වැසිකිළි කොමඩය Flushing මගින් Covid-19 ආසදනය විය හැකියි !

කොමඩය සහිත වැසිකිළි Flushing  කිරීම මගින් කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අගවා තිබෙනවා. වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිදිති මගින් කොරෝනා වෛරසය ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදා හරින බවයි ඔවුන් විසින් කළ පර්යේෂණ මගින් හදුනා ගෙන තිබෙන්නේ.

චීනයේ යාන්ෂෝ විශ්ව විද්‍යාලයේ (Yangzhou University) විද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද පරිගණක ආකෘතියට අනුව බිංදු වලට බිම් මට්ටමේ සිට අඩි 3 ක් හෝ සෙන්ටිමීටර් 91 ක් දක්වා ගමන් කළ හැකියි.

මෙහිදී විද්‍යාඥයින් පවසන්නේ කොමඩය ෆ්ලෂ් කිරීමට පෙර පියන වසා දැමීමෙන් මෙය වළක්වා ගත හැකි බවයි.

කොරෝනා වෛරසය පැතිරෙන්නේ කැස්ස සහ කිවිසුම් වලින් පිටවන ජල බිඳිති හෝ ඒවායින් දූෂිත වස්තූන් මගිනි.

ආසාදිත පුද්ගලයින්ට ඔවුන්ගේ මළ මූත්‍රාවල වෛරසයේ හෝඩුවාවන් තිබිය හැකිය. නමුත් මෙය රෝගය අන් අය වෙත සම්ප්‍රේෂණය වීමේ තවත් ක්‍රමයක් විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

ඇතැම් පුද්ගලයින් හට කොරෝන වෛරස් ආසාදනය වී ඇත්තේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයින් අපජලය පරීක්ෂා කරමින් සිටිනවා.

අනෙකුත් වෛරස් පැතිරී යා හැක්කේ දුර්වල වැසිකිළි සනීපාරක්ෂාවෙන් බවයි පර්යේෂණයෝ වැඩි දුරටත් සදහන් කරන්නේ.

වැසිකිළි බඳුනට ජලය ගලා බසින විට එය පැත්තට පහර දෙන අතර කැළඹිලි සහ ජල බිඳිති ඇති කරයි. චීනයේ යැංෂෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කතුවරයා වන ජි-ෂියැං වැන්ග් (Ji-Xiang Wang) සහ සගයන් පවසන පරිදි ජල බිඳිති ඉතා කුඩා බැවින් ඒවා විනාඩියකට වඩා වැඩි කාලයක් අහසේ පාවෙයි.

බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ බ්‍රිස්ටල් එයරොසෝල් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Bristol Aerosol Research Centre at the University of Bristol) ආචාර්ය බ්‍රයන් බ්ස්ඩෙක් (Dr Bryan Bzdek) පැවසුවේ කොරෝනා වෛරසය මේ ආකාරයෙන් පැතිර යා හැකි බවට පැහැදිලි සාක්ෂි නොමැති වුවද පූර්වාරක්ෂාව ගැනීම අර්ථවත් බවයි.

“අධ්‍යයන කතුවරුන් යෝජනා කරන්නේ, හැකි සෑම අවස්ථාවකදීම අපි වැසිකිළි ආසනය පහත් කොට තබා ගත යුතු බවත්, වැසිකිළි ආසනය සහ වෙනත් සම්බන්ධතා ස්ථාන නිතරම පිරිසිදු කළ යුතු බවත්, වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු අත් සේදිය යුතු බවත්ය. මෙම පියවර මගින් SARS-CoV-2 වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු කරනු ඇති බව පෙන්වීමට මෙම අධ්‍යයනයට නොහැකි වුවද, තවත් බොහෝ වෛරස් සම්ප්‍රේෂණය වන්නේ මළ මූත්‍ර මාර්ගයයෙන්. ඒ නිසා මෙම පර්යේෂණය සහ එමගින් ඉදිරිපත් කරන නිර්දේශ හොඳ සනීපාරක්ෂක පිළිවෙත් වශයෙන් සැලකිය යුතුයි. එනිසා ඒවා අනුගමනය කිරීම කිසිසේත් අවාසියක් නොවෙයි”ආචාර්ය බ්‍රයන් බ්ස්ඩෙක් වැඩි දුරටත් සදහන් කරයි.

2020 ජූනි 18 වැනි දින බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.