කොළඹ මහ නගර සභාවේ ඇතැම් ප්‍රදේශ අපේ පාලනයෙන් ගිලිහෙනවා – PHI සංගමය

”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

Covid-19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සදහා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා.

දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළ ආශ්‍රිත කොවිඩ් -19 රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බවයි මෙහිදී උපුල් රෝහණ මහතා සදහන් කළේ.

මෙහිදී වත්මන් කොවිඩ්-19 ව්‍යාප්තිය ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ උපුල් රෝහණ මහතා මෙසේද සදහන් කළා.

‘දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන  වසංගත තත්ත්වය මේ වන විට ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා. එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේ ප්‍රකාශ කළත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (26) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව දැනුවත් කිරීමේ මාධ්‍ය අවධාරණය කළේ කොවිඩ් සමාජගත වීමේ අවධානමක් මේ දක්වා නැති බවයි.

සමාජගත වෙලා නැති නිසයි කියන්නේ සමාජගත වෙලා නැහැ කියලා, ගොඩක් අයට වුවමනාව ඇති මේක සමාජගත වෙලා කියලා කතන්දරේ අහගන්න. අපට වසංගත විද්‍යාත්මක සාධක නැතිනම් එහෙම දෙයක් කියන්න බෑ. අපිට එහෙම දෙයක් හංගලා වැඩකුත් නෑලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ රෝගයේ එක එක ලක්ෂණ හඳුන්වාදී ඇත්තේ ඒ අවස්ථාවේ දී මේ රෝගය වැළැක්වියුතු ආකාරය ගැන වෙනස්කමක් තියෙන නිසා. රෝගීන් පොකුරක් තිබෙන විට අපි කරන්නේ මේ ආසාදිතයින් හඹාගොස් රෝගය හඳුනාගැනීම සහ රෝග ව්‍යාප්තිය වැළැක්වීම. සමාජගත වුණාම ඊට වඩා වෙනස් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. ඒ අවස්ථාවේ දී අපි දන්නේ නෑ රෝගීන් කොයි ප්‍රමාණයක් ඉන්නවාද කොහේ ඉන්නවාද කියලා. ඒ වගේ අවස්ථාවක දී අපට තියෙන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන්ව පාලනය කිරීම සඳහා කලමනාකරණය කරන්න. ඉතින් ඒ අවස්ථා දෙක සම්පුර්ණයෙන් වෙනස් අවදි දෙකක්. දැන් මේ දක්වා අපිට හමුවන රෝගීන් සියලුදෙනා හමුවන්නේ මේ විදියට රෝගය හඹා ගිහිල්ලා අපි හඳුනාගන්නා ආශ්‍රිත රෝගීන් විදියට. එහෙම නැතුව බාහිර රෝගි අංශයට හෝ වෙනත් ප්‍රදේශවල අපි සිදුකරන අහඹු පරීකෂණවලින් අපිට රෝගීන් හමුවන්නේ නෑ. සමහර අවස්ථාවලදී අපිට රෝගීන් හමුවෙනවා OPD ඒකේදී නමුත් අපි බාහිර රෝගී අංශයෙදී අපි සොයාගන්නා ඒ රෝගීන්ගේ ඉතිහාසය ගතහොත් නැවත වතාවක් ඔවුන් මේ රෝගී පොකුරට සම්බන්ධයි. ඒ නිසා අපි තවමත් ඉන්නේ රෝගී පොකුරක. මම කලිනුත් කිව්වා වගේ මේ රෝගී පොකුර විශාලයි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *