Covid-19 World Hot: නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඓතිහාසික විරෝධයක

අද (24) දින ප.ව 09.02 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 53,44,539ක් හා මරණ සංඛ්‍යාව 342,695ක් වූ බව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.

එම වාර්තා අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 16,24,276ක් සහ මරණ 97,150ක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 347,398ක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 22,013ක්.

දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යෙයන් වන අතර රය 36,757ක්. රුසියාවෙන් ආසාදිතයින් 344,487ක් වාර්තා වන අතර එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 258,317ක් වාර්තා වෙනවා.

ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 133,725 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 3909ක්. අසල්වැසි පාකිස්ථානයෙන් ආසාදිතයින් 54,601ක් සහ මරණ 1133ක් ද, බංග්ලාදේශයෙන් ආසාදිතයින් 33,610ක් සහ මරණ 480ක් වාර්තා වෙනවා.

මේ අතර ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන බව කියන බෙලරුසියාවෙන් ආසාදිතයින් 36,198 ක් සහ මරණ 199ක් වාර්තා වෙනවා.

මැදපෙරදිග තත්ත්වය

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ලක්ෂ ගණනක් රැකියාව කරන මැදපෙරදිග තත්ත්වය සලකා බලන විට සෞදි අරාබියෙන් ආසාදිතයින් 72,508ක් සහ මරණ 390ක් වාර්තා වෙනවා. ක්ටාරයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 43,714 ක් වන අතර මරණ සංඛ්‍යාව 23ක්. ක්වේට් රාජ්‍යෙයන් ආසාදිතයින් 21,302 ක් සහ මරණ 156ක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 29,485ක් වන අතර මරණ සංඛ්‍යාව 245ක්.

ඇමෙරිකාවේ විරෝධතා

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟා වීමත් සමඟ සිය මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පියවර ගෙන තිබුණා.
 
එක් තීරුවකින් මරණ 1,000ක් නිරූපණය වන පරිදි මියගිය සියලු දෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළේ යැයි එම පුවත් සඳහන් කර තිබුණා
 
‘‘මෙතැන නම් සඳහන් පුද්ගලයන් 1,000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට 1ක් නිරූපණය වෙනවා. මේව නිකම්ම නිකම් සංඛ්‍යා නෙමෙයි’’ කෙටි හඳුන්වාදීමක් කරමින් එම පුවත්පත වාර්තා කර තිබුණා.
 

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.