19 ක්ෂණිකව අහෝසි කරනවා – බැසිල් රාජපක්ෂ අවධාරණය කරයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍ෂණිකව අහෝසි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහනට එක්වෙමින් සඳහන් අවධාරණය කළේය.

19 සංශෝධනය අහෝසි කළ වහාම 18 වැනි සංශෝධනය බලාත්මක වන බවද කී බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු බවද සඳහන් කළේය.

තෙවරක් ජනාධිපති ධූරය දැරීම සම්බන්ධයෙන් ජනතාව අප‍්‍රසාදයෙන් සිටින බවත් ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේ දී ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත් කියා සිටි බැසිල් රාජපක්ෂ මහතා 19 අහෝසි කිරීම සමග ඉතා ඉක්මනින් නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවද නව ව්‍යවස්ථාව අණ්ඩ දමා නිතර පිලිසකර කිරීමට අවශ්‍ය නොවන එකක් විය යුතු බවද අවධාරණය කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.