කහ බීජ නිෂ්පාදන වගකීම’ හමුදාවට

දේශීය වශයෙන් කහ නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම සදහා හමුදාවට කහ බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම භාර දී ඇති බවත් ඒ අනුව ලබන මස 02 වැනිදා ගාල්ලේ හමුදා කදවුරකය කහ පැළ ලක්ෂයක් බෙදාදීමට බලාපොරොත්තු වන බවත් උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මෙරට කහ වගා කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊළඟ කන්නය වන විට එම ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවත්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.