විකී කෞෂාල් තම කඩවසම් සිරුරේ සැබෑ රහස් හෙළිකරයි

විකී කෞෂාල් Vicky Kaushal සිය සුපිරි රංගනයන් තුළින් අපගේ හදවත් දිනාගත් බොලිවුඩ් සුපිරි නළුවෙක්. ෂෝබිස් ඇතුළු චිත්‍රපට රැසක කෞෂාල් කළ විශිෂ්ට රංගනය නිසා ඔහු බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ හදවත් දිනාගෙන තිබෙනවා.

ඒ අතර ඔහුට වඩාත් ආකර්ෂණීය වී ඇත්තේ තරුණියන් බව පිළිගත යුතු ඇත්තක්. ඒත් කෞෂාල්ගේ කඩවසම් බව වගේම ඔහුගේ විලාසිතාවලට තරුණයින් ද දක්වන්නේ බලවත් කැමැත්තක්.

මේ නිසා කෞෂාල් තමන්ගේ කඩවසම් සිරුර හදාගත්ත ආකාරය සහ ආරක්ෂා කර ගන්නා ආකාරය ගැන ඇත්ත කතාව ඔහුගේම වචනවලින් අහන්න ඔයා කැමැති බව අපි දන්නවා. එසේ නම් කියවන්න. මේ සුප්‍රපට ෆිල්ම් ෆෙයාර් සගරාව කෞෂාල්ගේ සිරුර වර්ධනය කරගත් ආකාරය ගැන කියන කතාව !

විකී කෞෂල් යෝග්‍යතාවය

විකී කෞෂාල්ගේ ශක්තිමත් මාංශපේෂිවලින් යුත් කඩවසම් සිරුර වසර ගණනාවක් තිස්සේ පැසසුමට ලක්වුණා. ඔහු බොහෝ විට ඔහුගේ ෂර්ට් රහිත සෙල්ෆි සහ ව්‍යායාම පින්තූර සමාජ මාධ්‍යවල බෙදාහදා ගැනීම නිසා ඔහුගේ රසිකයින්ගේ සිත් සසල වෙනවා.

නමුත් කෞෂාල් ඉතා වෙහෙස මහන්සි වී පුහුණු වන අතර ඔහුගේ යෝග්‍යතාවය වෙනුවෙන් කැපවී සිටින බව ඔහුගේ රසිකයින් දන්නේ අල්ප වශයෙනුයි.

ප්‍රමුඛ ශාරීරික යෝග්‍යතා වෙබ් අඩවියකට අනුව, විකී කෞෂාල් දැඩි ලෙස ව්‍යායාම කරන අතර ඔහුගේ ව්‍යායාම කාලසටහන සහ පෝෂණය වෙනුවෙන් කැපවී සිටිනවා.

ඔහුගේ ව්‍යායාම වැඩසටහනට ඔහු ඇතුළත් කරන වැදගත්ම කරුණු පහ මෙන්න. 

  1. ඔහු නිතිපතා අවම වශයෙන් විනාඩි 15 ක් ට්‍රෙඩ්මිල් Treadmill මත දුවන ව්‍යායාම වල නිතර වෙනවා.
  2. ඔහු දිනපතා ඔහුගේ ශරීරයේ එක් කොටසක් කෙරෙහි අවධානය යොමු කරනවා.
  3. කෞෂාල් යෝගා, පිහිනීම සහ ධාවනය වැනි වෙනත් අභ්‍යාස වල ද නිරත වෙනවා.
  4. පරිපූර්ණ ශරීරයක් ලබා ගැනීම සඳහා බර ඉසිලීම (Weight training) සහ හෘද වාහිනී ව්‍යායාම (Cardiovascular exercises  අතර සමබරතාවයක් ඇති කිරීමට ඔහු වග බලා ගන්නවා.
  5. එසේම ඔහු නිවසේදී සිය වැඩ කටයුතු කරගෙන යනවා.
විකී කෞෂල් යෝග්‍යතාවය

ඉතිං, ඉහත සදහන් කළ කරුණු 05 තමයි කෞෂාල්ගේ විශිෂ්ඨ කඩවසම් සරුරේ රහස් වෙන්නේ. මේක ඔබටත් පහසුවෙන් අනුගමනය කළ හැකි බව අපට විශ්වාසයයි. එසේ නම් කරලම බලන්න.

සැකසුම – තුෂාධවි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.