Fair & lovely ඕනැ නෑ – ‘කළු කෙල්ලෝ සුන්දර බව’ Dusky girl බිපාෂා බාසු කියයි

මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි

විශාල රූපලාවණ්‍ය සන්නාමයක් (මේ කතා කරන්නේ බහුජාතික සමාගමක් වන ‘යුනිලිවර්‘ සමාගමේ ප්‍රධාන රූපලාවන්‍ය නිෂ්පාදනය වන Fair & lovelyගැනය – සංස්කාරක) ඔවුන්ගේ නිෂ්පාදන රාශියකින් ‘Fair’ (Fair යන වචනයට මලලසේකර ශබ්ද කෝෂයට අනුව සිංහල භාෂාවෙන් තේරුම් රැසක් ඇති අතර එය මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ‘ශෝභන, පැහැදිලි, සතුටුදායක, නිර්දෝෂ, කළු නොවූ ආදි වශයෙන් ගත හැකිය – සංස්කාරක) යන වචනය ඉවත් කිරීමත් සමඟ ඉන්දියාව ද ප්‍රමුඛව ලොව පුරා විවාද කිහිපයක් ඇරඹී තිබේ. 

ව්‍යාපාරික ලාභය එකම අරමුණ කරගත් සමාගමක් විසින් සිය නිෂ්පාදනය අලෙවි කර ගැනීම සදහා ‘කාන්තාවන්ගේ සමේ පැහැය fair විය යුතුම යැයි‘ සිතීමට සැලැස්වීම වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ අතර අවසානයේ මෙම දෝෂ සහිත සිහිනය / වචනය විකිණීමේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බව පෙනේ. 

මේ සම්බන්ධයෙන් බොලිවුඩ් නිළියන් බොහෝ දෙනෙක් (ඔවුන් මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කළාය) තවමත් මුනිවත රකිමින් සිටියදී (ඔවුන් නිහැඩියාව බිදී යැයි විශ්වාස කළ නොහැක) ජනප්‍රිය බොලිවුඩ් නිළි බිපාෂා බාසු සිය හඩ අවධි කළා. ඇය අවධාරණාත්මකව කියා සිටියේ ‘මගේ සමේ පැහැය මාව නිර්වචනය කළේ නැහැ – My skin colour didn’t define me‘ කියායි.

මේ ගැන සේම තවත් බොහෝ දේ ගැන බිපාෂා සමග ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්‘ සගරාව කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වෙනවා.

බොලිවුඩ් නිළි බිපාෂා බාසු බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වශයෙන් සිය වෘත්තීය මාවත ගැනත් ඇගේ සමේ පැහැය ගැන සැමවිටම විශ්වාසයෙන් සිටින අතර ඇය ඒ ගැන විවෘතව කතා කිරීමට ද බියක් දක්වන්නේ නැත. සැබවින්ම ඇය විවෘතය. විවේනාත්මකය.

fair & lovely හි ‘ව්‍යාජ‘ රංගනය හමුවේ සිය හඩ අවධි කරන බිපාෂා සමාජ මාධ්‍ය සටහනක මෙසේ සටහන් කළාය.

“මම වැඩෙන කාලයේ සිටම ‘බොනී සෝනිට වඩා අඳුරු යි. ඇය ටිකක් අඳුරුයි නේද? – Bonnie is darker than Soni. She is little dusky na? මම මේ වචන නිතරම අසා ඇත්තෙමි. 

මගේ අම්මා අඳුරු සමක් ඇති (Dusky beauty)  රූමත් කාන්තාවක් වුවද මම බොහෝ දුරට ඇය වගේමයි. මම පොඩි කාලේ මගේ සමේ පැහැය දුර බැහැර ඥාතීන්ගේ සාකච්ඡාවට ලක් වුණේ ඇයි කියලා දැනගෙන හිටියේ නැහැ. ඒත් වැඩි කල් නොගොස් අවුරුදු 15-16දී පමණ මම නිරූපණ කටයුතු ආරම්භ කළ අතර පසුව මම Supermodel contest ජය ගත්තා. සියලුම පුවත්පත් මා ගැන කතා කළා. ලිව්වා. ඒත් ඒක කළේ එක්තරා නාම විශේෂණයක් සමග. ‘කොල්කටාහි අඳුරු ගැහැණු ළමයා ජයග්‍රාහිකාවයි – Dusky girl from Kolkata is the winner.

මම නැවත කල්පනා කළේ ඇයි ‘අඳුරු – Dusky) මගේ පළමු නාම විශේෂණය වන්නේ ???

පසුව මම නිරූපිකාවක් ලෙස වැඩ කිරීම සඳහා නිව්යෝර්ක් සහ පැරිස් වෙත ගිය අතර මගේ සමේ වර්ණය ඔවුන්ට වඩා වෙනස් බව මට වැටහුණා. මගේ සමේ අදුරු පැහැය නිසා මට වැඩි වැඩ සහ අවධානය ලැබුණා. එය මගේ තවත් සොයා ගැනීමක්‘

බිපාෂා බාසු

“ මම නැවත ඉන්දියාවට පැමිණ චිත්‍රපට ගමන / රගපෑම ආරම්භ කළා. අවසානයේ මම මගේ පළමු චිත්‍රපටය කළා. හදිසියේම මාව පිළිගෙන ආදරය ලැබුවා. නමුත් ඒ වන විට මම කැමති හා ආදරය කිරීමට පටන් ගත් නාම විශේෂණය තිබුණා. 

‘ඩස්කි දැරිය සිය මංගල චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයින්ට විස්මයට පත් කරයි – DUSKY girl wows the audiences in her debut film

මා විසින් කරන ලද සියලු කාර්යයන් සඳහා මගේ බොහෝ ලිපිවල, මගේ සමේ අඳුරු බව ප්‍රධාන සාකච්ඡාව ලෙස පෙනෙන්නට තිබුණා. එයට හේතුව මගේ ලිංගික ආයාචනයයි. මාව බොලිවුඩයේ සරාගී නිළියක් (sexy in Bollywood) ලෙස පිළිගැනීමට පටන් ගත්තා. මම කවදාවත් මෙය තේරුම් ගත්තේ නැහැ.

මට සරාගී බව යනු ඔබේ සමේ වර්ණය පමණක් නොවේ … මගේ සමේ වර්ණය එකල සාම්ප්‍රදායික නිළියන්ගෙන් පමණක් මා වෙන් කරන්නේ ඇයි? නමුත් එය එසේ ම වුණා. මම ඇත්තටම එතරම් වෙනසක් දුටුවේ නැහැ. නමුත් මම හිතන්නේ මිනිසුන් එසේ සිතුවා. රූපලාවණ්‍යය පිළිබඳ දැඩි මානසිකත්වයක් සහ නිළියකගේ පෙනුම හා හැසිරීම කෙසේ විය යුතුද යන්න ඔවුන් තුළ මුල් බැගත් අදහසක් ලෙස තිබුණා. එය පෙන්වා දුන් පරිදි මම වෙනස් වුණා. මම ආදරය කරන සෑම දෙයක්ම කිරීමෙන් හා මාව වැළැක්වීම ඇත්තෙන්ම නතර කළේ නැහැ. ”

බිපාෂා බාසු

බිෂාපා සිය හෘදයාංගම බව හෙළි කරමින් මෙසේ පැවසුවාය.

“හොඳයි, කුඩා කල සිටම මම කවුරුන්ද යන්න ගැන මට විශ්වාසයක් හා ආඩම්බරයක් තිබුණ බව ඔබට තේරෙණවා ඇති. මගේ සමේ වර්ණය මා නිර්වචනය කළේ නැහැ … මම එයට ආදරය කළා. එය කිසි විටෙකත් මගේ සමේ වර්ණය වෙනස්කර ගන්න මම කැමති වුණේ නැහැ. 

ඒත් පසුගිය අවුරුදු 18 තුළ මට Skin care නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුණා. එම ඉල්ලීම් පිටුපස දැවැන්ත මූල්‍ය අනුග්‍රහයක් තිබුණා. ඒත් මම සෑම විටම මගේ මූලධර්මයට එකගව කටයුතු කළා. 

මේ සියල්ල නැවැත්විය යුතුයි. අප විකුණන මේ වැරදි සිහිනය -This wrong dream that we are selling … රටේ බහුතරයකට දුඹුරු පැහැති සමක් ඇති විට එය සුන්දර යි. එය අපකීර්තියක් නෙවෙයි. දැන් එක දැවැන්තයෙක් එක් පියවරක් තබා තිබෙනවා. අනෙක් වෙළඳ නාමයන්ද එම අඩිපාරේ ගමන් කළ යුතුයි” බිෂාපා සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් පැවසුවා.

බිපාෂා බාසු

2020 ජූනි 26 වැනි දින ෆිල්ම් ෆෙයාර් හි පළ වූ ලිපියක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.