දේශපාලන මතවාද පැත්තකට තියලා වරාය නගර පනත් කෙටුම්පත කියවා ඇත්ත තත්ත්වය වටහා ගන්න

තම තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර මොහොතකට පැත්තක තියලා මේ කාරනා හරියට තේරුම් අරගෙන සාකච්ඡා කරන්න කියලා මුලින්ම ඉල්ලීමක් කරනවා. මේ පනත් කෙටුම්පත කියවන්න කියලා මම ජනතාවටත් ආරාධනා කරනවා.” යැයි ආචාර්ය අනිල් ජයන්න ප්‍රනාන්දු පවසයි.

“මේ අවස්ථාව වෙනකොට, ලංකාවේ බොහෝ තැන්වල සාකච්ඡා කරන කොළඹ වරාය කොමිෂන් සභාව පිළිබඳව දේශපාලන, සමාජ සහ ආර්ථික බලපෑම පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. ජාතික විද්වත් සංවිධානය හැටියට පවතින සැබෑ තත්වය ජනතාවට පැහැදිලි කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ නිසා ජනතාව තම තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර මොහොතකට පැත්තක තියලා මේ කාරනා හරියට තේරුම් අරගෙන සාකච්ඡා කරන්න කියලා මුලින්ම ඉල්ලීමක් කරනවා. මේ පනත් කෙටුම්පත කියවන්න කියලා මම ජනතාවටත් ආරාධනා කරනවා.”

“අපි කතා කරන පනත් කෙටුම්පතෙන් ආවරණය කෙරෙන මූලික කාරනා කිහිපයක් තිබෙනවා. ආණ්ඩුවට අලෙවි කළ හැකි ඉඩම් කියල කොටසක් තිබෙනවා. ඒවගේම ව්‍යාපෘති වෙනුවෙන් යෙදවිය හැකි ඉඩම් කියලා තව කොටසක් තිබෙනවා. මෙන්න මේ දෙවන කොටස සම්බන්ධයෙන් කි‍්‍රයාකිරීමේ බලතල පැවරෙන කොමිසමක් පිහිටුවීමට තමයි මේ පනත් කෙටුම්පත ගෙනත් තිබෙන්නේ. මේ දවස්වල ජනතාව කතාකරන පාස්කු කොමිසම වගේ යම් කටයුත්තක් සිදුකර වාර්තාවක් ලබාදීමේ කොමිසමක් නොවෙයි මේක. මේ කොමිසමේ ආයු කාලයේ සීමාවක් නැහැ. මේ වගේ අනන්ත කාලයක් පවතින කොමිසමක් පාරදෘශ්‍ය වෙන්න ඕනෑ. නමුත් ඊට අදාළ සියලූ කොන්දේසි මේ කෙටුම්පතෙන් කඩකර තිබෙනවා.

පත්කරන මේ කොමිසමට තිබෙන බලතල මොනවාද? විදේශ ආයෝජන ප‍්‍රවර්ධනය කිරීම, අදාළ ව්‍යාපෘතිවලට අදාළ යටිතල පහසුකම් ලබාදීම, රැුකියා උත්පාදනය, වගේ කතා කියනවා. නමුත් මේවා සිදුකිරීමට අදාළ යාන්ත‍්‍රණයක් නිර්මාණය වෙලා නැහැ. ඒක ප‍්‍රධාන ගැටලූවක්. ඒ වගේම මේ කොමිසමෙන් සියලූ කටයුතු කරන අතරතුර කොමිසම සම්බන්ධයෙන් යම් චෝදනාවක් එල්ල වුවහොත් ඊට මුක්තියක් දී තිබෙනවා. ජනාධිපතිවරයාට හැර මේ වගේ ප‍්‍රබල මුක්තියක් ලංකාවේ වෙන කිසිම ආයතනයකට දීලා නැහැ. යම්කිසිවෙකුට බලය ලැබුනහම පුද්ගලික ප‍්‍රතිලාභ ලබාගන්න කි‍්‍රයාකරන ආකාරය ගැන අපි දැකලා තිබෙනවා. අනික් පැත්තෙන් මේ කොමිසමේ ගිණුම් විගණනය කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඕනෑම අන්තර්ජාතික විගණන සමාගමකට විගණනය කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවට වගකීමක් නොව වාර්තා කිරීමක් විතරක් සිදුකරන්න යෝජනා කර තිබෙනවා.

මෙයින් ලැබෙන ප‍්‍රතිලාභ ගැන විශේෂයෙන් පෙනෙන්නේ නැහැ. 2023 සිට 2028 දක්වා කාලයේදී රජය සතු ඉඩම් ටික විකුණන්න හෝ බද්දට දෙන්න මේ කොමිසමට පුළුවන්. එතකොට අපිට ආදායම් ලැබීම මේ අවුරුදු පහට විතරක් සීමා වෙනවා. අනික් පැත්තෙන් මේ කොමිසමට අදාළ ව්‍යාපෘතියකින් 1%ක කොමිස් මුදලක් ලැබෙනවා. අනික් පැත්තෙන් මේ කලාපයේ ආයෝජනවලින් ප‍්‍රතිලාභ ලැබීම සම්පූර්ණයෙන්ම චීන සමාගමේ ආදිපත්‍යයට යටත් කර තිබෙනවා. ලෝකයේ දැන් ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ ජාලගතව. එහිදී පරිසර නීති, සමාජ නීති, ආර්ථික නීති, රාමුවලට යටත්කර තිබෙනවා. නමුත් මේක ඇතුළේ නීති-රීතිවලින් තොරව ජාලගත ව්‍යාපාරවලට කටයුතු කළ හැකියි. ඒ නිසා මූල්‍ය විශුද්ධි කරණයේ තෝතැන්නක් බවට පත්වෙනවා. මුදල් පනත්, කැසිනෝ පනත්, වගේ පනත්වලින් මේ කලාපය නිදහස් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මම උදාහරණයක් ගන්නම්. 19වැනිදා චීනයෙන් ඩොලර් මිලියන 500ක් ලැබුණා කියලා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුණා කියලා ලොකු ප‍්‍රචාරයක් ගියා. හැබැයි 20වැනිදා වන විට නැවතත් එය පහත වැටුණා. මෙතැනදීත් විශාල වංචාවක් කළාද කියලා මට බරපතළ සැකයක් තිබෙනවා. කාටහරි මේ විනිමය අනුපාත පාවිච්චි කරලාම නීති-රීතිවලින් රිංගලා ඩොලර් මිලියන ගණනක් එක දවසින් හොයන්න පුළුවන්. පවතින නීති-රීති යටතේත්, මෙහෙම කරනවා නම් නීති අත්හැරියාම ඕනෑ තරම් මුදල් විශුද්ධි කරණය කරන්න පුළුවන්.

විදේශයකට එක ඩොලර් එකක් හෝ යැව්වොත් ”ස්වීච් කෝඞ්” කියන ක‍්‍රමය හරහා මේ මුදල් යැව්වේ කාටද, කොහොමද කියලා හොයාගන්න පුළුවන්. නමුත් මේ විශේෂිත කලාපයෙන් ඒ කිසිවක් කරන්න බැහැ. ශී‍්‍ර ලංකාවේ මුදල් නොවන මුදල්වලින් මේ කලාපයේ සියලූ ගනුදෙනු සිදුකරනවා. අපේ මුදල් පනතට අනුව ”ස්වීච් කෝඞ්” එක දාන්න ඕනෑ වුනාට මේ නීතියෙන් අයින් කළ ගමන් ඒ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. මුදල් විශුද්ධී කරණය සම්බන්ධයෙන් සිදුවන්නේ මේ වගේ ලොකු අනතුරක්. මෙතැන කොමිෂන් සභාවක් කීවාට සංවර්ධනයේ මුවාවෙන් මේ කොමිසම අවභාවිතයන්ට අවසර දෙන තැනක් බවට පත්වෙනවා. පනත් කෙටුම්පතේ 23-ඊ කොටසේ විශේෂ සඳහනක් තිබෙනවා. මේ කොමිෂන් සභාවට තෑගි, පරිත්‍යාග, ලබාගන්න පුළුවන් බවත්, සඳහන් වෙනවා. කොටස්, බැඳුම්කර, රත්රන්, රන් භාණ්ඩ කියන ඕනෑම දෙයක් කොමිෂන් සභාවට ලබාගන්න පුළුවන් බව කියනවා. මේ කොමිෂන් සභාව පත්කරන්නේ පරිපාලනය, ඊට අදාළ නීති-රීති සකසන්න සහ පහසුකම් ලබාදෙන්න කියන මූලික කරුණු වෙනුවෙන්. එහෙම කොමිසමක් තෑගි ගන්නේ මොකටද?

චීන හාබර් කොම්පැනිය සම්බන්ධයෙන් චෙක් අංක සහිතව මේ රටේ විවිධ ආයතනවලට මුදල් ලබාදීම් ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබෙනවා. ඒ ගැන පරික්ෂණ පැවැත්වුණේ නැහැ. මේ කලාපය තුළ ඒවැනි හෙළිදරව් කිරීම්වලට ඉඩ නොතබා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මේ තුළ ආර්ථික ප‍්‍රතිවිපාකවලට අමතරව ලෝකයේ අනික් රටවල්වලින් දේශපාලන ප‍්‍රතිවිපාක ලැබීමේත් ලොකු අනතුරක් තිබෙනවා. මේ කොමිසම යටතේ ”ස්ටේට් මැනේජර්” කියලා සමාගමක් පිහිටුවනවා. වරාය නගරය තුළ ඕනෑම සමාගමකට යටිතල පහසුකම් සපයන්න මේ විශේෂ සමාගමට පැවරෙනවා. යටිතල පහසුකම් සඳහා යොදවන්නේ අපේ රටේ මහජනතාවගේ සල්ලි. ඒ කලාපයේ නේවාසිකව සිටින්නන් විශාල වශයෙන් ජලය, විදුලිය, බුක්ති විඳින අතර, කැළිකසළ විශාල ප‍්‍රමාණයක් බැහැර කරනවා.

මෙන්න මේ විදිහේ ගමනක් යන්න පසුබිමක් සකස් කරන්නයි මේ කොමිෂන් සභා පනත් කෙටුම්පත ගෙනත් තිබෙන්නේ. එහෙන් මෙහෙන් ලීක් වෙන ඩොලර් කීපයක් අපේ රටට ලැබීම හැර සංවර්ධන ව්‍යාපෘතිවල විශාල ප‍්‍රතිලාභ මේ තුළින් ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් ඒ තුළ ව්‍යාපෘති කරන අයට ලංකාව තුළ තිබෙන ව්‍යාපාර එක්ක හවුල් වෙන්න අවස්ථාවක් තිබෙනවා. එයිනුත් සිද්ධ වෙන්නේ මේ රටේ තිබෙන සමාගම් ගිල ගැනීමයි. මේ රටේ නිදහස් වෙළඳ කලාප ඇතිකර, ක‍්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘති ඇතිකර, මේ දක්වා මහජනතාව බුක්ති විඳින ප‍්‍රතිඵල මොනවාද? ජනතාවගේ ජීවිත සංවර්ධනය වෙලාද, නැහැ. එදාටත් වඩා අපේ කෑම-බීමවල මිල ගණන් පවා අධික ලෙස ඉහළ ගිහින් එදා වේල හොයා ගන්න බැරිතරමට අසරණ වෙලා. ඔය කලාපය තුළ මිහිපිට ස්වර්ගය වගේ තත්වයක් පෙන්නලා මේ පැත්තේ අපායක් ඇතිකරන කි‍්‍රයාවලියක් මේ යන්නේ. අපිට ප‍්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් අහස අසට තිබෙන ගොඩනැගිලිවල ලස්සනට ලයිට් දාලා තිබීමෙන් ඇති වැඬේ මොකක්ද?

සංවර්ධනය කියලා මෙන්න මේ වසඟයට අහුවෙලා අපි ඒ පසුපස නොයා යුතුයි. මේ අනතුරෙන් වළක්වා ගන්න නම් මහජනතාව පිල්වලට නොබෙදී තේරුම්ගත යුතුයි. මේ වැරදි අර්ථ ක‍්‍රමය විසින් ගෙන ආ දේවල් අතර, වරාය නගර ව්‍යාපෘතිය කියන්නේ තවත් එකක් මිස මහා ලොකු දෙයක් නොවෙයි. මේ දක්වා ගෙන ආ විනාශකාරී දේවල් වගේම දෙයක්. මේ ක‍්‍රමයට සමස්ත මහජනතාව ගැන හිතලා ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය, දුප්පත් මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙළක් නැහැ. මෙවැනි සංවර්ධනයකට අපිව පාවිච්චි කරන්න එපා කියලා මහජනතාව කියන්න ඕනෑ.”

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *