තත්ත්වය භයානකයි – නිවැරදි තීන්දු නොගත්තොත් රටම අනතුරේ !

බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැුල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. මෙහිදී වත්මන් තත්ත්වය ගැන සිය නිරීක්ෂණ පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ කොරෝනා ආසාදිතයන් දෙවැනි වටයේ දී වැඩි වශයෙන් හමුවුණ ප්‍රදේශයවලට යළිත් සංචරණ සීමා පැනවිය යුතු බව තම සංගමයේ අදහස බවයි.

‘අපි යළි යළිත් අවධාරණය කරන්නේ පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගන්නේ නම් යළිත් රට වසා දැමීම වැනි බරපතල තීරණ ගැනීමට සිදුවනු ඇති බවයි. ඒ නිසා වැඩි වශයෙන් ආසාදිතයින් හමුවන ප‍්‍රදේශවලට සංවරණ සීමා පැනවිය යුතු බවයි අපි විශ්වාස කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි අද සවස ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා’

එහිදී මේ මොහොතේ ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමටත් අපි පියවර ගන්නවා‘

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.