සංක්‍රමණික සේවකයින් ගැන ‘විදේශ ලේකම්ගෙන් විශේෂ හෙළිදරව්වක්’

දැනට එහි පවතින අ‍ඳුරු ස්වභාවය මධ්‍යයේ වුව ද, වර්තමාන තත්ත්වය බොහෝ ආකාරවලින් ඇස් අරවන්නක් බවත්, එය ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණයේ ව්‍යුහාත්මක, ක්‍රියා පටිපාටික සහ මානව අතුරු මුහුණත් පිළිබඳ නොගැලපීම් නිවැරදි කිරීමට උපකාරී වන බවත් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සහ සංක්‍රමණික ශ්‍රමලාභී රටවල භූමි යථාර්ථයන් පිළිබඳව සංවේදී වන පශ්චාත් කොවිඩ්-19 ලෝකයක, විදේශ රැකියා නැවත දිශානත කිරීමට ශ්‍රී ලංකාවට මඟින් අවස්ථාවක් සපයන අතර, ශ්‍රී ලංකාව විසින් අනාගත ලෝකය වෙත සපයන විදේශ රැකියා පිළිබඳ පියසටහන – බොහෝ විට කුඩා වුවත්, වඩාත් දක්ෂ හා වඩාත් තිරසාර විය හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ දී විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරයඅභියෝග සහ අවස්ථා යන තේමාව යටතේ වීඩියෝ සබැඳියක් ඔස්සේ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ (OPA) 33 වැනි වාර්ෂික සැසිවාරය අමතමින් විදේශ ලේකම්වරයා මෙම ප්‍රකාශය කළේය.

ප්‍රත්‍යාගමනය – ආපදා සහ අවස්ථා යන තේමාව මත 2020 ජුනි 27-28 දිනවල දී ඩිජිටල් සම්මන්ත්‍රණයක් ලෙස පවත්වන ලද මෙම වසරේ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සැසිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමාරම්භ කරන ලදී.

කොවිඩ්-19 අර්බුදය හේතුවෙන්, එතෙර සිටින ලේඛනගත නොවූ/අක්‍රමවත් එමෙන්ම, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සත්කාරක රටවල දී වෛද්‍ය සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නුසුදුසු, එසේම අනාවරණය වුවහොත් පිටුවහල් කරනු ලැබීමේ අවදානමට ද ලක්විය හැකි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිබඳව හෙළිදරව් වී ඇති බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. එමෙන්ම, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී තිබීම සැලකිල්ලට භාජනය විය යුතු කරුණකි. සමහරු, ආරම්භයේ දී රටින් පිටව යන මොහොතේ ලියාපදිංචි වූ නමුත්, පසුව ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් නොකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලියාපදිංචි සංක්‍රමණික සේවකයින්ගේ ප්‍රතිශතය 96.8% ක් වන පිලිපීනය වැනි රටවල සංක්‍රමණික කම්කරුවන් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක ප්‍රතිලාභ භුක්ති විඳීම පිණිස ලියාපදිංචි වන ලෙස ඔහු ඔවුන්ගෙන් තරයේ ඉල්ලා සිටියේය.

නීත්‍යානුකූල අය සම්බන්ධයෙන් වුවද, කොවිඩ්-19 හි ප්‍රතිඵලයක් ලෙස රැකියා වෙළඳපොල සංකෝචනය වෙමින් පවතින අතර, විශේෂයෙන්ම, ඉහළයමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිද්ධීන් හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ දුරට අසරණ වී ඇත. මෙම වසරේ දී රැකියාව සඳහා පිටත්ව යන සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ බරපතල හිඟයකට මෙය හේතු විය හැකි බවත්, එමඟින් සේවක ප්‍රේෂණ පහත වැටෙනු ඇති බවත් සඳහන් කෙරිණ. 2019 වසරේ දී සංක්‍රමණික සේවකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සඳහා වූ ප්‍රේෂණය 25.5% ක් වූ අතර, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එහි දායකත්වය දළ වශයෙන් 8% ක් විය.

වර්තමාන තත්ත්වය ‘තිරසාර හා සාධාරණ ආර්ථිකයන්’ සහතික කළ හැකි වඩාත් ඉදිරි දැක්මකින් යුතු හා ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ගොඩනැගීමට ඉවහල් වන බව ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. ආසියානු සංක්‍රමණික ශ්‍රමය සපයන රටවල් එකට එකතු කරන සහ ඒවා ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් ශ්‍රම ලැබීමේ රටවල් සමඟ සම්බන්ධ කරන කොළඹ ක්‍රියාවලිය සහ අබුඩාබි සංවාදය තුළ ඇතැම් තීරණාත්මක කලාපීය ක්‍රමවේදයන් සැලසුම් කිරීමට සහ ඒවා සැපයීමට අවස්ථාව ලබා දී පැවති ශ්‍රී ලංකාවට, සංක්‍රමණික සේවකයන්ගේ මෙන්ම යැවීමේ හා ලැබීමේ රටවල ප්‍රයෝජනය සඳහා පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ සංක්‍රමණිකයන් සඳහාවූ ජාත්‍යන්තර සංවිධානය සමඟ එක්ව විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු සඳහන් කළේය.

–        ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සංක්‍රමණික සේවකයා, විශේෂයෙන් නුපුහුණු ශ්‍රමිකයින් මුහුණ දී ඇති අවදානම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අඩු, එමෙන්ම, වැඩි ආදායමක් උපයා ගත හැකි, වඩා හොඳ පුහුණුව ලත් හා පුහුණු වූ සංක්‍රමණික සේවකයන්ගේ පිටතට යන ප්‍රවාහය සහතික කිරීම,

–        කොවිඩ්-19 න් පසු රටවල අනාගත රැකියා වෙලඳපොලවල් සහ ආර්ථික ඉල්ලීම් සපුරාලන වෘත්තීය පුහුණු වැඩසටහන් ජනනය කිරීම සහ එම ඉල්ලුම සපුරාලන ශ්‍රම බලකායක් දිරිගැන්වීම සඳහා නැවත සකස් කිරීම පිණිස වෙළඳපොළ පර්යේෂණ වේදිකා ඒකාබද්ධ කිරීම,

–        අපගේ අධ්‍යාපන ක්‍රම නැවත සකස් කිරීම සහ අනාගත ශ්‍රම වෙළඳපොළවල් සඳහා පොහොසත් මානව සම්පත් සංචිතයක් ලෙසට සිසු සිසුවියන් දිශානත කිරීම,

–        ලාභදායී, ආරක්ෂිත සහ වේගවත් ප්‍රේෂණ ප්‍රවාහයන් වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම,

–        සංක්‍රමණික ජනගහනය කළමනාකරණය කිරීමේදී ‘සංක්‍රමණික සෞඛ්‍යය’ මුල්ගලක් බවට පත්වීම සහතික කිරීම

යන කරුණු මෙයට ඇතුළත් වනු ඇත.

මෑතදී ඇති වූ අර්බුදය හේතුවෙන්, කොළඹ මෙන්ම ගමනාන්ත රටවල ද සංක්‍රමණික කම්කරුවන් පිළිබඳ කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී විවිධ මතවාදයන් බිඳ දමමින්, වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණයක් සහතික කිරීමට ඉවහල් වූ බව විදේශ ලේකම්වරයා අවධාරණය කළේය. “මෙය පෙර නොවූ විරූ තත්වයක් තුළ දියුණුවක් ලබා ගැනීමට ඉවහල් වූ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අනාගත සහයෝගීතා ප්‍රයත්නයන් සඳහා ඉවහල් වේ. විදේශ රැකියා සම්බන්ධ ගැටලු පිළිබඳ ‘සමස්ත රජයේ’ ප්‍රවේශය සඳහා තවදුරටත් ශක්තිමත් කිරීම හා ශක්තිමත් සංධානයක් ගොඩනැගීම අපගේ අපේක්ෂාව විය යුතුය”  යි ඔහු පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.