සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට – Conde Nast Traveler

2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් Advance Publication නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් විසිනුයි මේ නම් කිරීම කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ “Conde Nast Traveler” සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා.

මෙහි ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙන්නේ ඉතාලියයි.

ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම සඟරාවේ “Reader’s Choice Awards” නම් පාඨකයින්ගේ ප්‍රසාද ලකුණු 94.05ක් හිමිකර ගනිමින් පළමු ස්ථානයට පත්වීමට ඉතාලියට හැකි වූ අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 93.96ක් හිමිවී තිබෙනවා.

පෘතුගාලය තෙවන ස්ථානය ද, ජපානය සිවුවන ස්ථානයද ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව පාඨක කැමැත්ත අනුව පිළිවෙලින් අනෙකුත් ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.