
දේශීය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා අයකළ බද්ද රුපියල් 50 සිය 55 දක්වා රුපියල් 05කින් ඉහළ දැමීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
විශේෂ වෙළෙද භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු සංශෝධනය මාස 04ක කාලයක් වලංගු වන බව ද ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර කහ ආනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඒ සදහා පසුගිය දා පැනවූ තහනම තව දුරටත් බලාත්මක බවත් වෙළෙද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ වෙළෙද ඇමැතිවරයා කියා සිටියේ කහ ආනයන තහනම ඉවත් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවූ පුවත් සාවද්‍ය බවයි.
කහ ආනයන තහනම ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරවල නිරත වූවන්ට අහිතකර ලෙස බලපා ඇති බව කී ඇමැතිවරයා ඔවුන්ගේ ගැටලු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
ඒ අනුව දේශීය වෙළෙදපොළ අවශ්‍යතා සදහා නොව අපනයනය සදහා කහ ආනයනය කිරීමට හැකිවන පරිදි ආනයන සීමා ලිහිල් කිරීම ගැන ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
නිසි වගා සැලසුමකින් තොරව කහ ආනයනය තහනම් කිරීම නිසා මේ වන විට දේශීය වෙළෙදපොළේ උග්‍ර කහ හිගයක් පවතින අතර කහ ග්‍රෑම් 100ක් රුපියල් 600ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ සම කහ සම්බන්ධ ‘කලු කඩයක්‘ ද නිර්මාණය වී ඇති අතර රජයේ පාලන මිල ගැන කහ අලෙවිකරුවන් කිසිම තැකීමක් නොකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.