Covid-19: එන්නතක් ගැන ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කළ සුවිශේෂ හෙළිරදව්ව

කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙම වසර අවසාන වන විට එන්නත් එකක් හෝ කිහිපයක් නිපදවීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින එන්නත් මාත්‍රාව මිලියන සිය ගණනක් ගබඩා කිරීමට එක්සත් ජනපද රජය සැලසුම් කර ඇතැයි එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් ඊයේ (15) ප්‍රකාශ කළේය.

“ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් Operation Warp Speed” හි කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ.

“නුදුරු අනාගතයේ දී අපට එන්නතක් නිපදවීමට හැකි වනු ඇතැයි අපි සිතමු,” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 

වසර අවසාන වන විට එන්නතක් සොයා ගත නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්ද ? “යම් අවස්ථාවක දී එය පහව යනු ඇත … එය පුපුරා යා හැකිය … නමුත් අපි ගින්න නිවා දමමු.” ට්‍රම්ප් අවධාරණයෙන් පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස ට්‍රම්ප් හිටපු ඖෂධ විධායක විධායක මොන්සෙෆ් ස්ලූයි සහ තරු හතරේ එක්සත් ජනපද ජෙනරාල් ගුස්ටාව් පර්නා (Moncef Slaoui, former pharmaceuticals executive, and Gustave Perna, a four-star US general) නම් කළේය. 

එන්නතක් නිපදවීමේ උත්සාහයන් ජනවාරියේ සාර්ථක වනු ඇත්දැයි මාධ්‍යෙවේදීන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ට්‍රම්ප්ගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු වශයෙන් ට්‍රම්ප් පවසා සිටියේ, බොහෝ සෞඛ්‍ය විශේෂඥයන් පවසා ඇති පරිදි එන්නතක් සංවර්ධනය කිරීමට මාස 18 ක් ගතවනු ඇති බවයි.

” කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීමට පර්යේෂණ සිදු කරන පර්යේෂණ කණ්ඩායම් 100 කට අධික සංඛ්‍යාවක් අප විසින් සොයාගෙන තිබෙනවා” සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් ෆොක්ස් ව්‍යාපාරික ජාලයට පැවසීය.

“අපි දැන් කරමින් සිටින්නේ දේශීය වශයෙන් එන්නතක් නිෂ්පාදනය කිරීම සදහා ඔවුන්ව උනන්දු කරවීමයි. මෙය ඩොලර් මිලියන සිය ගණනක සූදුවක් වගේම දැවැන්ත ව්‍යාපාරයක්. අපගේ ඉලක්කය සාර්ථක වුවහොත් මේ වසර අවසාන වන විට අපට ආරක්ෂිත හා ඵලදායී එන්නත් හෝ ඊට වැඩි ගණණක් නිෂ්පාදනය කිරීමට සහ මාත්‍රා මිලියන ගණනක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා‘ඇලෙක්ස් අසාර් වැඩි දුරටත් පැවසීය.

2020 අවසන් වන විට එන්නත් මාත්‍රාව මිලියන 300 ක් ලබා ගැනීමේ ඉලක්කයක් ධවල මන්දිරය ඇත.

කොවිඩ්මෙ-19 සඳහා කිසිදු එන්නතක් මේ දක්වා අනුමත කර නැත. නමුත් එවැනි එන්නත් ගණනාවක් සංවර්ධනය වෙමින් පවතින නමුත්, ඵලදායී එන්නතක් නිෂ්පාදනය හා බෙදා හැරීම එක්සත් ජනපද වත්මන් ආර්ථික තත්ත්වය තුළ අභියෝගාත්මක වනු ඇතැයි සැලකේ.

ඊට හේතුව වන්නේ පසුගිය මාර්තු මාසයේ සිට පෙර නොවූ විරූ මට්ටමකින් රැකියා අහිමිවීම සහ සිල්ලර මිලදී ගැනීම් පහත වැටීම නිසා එක්සත් ජනපදය මහා අවපාතයට හා දැවැන්ත විරැකියා ගැටලුවකට මුහුණ දී සිටීමයි.

වෛරසය පැතිරීම මන්දගාමී කිරීම අරමුණු කරගත් අගුලු දැමීමේ සීමා කිරීම් නතර කරන ලෙස ඉල්ලා ෆ්‍රින්ජ් සහ අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් එක්සත් ජනපදය පුරා විරෝධතා සංවිධානය කර තිබේ. ඒවාට සහභාගී වන බොහෝ දෙනෙක් ආයුධ සන්නද්ධව සිටින අතර සමහරු ජාතිවාදී ස්ථාවරයන් ප්‍රවර්ධනය කරති.

ට්‍රම්ප් නැවත විවෘත කිරීමට ගත් උත්සාහයන් අගය කොට විරෝධතාකරුවන් “හොඳ මිනිසුන්” ලෙස නම් කර තිබේ. 

කෙසේ වෙතත්, ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය මෙහෙයවන බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි අඟහරුවාදා සෙනෙට් සභාවේ සාක්කි දෙමින් කියා සිටියේ පාසල් හා විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරන විට සිදුවිය හැකි දෙවැනි පිපිරීම වන විට එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

අල් ජසීරා මාධ්‍ය වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.