වාර්ෂිකව බිලියන 250ක් ගිලින පළාත් සභා සුදු අලියා දිගටම තියා ගන්නවාද ? නැද්ද ?

මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතුය. පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැය කරන බව මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයේ දක්වයි.

මහ මැතිවරණයට තරග කරන සියළු දේශපාලන පක්ෂ, දැනට අක්‍රීය වී ඇති පළාත් සභා ක්‍රමය ගැන සිය පැහැදිලි ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතු බව හිටපු අමාත්‍ය, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

13 වැනි සංශෝධනයෙන් ඇති කරන ලද මෙම ක්‍රමය අහෝසි කරන පියවර ගත යුතු බව ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

පළාත් සභා අහෝසි කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ශක්තිමත් කළ හැකි අතර මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරන සමීප පරිපාලන ව්‍යුහය වශයෙන් පවත්වාගෙන යා හැකි බව ද පෙන්වා දෙයි.

13 වැනි සංශෝධනය 1987 දී ක්‍රියාත්මක කර තිබේ.  පළාත් මටට්මින් බලය ඛෙදා හැරීමෙන් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසදුමක් වනු ඇතැයි අපේක්ෂා කළේය. එහෙත් අකාර්යක්ෂම, මුදල් නාස්ති කරන සහ ජනතාවට ප්‍රයෝජනයක් නැති තත්ත්වයට පත්ව තිබේ. පළාත් සභා අහෝසිකර ඒ වෙනුවට සෙනෙට් මණ්ඩලයක් පත් කළහොත් අඩුම තරමින් ඛෙදීම් තුරන් කරන විද්වත් මණ්ඩලයක් වශයෙන් ක්‍රියා කරනු ඇති බව ද මිලින්ද මොරගොඩ මහතා දක්වයි.

කරුණු දෙකක් මෙහි දී දේශපාලන පක්ෂ වල අවධානයට ඉදිරිපත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් පලාත් සභා විසුරුවා හැර අකී්‍රයව ඇති බව පළමු කාරණයෙන් පෙන්වා දෙයි. සබරගමුව (2018 සැප්. 26), නැගෙනහිර (2018 සැප්.30), උතුරු මැද (2018 ඔක්. 01), මධ්‍යම ( 2018 ඔක්. 08), වයඹ (2018 ඔක්. 10), උතුර (2018 ඔක්. 25), දකුණ (2019 අප්‍රි. 10),  බස්නාහිර (2019 අප්‍රේල් 21) සහ ඌව (2019 සැප්.08) වැනි දින නිල කාලය අවසන්වීමෙන් හෝ විසුරුවා හැරීමෙන් පසු ජනතා නියෝජනයක් රහිතව පවතී.

මෙම කාලය තුළ ජන ජීවිතයට අපහසුතාවයක් වී තිබේදැයි මහජනතාව තීරණය කළ යුතුය. පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 250 ක් වැය කරන බව මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයේ මතු කරන දෙවැනි කාරණය වශයෙන් දක්වයි.

පළාත් සභා අහෝසි කිරීමෙන් මෙම වියදමෙන් සෑහෙන කොටසක් ඉතිරි කරගත හැකි වනු ඇති අතර අතරමැදි ක්‍රමය තුරන් කිරීමෙන් ජනතා සේවය වඩාත් කාර්යක්ෂම කළ හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.