මාවතගම පළගැටි ‘ආක්‍රමණයේ සැබෑ කතාව’ හෙළිවෙයි !

අන්න අර කියපු සතා ඇවිල්ලාලු, මාවතගම පැත්තේ ඔක්කොම ගහකොළ කනවා කියලයි ආරංචි, මොකක්ද දෙපාර්තමේන්තුව පැත්තෙන් කරන්න යන්නේ – පසුගියදා මහත් හදිස්සියකින් මා හට එම දුරකථන පණිවිඩය ලබාදුන්නේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදකවරයෙකි.

ඇසූ මොහොතේදීම පණිවිඩයේ දිග පළල හරියට තේරුම් නොගියත්, සිදුවී ඇති අලකලංචිය ඔහුගෙන්ම අසා දැනගන්නා තෙක් මම ඉවසිලිවන්ත වුනෙමි. කියපු සතා යනුවෙන් ඔහු හැඳින්වුයේ කාන්තාර පළඟැටියාය.

සියලු සේවාවන්ගෙන් විශ්‍රාම ලබා සිටියත්, ලොවපුරා කෘමි සතුන්ගේ පර්යටනයන් ගැන විමසිලිමත් වෙමින් ‘අංජනම් බලන’ කීර්තිමත් කීට විද්‍යාඥ මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතා සැපයූ තොරතුරු ඇසුරෙන් “රටක් කාන්තාරයක් කල හැකි පළඟැටි සේනාවක්” නමින් lankaepress.com වෙත මා විසින් ලිපියක් ලියුවේ පසුගිය පෙබරවාරි 15 වෙනිදාය. http://lankaepress.com/2020/02/15/සේනා දළඹුවා මෙහි එන්නටත් පෙර, ඒගැන පළමු බුද්ධි තොරතුර මට ලබාදුන්නේද මේ මහාචාර්යවරයාමය. ටීවී සහෘදයාට කාන්තාර පළඟැටි පුවත අමතක වී නැති බවක් පෙනේ.

සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ

මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය

පෙබරවාරි මාසය වනවිට අප්‍රිකාවේ සිට සංක්‍රමණය වෙන කාන්තාර පළඟැටි හමුදාව සිටියේ උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය අවටය. අනතුරක් ඇති බව එදා ලියා තැබුවත්, ලාංකිකයින්ගේ පමණක් නොව ලෝකයේම අවධානය පසුගිය දිනවල යොමුව තිබුනේ වයිරසයක් වෙතටය. ගෙවල් අස්සට හිරවී, සාමාන්‍ය හෙම්බිරිස්සාවට පවා බයේ ගැහෙමින් පසුගිය කාලය ගෙවා දැමූ මිනිසුන්ට, කාන්තාරයේ සිට නොව පිට සක්වලෙන් ඇවිත් ගහකොළ කෑවත් ඇඟට දැනෙන බවක් නම් ඒ කාලයේ නොපෙනුණි.

“කෘෂිකර්ම බලධාරීන්ගේ ආරාධනයෙන් මමත් ගියා පසුගිය සතියේ මාවතගම පළඟැටි උවදුර බලන්න. ඒ වෙනවිට සතා පැතිරිලා හිටියේ අක්කර තුනක පමණ වපසරියක පමණයි. පොල් ගස් දිගේ පවා පළඟැටියන් ඉහල නගින බව පෙනෙන්නට තිබුණා. ඊට අමතරව මේරූ පොල්කොළ පවා ඔවුන් ආහාරයට ගත්ත. එතන සිටි සතුන්ගෙන් වැඩි හරියක් ලාබාල සතුන්. හරියට පිහාටුවත් හැදිලා නෑ. ඒ නිසා පියාසර කරමින් ව්‍යාප්තියක් සිදුවෙන්නෙත් නෑ. මේ වෙලාව තමයි මර්දනය කරන්න හොඳම අවධිය – ආරංචියේ සත්‍ය අසත්‍ය බව විමසනු අටියෙන් සම්බන්ධකරගත් පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එසේ පවසන්නට යෙදුනි.

පළඟැටියන් බිත්තර දමන්නේ පස තුළයි. ඉන් පිටතට බිහිවෙන්නේ ‘ශිශුවා’ නමින් හඳුන්වන, මවු සතාට බොහෝදුරට රූපාකාරයෙන් සමාන කුඩා සතෙකි. හතර පස් වතාවක් හැව අරින ශිශුවා ඒ සෑම අවස්ථාවකදීම දේහය විශාල කර ගනිමින් මවු සතාගේ රූපාකාරයට තව තවත් ළංවේ. මේ අනුව ගිය සතියේ මාවතගම සිටි ගහනයේ වැඩි දෙනා මෙවැනි ශිශුවන් බව මාරඹේ මහතා සඳහන් කර සිටී.

සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

ගින්නට හේතුව කහ තිත් පළඟැටියා

සත්ව විද්‍යාත්මකව මේ පළඟැටියා අවුලාචෙස් මිලියාරිස් (Aularches miliaris) යන නමින් හඳුන්වත්දී අප පුරුදුවී සිටින්නේ ‘කහ තිත් පළඟැටියා‘ යන නමින් අමතන්නටය. ඇතැම් විට ‘කෝපි පළඟැටියා‘ (Coffee Locust) වශයෙන් නම්කරන අවස්ථාද තිබේ. තවත් ඇතැම් ජාත්‍යන්තර විස්තරවල ‘හොල්මන් තණකොළපෙත්තා’ ලෙස නම්කර ඇත්තේ ඇයිදැයි යන්නනම් අපැහැදිලිය.

කෙසේ වෙතත් සතුරෙකුට හසුවූ කල පළඟැටියන්ට ආවේනික ආකාරයට මොවුහුද රළු හඬක් නගති. එපමණක් නොව උරස ප්‍රදේශයෙන් අල්ලා ගතහොත්, අප්‍රසන්න ගඳකින් හා තිත්ත රසයකින් යුත් පෙන සහිත තරලයක් පිටකරන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙනි.

තවත් විස්තර ටිකක් දැනගන්නට මහාචාර්ය ලයනල් නුගලියද්ද මහතාව සම්බන්ධ කර ගතිමි.

“කෘමිනාශක යොදමින් සතුන් සමූලඝාතනය කරන එක නෙවෙයි අපේ ක්‍රමවේදය හා නිර්දේශය. කහ තිත් පළඟැටියා මෙහෙ සතෙක්. පිටින් පැමිණි කෙනෙක් නෙවෙයි. ප්‍රදේශවාසීන් පැවසුවා පසුගිය වසරේදීත් මේ කාලේදී යම් තරමකට සත්තු හිටිය කියල. මේ සතුන් සාමාන්‍යයෙන් කැලේ ජීවත් වෙන අය. පරිසරයේ කිසියම් දේශගුණික වෙනසක් ඔවුන්ගේ ප්‍රජනනයට හිතකරව බලපෑම නිසා ගහනය වැඩිවෙන්න ඇති. ඒ නිසා ඔවුන් මිනිස් වාසස්ථාන අවට ප්‍රදේශ වලට ඇවිත් දකින දකින දේ කන්න පටන් ගත්ත. මම දුටුවා තේක්ක ගහක වහල පොත්ත පවා කනවා.”

සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ

මර්ධනය ස්වභාව ධර්මයට දෙන්න බැහැ

මෙවැනි වසංගතයක් පැමිණිවිට ස්වභාව ධර්මයාගේ මර්දනයකින් තත්වය තුලිත වෙනතුරු කල්මරන්නට නොහැකි බවද හෙතෙම පවසා සිටී.

“අද රටේ ලොකු වගා සංග්‍රාමයක් දියත්වෙනවා. හැමෝම උනන්දුවකින් අස්සක් මුල්ලක් නෑර බෝග වවනවා. මේ නිසා සුළු කෘමි හානියක් වුණත් ජනතාවට දැනෙන ප්‍රමාණය වැඩියි. සත්තුන්ටත් සාධාරණ කොටසක් කන්න දීල, ඉතුරුවෙන දෙයක් සතුටින් බාරගන්න පුළුවන් තත්වයක නෙවෙයි ජනතාව ඉන්නේ. අනාගත ආහාර අවශ්‍යතාවය ඒ තරමටම වැදගත්. ඒ නිසා තමයි අපි අකමැත්තෙන් වුවත් රසායනික මර්දනයකට ගියේ.”

මහාචාර්ය නුගලියද්ද ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥ බලඇණිය එදා සිටම උපදෙස් දෙන්නේ පලිබෝධකයින්ගේ ස්වභාවික සතුරන්, සාම්ප්‍රදායික මර්දන ක්‍රමවේදයන්, දේශීය ශාකසාරයෙන් නිපදවන පරිසර හිතකාමී පළිබෝධනාශක වැනි මෙකී නොකී සියල්ල හවුල් කරගනිමින් සටන දියත් කරන්නටය. ‘ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය‘ යනුවෙන් ඔවුන් ගොවීනට හඳුන්වාදෙන්නේ එයයි. කෙසේ වුවත් පවතින තත්වය හමුවේ වෙනත් විකල්පයක් ඔවුන් සතුව නැති බවද පැහැදිලිය. අවම බලය පාවිච්චි කරන්නා සේ පළඟැටි මර්දනය සඳහා කෘමිනාශක ලෙස ඔවුන් යොදාගෙන ඇත්තේද ක්ෂීරපායී සතුන්ට විෂ නොවන පයිරත්‍රොයිඩ් කාණ්ඩයට අයත්, ඉතා සැහැල්ලු පළිබෝධනාශකයන්ය.

පොල් පර්යේෂණායතනයේ කතාව

පොල් පර්යේෂණායතනයේ අදහසට අනුවනම් මොහු ඔවුනට හොඳට හුරුපුරුදු සත්වයෙකි. ඒ නිසා පොල්ගස්වල වෙසෙන මෙම සතුන් මර්දනය කිරීමට විශේෂ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බව ඔවුන් පවසන්නේ ඒ හරහා ආර්ථික හානියක් සිදුවන්නේ නැති නිසාය.

කෙසේ වෙතත් ශාක ආරක්‍ෂණ පනත ක්‍රියාත්මක කරනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිසා හානිකර පලිබෝධ ආක්‍රමණයක් දුටු තැන ශාකය කුමක්දැයි යන්න ඔවුනට අදාළ නොවේ. මේ තත්වය වඩාත් බරපතල වන්නේ පොල්ගස්වල නිදහසේ රැකවරණය ලබමින් සිට ඊට යාබද ගෙවතු වැනසීමට පළඟැටියා අකාරුණිකවන විටදීය.

මේ වන විට පොල් පර්යේෂනායතනයත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් යන දෙපාර්ශවයම වගා ආරක්ෂණය යන පොදු අරමුණ වෙනුවෙන් එකඟතාවයෙන් හා සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට තීරණය කර තිබීම නිසා පළඟැටියාට පොල්ගස් මත සිටිනාතෙක් නිදහසේ ජීවත්වෙන්නටත්, ගෙවතු වගාවන් වෙත පැමිණ දඟකළහොත් දඬුවම් විඳින්නටත් සිදුවෙන බවනම් පැහැදිලිය. මාවතගම ප්‍රදේශයේ තිබුණු පළඟැටි ආක්‍රමණය දැන් මුළුමනින්ම පාලනය කර තිබේ.    

පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (0812388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාන්තාර පළගැටියාගේ අවධානම තව දුරටත් !   

කාන්තාර පළඟැටියාගේ ආගමය ගැන වූ අවදානම පහවී නැති බවද සිහි තබාගත යුතුවේ. දැනටත් ඔවුන් ඉන්දියාවේ වගා බිම් වනසමින් සිටී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් කාන්තාර පළඟැටි ආක්‍රමණයක් පැමිණියහොත් ක්‍රියාත්මක වීම සඳහා කාර්යසාධක බලකායක් පවා පත්කර තිබෙන බවටත් දැනගන්නට තිබේ.

අභියෝග ජයගැනීමට ඇති සහජ හැකියාව කොවිඩ් යුද්ධය හරහා මේ වනවිටත් අප විසින් ලොවටම පෙන්වාදෙමින් සිටිනා තත්වයක් යටතේ, ඉදිරි අවශ්‍යතාවය වන්නේ විමසිල්ලෙන් සිටීම පමණි. පරිසරයට නුහුරු නුපුරුදු පළඟැටි හමුදාවක් පැමිණ සිටිනා බව දුටු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවය (081- 2388316) හෝ ගොවි සරණ සේවාව (1920) අමතා දන්වන ලෙස කෘෂි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාන්තාරයේ සිට ආවාදැයි සැකයෙන් ගමේ කෙනා ගැනත් ‘පොලීසියට’ දන්වා පෙරහුරුවක්ද ලබා ඇති හෙයින් වැඩ කටයුතු දැන් ඉතින් තවත් පහසුවෙනු ඇත. අප විශ්වාස කරන්නේ ඉන්දීය මහාද්වීපය හරහා සතුන් පැමිණිය යුතු නිසා වඩාත් අවකාශ ඇත්තේ ඊසාන දිග මෝසම් සුළං ධාරා සමග මෙහි එන්නටය. එම සුළං සක්‍රිය වන්නේද ඔක්තෝබරයෙන් පසුවය.

ලොව කළඹන සුළං ධාරා ගැන සිතන විටදී අපගේ දිවයින කුඩා ගොඩබිමක් පමණක් වන බැවින්, ඊට පෙර කාලය වුවද අවදානම් නොවන්නේයැයි සිතිය යුතු නැත. කෙසේ වෙතත් කාන්තාර සේනාව පැමිණෙන්නේ ලක්‍ෂ කෝටි ගණනින් නිසා, ගෙවත්තේ මල් පඳුරු අතර ඔබමොබ සැරිසරමින් මුකුළු කරන තණකොළ පෙත්තන් ජෝඩුවක් දෙකක් දුටුවිට, උන්ගේ නිදහසට නම් බාධාවක් නොකරන්නේ නම් මැනවි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.