Covid-19 Today Update: ලංකාවෙන් ආසාදිතයින් 40ක් – ඉන්දියාවෙන් 15,000කට වඩා ආසාදිතයින්

ශ්‍රී ලංකාවෙන් අද (23) දින කොවිඩ්-19 ආසාදිතයින් 40 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දින හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් අතරින් 29 දෙනකු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 11 දෙනා ඇමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1548ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 54ක්.

ගෝලීය තත්ත්වය

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා සම්පත් මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අද දින නව යාවත්කාලීන කිරීම් අනුව අද දිනය වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 9,154,232ක් දක්වා ද මරණ සංඛ්‍යාව 473,650 දක්වා ද වර්ධනය වී තිබෙනවා.

ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් අඛණ්ඩව සිදු වූ පරිදි ඇමෙරිකාවෙන් වාර්තා වන අතර එය 2,325,970 ක් වෙනවා. ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 120,771ක් වන අතර බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,106,470ක් සහ මරණ සංඛ්‍යාව 51,271ක් වෙනවා.

රුසියාවෙන් ආසාදිතයින් 598,878ක් සහ මරණ 8349 ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 440,215  ක් සහ මරණ 14,011 ක් වාර්තා වෙනවා.

ආසාදිතයින් 100,000 වාර්තා කළ ප්‍රථම අප්‍රිකානු රට බවට දකුණු අප්‍රිකාව පත්ව ඇති අතර එහි ආසාදිතයින් සංඛ්‍යාව 101,590 ක් සහ මරණ සංඛ්‍යාව 1991ක්.

මේ සමග කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂය පසු කළ රටවල් සංඛ්‍යාව 19ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අද දින ගෝලීය තත්ත්වය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද (23) දිනය තුළ ලෝකයෙන් වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර එය 15,988ක්. ඇමෙරිකාවෙන් අද දිනය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 474ක් වන අතර ඉන්දියාවෙන් ආසාදිතයින් 15,380ක් ද මරණ 468ක් ද වාර්තා වී තිබෙනවා.

බ්‍රසීලයෙන් ආසාදිතයින් 6082ක් සහ මරණ 95ක් වාර්තා වී ඇති අතර රුසියාවෙන් ආසාදිතයින් 7425ක් ද 153ක් ද වාර්තා වී තිබෙනවා.

එක්සත් රාජධානියෙන් නව ආසාදිතයින් 921ක් සහ මරණ 280ක් වාර්තා වී තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.