සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරල් Forbes වාර්තා පොත අලුතින් ලියයි !

සුපිරි ටෙනිස් තරුව රොජර් ෆෙඩරර් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවටත් නයෝමි ඔසාසා ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩිකාව බවටත් පත්ව ඇතැයි ලෝ ප්‍රකට ෆෝබස් සගරාවේ අලුත්ම කලාපය සදහන් කරයි.

ෆොබස් Forbes සගරාව වාර්ෂිකව ලොව වැඩිම වැටුප් ආදායමක් ලබන ක්‍රීකඩ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන අතර එහි 2020 වාර්තාව ඊයේ (29) ප්‍රකාශය පත් විය.

ඔබට මෙම Link එක ඔස්සේ අදාළ සම්පූර්ණ වාර්තාව කියවිය හැකිය –  annual Forbes list

රොජර් ෆෙඩරර් එම වාර්තාවට හිමිකම් කියන්නේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අභිබවා යමින් වීම ද විශේෂත්වයක් වන අතර පාපන්දු තරු අභිබවා ටෙනිස් තරුවක් ලොව වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා බවට පළමු වරට පත්වීම ද විශේෂත්වයකි.

38 හැවිරිදි ෆෙඩරර් පසුගිය වසරේදී ඩොලර් මිලියන 86.2ක් උපයා ඇත.

ෆෝබස් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (ඩොලර් මිලියන 85), තෙවැනි ස්ථානයට ලයනල් මෙසී (ඩොලර් මිලියන 84) සිවුවන ස්ථානයට පාපන්දු තරුවක් වන නෙයිමාර් (ඩොලර් මිලියන 77.5) හිමිකම් කියන අතර පස්වන ස්ථානය ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් (ඩොලර් මිලියන 71.5) විසින් දිනා ගෙන ඇත.

ඉහළම ආදායමක් උපයා ගත් ක්‍රීඩකයින් අතර මුල්පෙළ ස්ථාන තුනක් (2,3,4) පාපන්දු තරු විසින් දිනා ගෙන තිබිම විශේෂත්වයකි (එය සාමාන්‍යෙයන් සිදුවන දෙයකි)

බොක්සර් ටයිසන් ෆියුරි 11 වන ස්ථානයේ (ඩොලර් මිලියන 46.2) වැඩිම ආදායමක් උපයන බ්‍රිතාන්‍ය ජාතිකයා බවට පත්ව ඇත.

ෆෝමියුලා 1 ලෝක ශූර ලුවිස් හැමිල්ටන් ඩොලර් මිලියන 43.7 ක ඉපැයීම් සමඟ 13 වන ස්ථානයට පත්විය.

ජපාන ටෙනිස් තරුව නයෝමී ඔසකා වැඩිම වැටුපත් ලබන ක්‍රීඩිකාව බවට පත්ව ඇති අතර ඇය පොදු ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවේ.

“කොරෝනා වසංගතය පාපන්දු තරු වන මෙසී සහ රොනාල්ඩෝ සඳහා වැටුප් කප්පාදු කර ඇති අතර එය ටෙනිස් ක්‍රීඩකයෙකුට පළමු වරට ලොව වැඩිම වැටුප් ලබන මලල ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත වීමට මග පෑදුවේය” යනුවෙන් ෆෝබ්ස් හි ජ්‍යෙෂ්ඨ කර්තෘ කර්ට් බේඩන්හවුසන් Kurt Badenhausen පැවසීය.

BBC SPORT ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.