නව උඩවැඩියා විශේෂ 50කට අධික ගණනක් සොයා ගනී

“ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු –  British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත.

ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird and wonderful” ශාක හා දිලීර තවමත් සොයාගත හැකි හා ලේඛනගත කර ඇති විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වය ඉස්මතු කරන බවයි.

නව විශේෂ වලින් තුනෙන් එකක් ඕකිඩ් වේ.

නමුත් විද්‍යාඥයන් පුදුමයට පත් වූයේ හීත්‍රෝ ගුවන්තොටුපල අසල වැඩෙන හතු වර්ග (British toadstools) හයක් සොයා ගැනීමෙනි.

Cortinarius තාපක
වනාන්තරවල කාබන් චක්‍රය (carbon cycling) ක්‍රියාත්මක වීම සඳහා හතු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි

බොහෝ දුරට සොයාගත නොහැකි වූයේ හීත්‍රෝ ගුවන්තොටුපලේ ජලාශයක් අසල ගස් අතර වැඩෙන හතු ය. එය දිලීර විශේෂඥ ඇන්ඩි ඕවරල් විසින් සොයා ගන්නා ලදී.

“එය රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. එය විශේෂ දෙයක්” ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

කියෙව්හි විශේෂඥයන් මෙම නිදර්ශකය පරීක්ෂා කළ අතර ඩීඑන්ඒ අධ්‍යයනයන් පසුව එය නව ප්‍ර භේදයක් බව සනාථ කළේය.

ඔහු නව හතු විශේෂය තම බිරිඳ හෙදර්ගේ නමින් Cortinarius heatherae, ලෙස නම් කර ඇත .

Acanthostachys කැල්සිකෝලා
මෙම උඩවැඩියා විශේෂය බ්‍රසීලයේ ස්වභාවිකව නිරාවරණය වන හුණුගල් මත වැඩෙයි

තවත් හතු විශේෂ දෙකක් එංගලන්තයෙන් හමු වූ අතර, එකක් සසෙක්ස් හි ඩෙවිල්ස් ඩයික්හි සහ අනෙක බැරෝ-ඉන්-ෆර්නස් අසල වනාන්තරවල තිබී හමු විය.

නව ස්කොට්ලන්ත විශේෂ තුනක් ද හඳුනා ගන්නා ලදී; එකක් හයිලන්ඩ්ස් හි කයිත්නස්හි සහ දෙකක් රැනොච්හි බ්ලැක් වුඩ්හි දී සොයා ගැනිණි.

මෙම හතු විශේෂ හයම අයත් වන්නේ දිලීර සමූහයකටය, ඒවා වෙබ් කැප් web caps ලෙස හැඳින්වේ, මන්ද ඒවා මකුළුවන්ගේ දැල් වලට සමාන නූල් තොප්පියකින් ආවරණය වී ඇති බැවිනි.

ඕක්, බීච්, බර්ච් සහ පයින් වැනි ජලය හා පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට හතු උපකාරී වේ.

ඩෙන්ඩ්‍රෝබියම් ඕරිෆෙක්ස්
නිවර්තන කලාපීය නිව් ගිනියාවේ සිට පැමිණි ඕකිඩ් 19 න් එකක්

කියෙව් විශේෂඥ ටූලා නිස්කානන් (Tuula Niskanen) විසින් ස්කොට්ලන්ත විශේෂ දෙකක් සොයා ගත් අතර, Cortinarius aurae  ඇතුළු ඇගේ දියණිය ඕරාගේ නම තැබීය.

“නව දිලීර සොයා ගැනීමට ඔබට ඇමසන් හෝ අප්‍රිකාවට යාමට අවශ්‍ය නැත. ඒවා ඔබට සමීපව සොයා ගත හැකිය” යනුවෙන් ඇය බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවාය. “ලන්ඩනයේ පවා ඔබට නව විශේෂ සොයා ගත හැකිය.”

නව දිලීර විශේෂ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ආරක්ෂා කිරීමට හැකි වන පරිදි ඒවා සොයා ගැනීම සහ නම් කිරීම වැදගත් බව ඇය පැවසුවාය.

ශාක හා සතුන් හා සසඳන විට දිලීර පිළිබඳ “ගල් යුගයේ” දැනුමක් අප සතුව ඇත.

ඉපෝමියා නොමානා
මෙම ලස්සන රෝස පැහැති morning glory ශාකයේ අල ආහාරයක් වන අතර එය නව ආහාරයක් විය හැකිය

ලොව පුරා නව ශාක හා දිලීර තවමත් වසරකට 2,000 ක් පමණ සොයා ගනී.

කියෙව්හි විද්‍යාඥයින් සහ ඔවුන්ගේ සහකරුවන් විසින් මේ වසරේ විශේෂ 156 ක විද්‍යාත්මක තොරතුරු නම් කොට ප්‍රකාශයට පත් කර ඇත. ඉන් 27 ක් දිලීර වේ. (එක්සත් රාජධානියේ හයක් ද ඇතුළුව)

කියෙව් හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය මාටින් චෙක් පැවසුවේ මේ වසරේ අලුතින් නම් කරන ලද ඇදහිය නොහැකි විශේෂයන්ගේ ලැයිස්තුවක් ඇති බවයි. “එක්සත් රාජධානියේ සිට විද්‍යාවට නව විශේෂ හයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි. එය කවදා හෝ සිදුවන්නේ දිලීර සමඟ පමණි.”

නව විශේෂ වලින් තුනෙන් එකක් ඕකිඩ් වේ. ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයක් වන නිව් ගිනියා දූපතේ ඕකිඩ් 19ක් හමු විය.

කුඩා, දුඹුරු මල් සහිත තවත් ඕකිඩ් වර්ගයක් මැඩගස්කරයේ වනාන්තරයක තිබී හමුවිය. කියෙව් විද්‍යාඥන් එය විස්තර කළේ “ලෝකයේ කැතතම ඕකිඩ් – the ugliest orchid in the world”.” ලෙසයි.

රකෝටෝනාසොලෝයි
මැඩගස්කරයේ වනාන්තරයකින් හමුවූ කෝමාරිකා විශේෂ දෙකෙන් එකක්
මාස්ඩේනියා චිරින්ඩෙන්සිස්
මෙම ශාඛය ඖෂධීය ශාක පවුලකින් පැවත එන්නකි

කියෙව්හි විද්‍යාඥයින්ගේ වෙනත් සොයාගැනීම් අතර:

  • අනාගත ආහාර ප්‍රභවයක් විය හැකි බතල ශාකයක්- පේරු රටින්
  • නැමීබියාවේ ශුෂ්ක ප්‍රදේශවල වැඩෙන අමුතු පඳුරක් (scaly shrub). මෙම ශාකය කොරපොතු කොළ ඇති අතර උණුසුම් ස්වාභාවික වැලි කදුවල වැඩෙයි. තනි ශාක 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් පවතී.
  • හම්මිං කුරුල්ලන් විසින් පරාගනය කරනු ලබන අන්නාසි කුලයට සම්බන්ධ බ්‍රසීලියානු ශාකයක්. බ්‍රොමෙලියඩ් bromeliad නම් මෙම ශාකය මධ්‍යම බ්‍රසීලයේ හුණුගල් කඳු මුදුන්වල වැඩේ. නමුත් සිමෙන්ති සෑදීම සඳහා හුණුගල් නිස්සාරණය කිරීම නිසා එය අවදානමට ලක්ව ඇත.
  • ඉන්දුනීසියානු නිව්ගිනියාවේ ලොව විශාලතම රන් පතල අසල තිබී බ්ලූබෙරි හා සම්බන්ධ පඳුරු.
  • සිම්බාබ්වේ සහ මොසැම්බික් අතර මායිමේ වනාන්තරයක තිබී ඖෂධීය ගුණ ඇති ඔසු.
  • මැඩගස්කරයේ නව කෝමාරිකා විශේෂ දෙකක්.

2020 දෙසැම්බර් 17 බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *