
මේ රටේ වෛද්‍ය පීඨයකට යා ගත නොහැකි වූ අවම සුදුසුකම් සපුරා නොමැති රජයේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලඥයන් ගේ ජාවාරම්කරුවන්ගේ දරුවන් ට රැකියා ලබා දීම සඳහා
‘රජයේ වෛද්‍ය පීඨ වසා දමනු! නැතහොත් සෞඛ්‍ය අතින් දකුණු ආසියාවේ ඉහළම තැනක සිටින අප එය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා සුදුස්සන්ට පමණක් අවස්ථාව ලබා දෙමු.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් වාර්ෂික ව සිසුන් හතළිස් පන්දහසක් පමණ (45,000) පෙනී සිටින අතර ඉන් S 03: සහ ඊට ඉහල A 3 දක්වා සිසුන් 28,000 – 29,000 ක් අතර ප්‍රමාණයක් විභාගය සමත් වන පසු බිමක 2020, වර්ෂයේ සිට රජයේ වෛද්‍ය පීඨ වෙත සිසුන් 2000 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට තීරණය කර ඇත.
එය රටේ සමස්ත උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් සමත් වන සිසුන්ගෙන් සියයට 10 ක දහයක ප්‍රතිශතය ඉක්මවා යාමකි.
ERPM විභාගය සඳහා දැනට සිසුන් 1500ක් පමණ බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වන කාල වකවානුවක මේ වර්ෂයේ පමණක් විදේශ වෛද්‍ය උපාධිධාරීන් 600ක් වැඩි ප්‍රමාණයක් සඳහා සීමාවාසික පත්වීම් ද ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේ දී වාර්ෂිකව විදේශ වෛද්‍ය උපාධිධාරීන් දෙදහසක් (2000) සහ රජයේ වෛද්‍ය පීඨ වලින් දෙදහසක් (2000)ක් රාජ්‍ය සේවයට එක් වනු ඇත. ඒ අනුව ඉදිරි වසර පහ තුලදී රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් පනස් දහස ඉක්මවා යනු ඇත.
2018 වසරේ නොවැම්බර් මස සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට මෙතෙක් තම ස්ථිර පත්වීම් ලබා නොදී ඇති පසුබිමක , 2019 වසරේ නොවැම්බර් මස අවසන් විභාගය අවසන් කළ රජයේ වෛද්‍ය පීඨ වල සිසුන් ට සීමාවාසික පුහුණුව මෙතෙක් ලබා දීමට කටයුතු නොකළ කාලයක, අනාගතයේ බිහිවීමට නියමිත වෛද්‍යවරුන්ට රැකියා අවස්ථා රජය විසින් ලබා දීමට හැකි ද ? ඔවුන්ට සේවා ස්ථාන ලබා දීමට මේ රටේ රෝහල් පහසුකම් තිබේද ? මේ සා විශාල වෛද්‍යවරුන් ප්‍රමාණයකට ඇවැසි පහසුකම් සහ වැටුප් හා දීමනා ලබා දීමට රජයට පහසුකම් තිබේ ද ?
2025 වසරෙන් පසුව රජයේ වෛද්‍ය පීඨ වලට බඳවා ගන්නා සිසුන් ගේ අනාගතය කෙබඳු වේද ? මේ රටේ විදේශ විනිමය වැය කර පිට රට වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පලක් වේද ?
අනාගත රෝගී සත්කාර සේවය සහ සෞඛ්‍ය සේවය විධිමත් පවත්වා ගැනීම සඳහා රටට කොතරම් වෛද්‍ය වරු ප්‍රමාණයක් ඇවැසි ද ? ඒ අතරම අපොස උසස් පෙළ පවා අසමත් වෛද්‍ය වරුන්ගේ මේ රටට වන හානියට වග කියන්නේ කවුද ?
1995 වසරේ උපත ලද 2014 වර්ෂයේ අපොස උසස් පෙළ සමත් වූ සිසුන් දැනට සිටිනුයේ රජයේ වෛද්‍ය පීඨවල 04 වෙනි වසරේය, එහෙත්1995 වසරේ හා ඊට පසු ව උපත ලද අයවලුන් දැනට වෛද්‍යවරුන්, සීමා වාසික වෛද්‍යවරුන් ලෙස රජයේ රෝහල්වල වැඩ කරන අතර ම එම වයසෙම 2014 වසරේ අපොස උසස් පෙළ ලියන ලද තවත් කොටසක් ERPM විභාගය සඳහා ඉදිරිපත්ව ඇත.
ERPM විභාගය පැවැත් වූයේ නැතැයි කියා ඔවුන් පෙළපාලි යති. ඔවුන් වෙනුවෙන් කතා කිරීමට රටේ උසස් යයි සම්මත බොහෝ දෙනෙක් ඇත. එහෙත් එකම කාල වකවානුවක ඉපි ද හා විභාගය සමත් වූ සුදුසුකම් ලැබූ සිසුන් පිරිසක් රජයේ වෛද්‍ය පීඨ තුළ ඉගෙන ගනිමින් සිටිය දී මෙරට වෛද්‍ය පීඨ වලට යා නොහැකි වූ හා උසස් පෙළ අසමත් වූ FFF 03 සහිත පිරිස් මුදල් නිසා සියලු දෙනාගේ ආශිර්වාද මැද මෙරට සෞඛ්‍ය සේවය අඩපණ කිරීමට කටයුතු කරන නමුත් කිසිවකුත් ඒ ගැන කතා කරන්නේ නැත, රෝගීන්ගේ ජීවිත පසෙකට තබා නුසුදුසු අයවලුන්ගේ රැකියාවන් ලබා දීමට බොහෝ පිරිස් වෙහෙසන අප දැක ඇත්තෙමු.
නිදහස් අධ්‍යාපනය හේතුවෙන් රජයේ වෛද්‍ය පීඨ වලින් ඉගෙන ගෙන වෛද්‍යවරුන් වූ පසු තමන්ගේ දරුවා උසස් පෙළ අසමත් වූ පසු තමන්ගේ අඩි පාරේ යෑම සඳහා වෛද්‍ය සේවය බිල්ලට දීමට මේ රටේ සුළු පිරිසකට ඉඩ දිය යුතු ද ? සුදුස්සා ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට කිසිවෙක් නැති මුත් නුසුදුස්සන් ගේ අයිතිවාසිකම් රැකීමට බොහෝ පිරිස් ඇත.
මේ රටේ වෛද්‍ය පීඨයකට යා ගත නොහැකි වූ අවම සුදුසුකම් සපුරා නොමැති රජයේ ඉහළ නිලධාරීන්ගේ, දේශපාලඥයන් ගේ ජාවාරම්කරුවන්ගේ දරුවන් ට රැකියා ලබා දීම සඳහා
‘රජයේ වෛද්‍ය පීඨ වසා දමනු! නැතහොත් සෞඛ්‍ය අතින් දකුණු ආසියාවේ ඉහළම තැනක සිටින අප එය තව දුරටත් වර්ධනය කර ගැනීම සඳහා සුදුස්සන්ට පමණක් අවස්ථාව ලබා දෙමු.
වසන්ත අල්විස් – කැදවුම්කරු මහජන යුතුකම් කේන්ද්‍රය