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම ජාතික ධනය සහ විදේශ ණය යොදා ගෙන තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකය තුළ මෙරට ක්‍රියාත්මක කළ කිසිදු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබිලා නැහැ. විශේෂයෙන් කෘෂිකර්මාන්තයේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ගැන නොසලකා දියත් කළ මොරගහකන්ද – කලුගග වැනි ව්‍යාපෘතිවලිනුත් නිවාස වැඩපිළිවෙළ තුළිනුත් කිසිදු ආර්ථික වටිනාකමක් ලැබී නැහැ. අපනයන සංවර්ධනය ගැන හදපු සැලසුම් (සුළු අපනයන බෝග) දේශපාලනඥයින්ව ඔසවා තබන සිහින සාප්පු වුණා මිස ඒවා මේ භූමිය තුළ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් වුණත් අපිට පැහැදිලිව පෙනී යන්නේ කතා සාප්පු කරන බව පමණයි‘ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන හා ආර්ථික විශ්ලේෂක ආචාර්ය ඉන්ද්‍රජිත් හේවාවිතාරණ මහතා සදහන් කළේය.

බී.බී.සී වාර්තාවක් සහ පසුබිම් වාර්තා මත සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.