‘ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය’ ගැන ගෝලීය තත්ත්ව සහතිකයක්

එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශේෂඥ බුද්ධි මණ්ඩලයක් වන Legatum  ආයතනය 2020 වර්ෂයට අදාළ සිය වාර්ෂික වාර්තාව ( The Legatum Prosperity Index 2020) ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සදහා තෝරාගත් රටවල් 167ක් අතුරින් 84 වැනි ස්ථානයට පත්වීමට https://www.prosperity.com/globe/sri-lanka ශ්‍රී ලංකාව සමත් වී ඇත.

‘ලගාටම් සෞභාග්‍යතා දර්ශකය‘ ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්යය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සිදුකරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍ය විශ්ලේෂනාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකය වේ.  

මෙම දර්ශකයේ පළමු ස්ථානය ඩෙන්මාර්කය විසින් ද දෙවැනි ස්ථානය නෝර්වේ රාජ්‍යය විසින් ද හිමිකර ගෙන ඇති අතර එක්සත් රාජධානිය 13 වැනි ස්ථානය ද එක්සත් ජනපදය 18 වැනි ස්ථානය ද ජපානය 19 වැනි ස්ථානය ද හිමිකර ගෙන ඇත.

101 වැනි ස්ථානයේ අසල්වැසි ඉන්දියාව පසුවන අතර 167 වන ස්ථානයේ දකුණු සුඩානය පසුවෙයි.

ඉකුත් දශකය තුළ  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය ලංකාවේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇති බවත් ‘ලගාටම්’ (Legatum) ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් THE LEGATUM PROSPERITY INDEX™ 2020 පෙන්වා දී තිබේ.

මේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය – ලන්ඩන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

ඉකුත් දශකය තුළ  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශයන්හි වර්ධනයක් පෙන්නුම් කරන බවත් එය ලංකාවේ සෞභාග්‍යයේ ඉදිරි ගමනට ඉවහල්වී ඇති බවත් ලගාටම් (Legatum) ආයතනය සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ලගාටම් ආයතනය එක්සත් රාජධානියේ විශේෂඥ බුද්ධි මණ්ඩලයකින් සමන්විත වන අතර එමඟින් ලෝකයේ සියලු රටවල සියලු අංශවල සංවර්ධනය විශ්ලේෂණය කර වාර්ෂිකව වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

මෙම වසරේ විමර්ශන වාර්තාව ඉකුත් 20 දා ප්‍රකාශයට පත් කරමින් ලගාටම් ආයතනයේ සභාපති ඇලන් මැක්කෝමික් සඳහන් කර ඇත්තේ ලොව රටවල් 147 ක් සෞභාග්‍යයතාවයේ උපරිමයට ලඟා වෙමින් සිටින බවය.

එක්සත් රාජධානියේදී මෙම වාර්තාව ප්‍රකාශයට පත් කෙරුනු අවස්ථාවට සහභාගී වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සඳහන් කෙළේ ශ්‍රී ලංකාව 2009 වසරේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව අත්කරගත් ස්ථිරසාර සාමාකාමී වාතාවරණය පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රමික වර්ධනයට තීරණාත්මක සාධකයක් වූ බවය. දශක හතකට වඩා වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව නොකඩවා පවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්තිද මෙම සෞභාග්‍යයේ වර්ධනයට පදනම වී ඇති බව ඇය සඳහන් කළාය.

ලගාටම් ආයතනයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ආචාර්ය ස්ටීවන් බ්‍රයන් කරුණු දක්වමින් ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය සෞභාග්‍යතාව තක්සේරු කිරීම සඳහා භාවිතාවට ගන්නා ආකාරය පැහැදිලි කරන ලදී.එම අවස්ථාවට එක්වෙමින් අප්‍රිකාවේ මෝ ඉබ්රහිම් පදනමේ නිර්මාතෘ ආචාර්ය මෝ ඉබ්රහිම්, ජීවවේදී සහ ලේඛක මැට් රිඩ්ලි සහ එක්සත් රාජධානියේ ජෝර්ජියා තානාපති සොෆීයා කට්සරාවා යන අයද අදහස් දැක්වීය.

ලගාටම් සෞභාග්‍යතා දර්ශකය ගෝලීය දර්ශකයක් වන අතර එය 300කට අධික ජාතික මට්ටමේ දර්ශකයන් භාවිතා කරමින් ප්‍රතිපත්ති මූලික ව්‍යුහයන් 65ක් යටතේ ජාතීන් 167කගේ කාර්යය සාධන ප්‍රතිපත්ති විග්‍රහ කිරීම සිදුකරන අතර ආයතනික, ආර්ථික හා සමාජ සුරක්ෂිතභාවය පදනම් කරගත් ජාතික සෞභාග්‍ය විශ්ලේෂනාත්මකව මැන බැලෙන එකම ගෝලීය දර්ශකය වේ.  

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය – ලන්ඩන්

සංස්කාරක සටහන – ඔබට වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් https://www.prosperity.com/rankings සහ https://www.prosperity.com/globe/sri-lanka ඔස්සේ සම්පූර්ණ තොරතුරු ලබාගත හැකිය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *