මිචෙල් බැච්ලගේ ලංකාව පිළිබඳ වූ “අවුල” ලිහා දීම

ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය 

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ සමාරම්භක වාචික දේශනය පවත්වමින් එහි මහකොමසාරිස් මිචෙල් බැච්ලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා අවුල්සහගත තත්වයට පත්ව සිටින බවටත් ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් ආධානය ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවටත් කරුණු දක්වන ලදි.

එම දේශනයේ දී ඇය ප්‍රධන කරුණු කිහිපයක් පිළිබද තමාගේ අප්‍රසාදය ශ්‍රී ලංකාව කෙරෙහි පළ කර සිටි අතර, එම අදහස් සම්බන්ධව හා ඇගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ හේතු යුක්තව විරුද්ධත්වය හා අප්‍රසාදය පළ කරමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති ලෙස ජඹුරේවල චන්දරතන හිමියන් හා එහි කැදවුම්කරු වසන්ත අල්විස් මහතා හා නීති උපදේශක නීතීඥ ගුණරත්න මහතා ඇතුළු පිරිස අද උදෑසන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වෙත සංදේශයක් බාර දීමට කටයුතු කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ අවුල් සහගත තත්වයට පත්වීමට හේතු ලෙස ශ්‍රී ලංකාව 30/1 යෝජනාවට සහය දැක්වීම ඉවත් කරගැනීමෙන් පසු මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වීමට ලහි ලහියේ කටයුතු කරන බවට වූ චෝදනාව, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක බලපෑමක් සිදු වෙන බවත්, මනුෂ්‍යවාදයට එරෙහි අපරාධවලට සහ යුධ අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් සිවිල් සමාජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමත්, මරණ දඬුවම් ලබා සිටි හමුදා සැරයන්වරයෙකුට ජනාධිපති සමාව ලබා දීමත්, අපරාධ සම්බන්ධ පර්යේෂණ සිදුකරන පොලිසිය හා අධිකරණවලට බාධා කිරීම මානව හිමිකම් උදෙසා සෘණාත්මක බලපෑමක් සිදුක කරන බවත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් නීතිඥයන් සම්බන්ධව සිදුකරන පරික්ෂා කිරීම් තැතිගැන්වීම් වහාම නැවැත්විය යුතු බවත්, මෙම කරුණු පදනම්ව තමා අවුල් සහගත තත්වයට පත්ව ඇති බවත්, ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය කඩිනමින් ශ්‍රී ලංකාව වෙත යොමු කළ යුතු බවත් ය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජිනීවා එක්සත් ජාතීන්ගේ වැඩ බලන නිත්‍යය නියෝජිත ගයානී මෙන්ඩිස් මෙනවිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වීමක් කර තිබුණා.

නමුත් දේශීය මට්ටමෙන් මේ පිළිබද සැලකිය යුතු අවධනයක් යොමු නොවූ නිසා මහජන යුතුකම් කේන්ද්‍රය විදියට අද අප විසින් මානව හිමිකම් මහ කොමසාරිස්ගේ ප්‍රකාශය පක්ෂපාතී, පදනම් විරහිත, ඒකපාර්ශවීය, පූර්ව නිගමනවල සිට දෙමළ ඩයස් පෝරාවේ අවශ්‍යතාවය මත කළ ප්‍රකාශයක් බව දක්වා එයට විරෝධය හා අප්‍රසාදය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත අප්‍රසාදය පළ කරමින් මෙම සංදේශය බාරදෙනු ලැබුවා.

ඒ අනුව අප ප්‍රකාශ කර සිටියේ 2015 මාර්තු මස ඇමරිකාව බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාවේ සමානුග්‍රහයෙන් ගෙන එනු ලැබූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්ව වුව ද, දේශීය යාන්ත්‍රණයක් මත සංහිදියාව වගවීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවට එම යෝජනාවෙන් ඉවත්වන විට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බවත්, ඉදිරියටත් වගකිවයුතු රජයක් ලෙස එය ක්‍රියාතමක කරන බවත්ය.

මෙක්සිකෝව හා ඇමරිකාව අතර සරණාගතයන් පිළිබඳ ඇති ඇති වූ ගැටළුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළ ආකාරය පිළිබඳ 2018 මාර්තු මස එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිතවරිය වූ නිකී හේල් මහත්මිය විසින් ” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අසූචි ගොඩක් බවත්, කුහක සහ ආත්ම ලාභය වෙනුවෙන් ක්‍රියා කරන මානව හිමිකම් මණ්ඩලය මානව හිමිකම් සමච්චලයට ලක් කරන බවටත්” චෝදනා කරමින් මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඇමරිකාව ඉවත්වන බව දන්වන ලදී. එම ප්‍රකාශය තුළින් ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය අර්බුදයකට ලක්ව ඇති බවත් එබැවින් 30/1 යෝජනාව පළ රහිත බවත්, අප යෝජනා කළෙමු.

20වෙනි ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝදනය පිළිබඳ කොමසාරිස්වරිය දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අප කියා සිටියේ, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා සිදුවෙන බවත්, පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර වාද – විවාද සඳහා යටත්ව සම්මත කර ගන්නා බවත්, අදාල ව්‍යවස්ථා සංශෝදනය හේතුවෙන් රටේ යම් පුරවැසියෙකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවක් හැඟී යන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඒ පිළිබඳ සාධාරණයක් ඉටුකරගත හැකි බවත් ය. එබැවින් එම සංශෝධන ක්‍රියාවලිය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බවයි.

එමෙන් ම යුද අපරාධ චෝදනාවලට ලක් වූ අයවලුන් සිවිල් සමාජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම පිළිබදව දක්වා තිබූ අදහස් සම්බන්ධව අප ඉදිරිපත් කළ කරුණු වූයේ යම් පුද්ගලයෙකුට හුදු චෝදනාවක් තිබු පමණින් ඔහු වැරදි කරුවෙකු ලෙස අර්ථකථනය කිරීම සදාචාර විරෝධී බවයි. එමෙන් ම හමුදා නිලධාරීන් ඉලක්ක කර එල්ල කොර ඇති චෝදනා පක්ෂග්‍රාහී පදනම් විරහිත ඒකපාර්ශවීය චෝදනා බවත්, අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වන තුරු චෝදකයා වරදකරුවෙකු නොවන බවත්, චෝදනා පිළිබද විමර්ශන කිරීමට හෝ පෙර චූදිතයන් වැරදිකරුවන් කිරීම කීර්තිමත් සංවිධානයක ප්‍රධානියෙක් ලෙස නොකළ යුතු දෙයක් බවයි.

එමෙන්ම දැනට මාස තුනකට පමණ පෙර මරණ දඬුවම හිමිව තිබූ හමුදා සැරයන්වරයෙකුට ජනාධිපතිවරයා සමාව ලබාදීම දෝෂ දර්ශනයට ලක්කරමින් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර තිබූ අදහසට අදාලව, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට ඇති ” වරදකරුවන්ට සමාව දීමේ බලය” පාවිච්චි කරමින් එම රණවිරුවාට සමාව දීම සිදු කර ඇති බවත්, එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පමණක් හිමි වූ බලයක් නොව; 1978 සිට මේ දක්වා බලයේ සිටි සියලු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිතව හිමි බලයක් බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඝාතනය කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ සාමාජිකයාට නිදහස ලබා දීම, කොළඹ නගරය විනාශ කිරීම පිණිස බෝම්බ පටවා ගත් ලොරියක් රැගෙන ආ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් නිදහස් වීම  ආදිය පිළිබඳ කථා නොකළ ඇය හමුදා නිලදාරියෙකුට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳ පමණක් කථා කිරීම පක්ෂග්‍රාහී බවත් අප පෙන්වා දුන්නෙමු.

එමෙන්ම අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන්ට හා අධිකරණවලට බාධා කිරීම නොකළ යුතු බවට ඇය සඳහන් කරයි. ඇය මේ සඳහන් කරන්නේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්මා සහ මේ වන විට ස්විස්ටර්ලන්තයට පළා ගොස් සිටින නිශාන්ත ද සිල්වා කන්දප්පා වැනි නිලධාරීන් සාධාරණීකරණය කිරීමටයි. එම දූෂිත නිළධාරීන් නීතිය අවභාවිත කිරීම නිසා තම අයිතිවාසිකම් අහිමිව අත්තනෝමතික සිරගත කිරීම්වලට හා දඩුවම් විදීම්වලට මූණ දුන් පුරවැසියන් පිළිබද කිසිවක් කතා නොකිරීම විමතියට කරුණක්.

එමෙන් ම යහපාලන ආණ්ඩුව අධිකරණයට බාධා කිරීමට අදාලව හා නඩු තීන්දු ලබා දීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් උසස් වීම් බලාපොරොත්තු වූ අධිලරණ නිළධාරීන් පිළිබද අනාවරණය වූ කිසිදු අදහසක් කොමසාරිස්වරියගේ අවධානයට ලක් නොවීම අපව විශ්මයට පත් කරන බව පෙන්වා දුනිමු.

එමෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ නීතිඥයන් සම්බන්ධව සිදුකරන පරික්ෂා කිරීම් තැතිගැන්වීම් වහාම නැවැත්විය යුතු බවට ඇය කියයි. ඇය මේ කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ දැනට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවට පත්ව සිටින නීතිඥ hijaz hizbullah නිදහස් කරන ලෙසයි.

එංගලන්තයේ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර තානාපතිනිය වන Rita french ද පසුගිය දිනක හිජාස් ඉස්බුල්ලා නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව නිවේදනයක් ද නිකුත් කොර ඇත. hijaz hizbullah යනු පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ බාලවයස්කාර දරුවන් 16 දෙනෙකුට අවි පුහුණුව ලබා දුන් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා යි. එවැනි අයෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදුන්වන්නේ මානව හිමිකම් සුරකින ක්‍රියාකාරිකයෙක් ලෙසින් වීම විහිලු සහගතයි.

එසේම පසුගිය දා මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලද වාර්තාවේ   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  එහි කිසිදු සඳහනක් නො වීම මවිතය දනවන කරුණක් බව හා එම වාර්තාව කියවන ඕනෑම අයෙකුට ත්‍රස්තවාදීන් වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙනී සිටින බවට අනුමාන කළ හැකි බවත් දන්වමු  

මේ අනුව මානව හිමිකම් මහකොමසාරිස් වරිය විසින් ඉදිරිපත් කළ අදහස් දෝෂ සහිත, පක්ෂග්‍රාහි, පූර්ව විනිශ්චයන් තුළ සිටිමින් ඉදිරිපත් කළ අදහස් වන අතර එය මානව හිමිකම් කොමිසමේ කීර්තිනාමයට දැඩි කැළලක් ඇති කරවන බැවින් ඒ පිලිබඳ වහාම මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දැනුම් දුනිමු.

එමෙන් ම මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන විට සාර්ථකව ප්‍රතිතර්ක ගොඩනැගිය හැකි දක්ෂ නියෝජිතයන් එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍යය නියෝජිතයන් ලෙස යැවීම මේ වැදගත්කම ද අප වර්ථමාන ආණ්ඩුවට දැනුවත් කර සිටිමි.

ජඹුරේවල චන්දරතන හිමි –  සභාපති, මහජන යුතුකම් කේන්ද්‍රය 

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.