වසවිස නැති එළවළු සහ පලතුරු: අභියෝග ජයගත හැකි සහ තිරසර විසඳුම් මෙන්න !

ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

මෙරට කෘෂි කර්මාන්තය තුළ එළවළු සහ පලතුරු නිෂ්පාදනයට සුවිශේෂ ස්ථානයක් හිමිවන අතර ජනතාවගේ පාරිභෝජන රටාවන් තුළ ද ඒ සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ගොවිජනතාවට තමන් නිෂ්පාදනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් උපරිම වටිනාකමක් ලබා ගැනීමට සහ ජනතාවට තමන් පාරිභෝජනය කරන එළවළු සහ පලතුරුවලින් උපරිම පෝෂණයක් ලබා ගැනීමට හැකියාව පවතී ද යන්නයි. 

සෞඛ්‍යාරක්ෂිත ජීවන පැවැත්මක් සඳහා පුද්ගලයෙක් දෛනිකව එළවළු සහ පලතුරු වර්ග 5කින් ග්රෑම් 400ක් ආහාරයට එක්කර ගතයුතු බව පෝෂණවේදීන් නිර්දේශ කොට තිබෙන බැවින් ඒවායෙහි ගුණාත්මක හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගීම ද වැදගත්වේ.

එපමණක් නොව අපනයන වෙළෙඳපළ සඳහා  ද එළවළු සහ පලතුරු වගා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින හෙයින් ඒවායේ ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව වැඩි දියුණු කිරීම එම අංශයේ සංවර්ධනය සඳහා පිටුවහලක් වනු ඇත.

මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු වන ‘ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතභාවය’ (Food safety) යනු ආහාර වගා කිරීමේ, නිපදවීමේ, සකස් කිරීමේ සිට බෙදා හැරීම හා පරිභෝජනය දක්වා විවිධ අවස්ථාවල දී ආහාර දූෂණය වීම වැළැක්වීම සහතික කිරීමයි. ආහාරවල  සෞඛ්‍යාරක්ෂිතතාවයෙහි වැදගත්කම වර්තමානයේ ඉස්මතු වෙමින් පවතී.

සෞඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන්

එළවළු හා පලතුරු නිෂ්පාදනයේ දී ගොවිපොළෙහිදී  ද, අස්වනු නෙළීමෙන් පසු සුදුසු පරිදි වර්ග නොකිරීම, භාවිතයේ පවතින දුර්වලතාවයන්, නුසුදුසු ලෙස ගබඩා කිරීම හා ප්‍රවාහනය මෙන්ම යෝග්‍ය නොවන ලෙස පළිබෝධනාශක හා පොහොර භාවිතය සාම්ප්‍රදායික එළවළු සහ පලතුරු සැපයුම් දාමයන් හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීමට ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකේ. 

නිෂ්පාදනයේ දී විශේෂයෙන් ගොවිපොළහි දී පොහොර භාවිතයෙන් ද අපිරිසිදු ජලය භාවිතයෙන් ද එළවළු හා පලතුරු අපිරිසුදු විය හැකිය. තව ද කෘමිනාශක, පළිබෝධනාශක ආදිය නිසාද , ඒවායේ පවතින ආසනික්, ඊයම්, කැඩ්මියම් සහ ක්‍රෝමියම් වැනි ජලයේ පවතින අපිරිසුදු ද්‍රව්‍ය වැනි බැරලෝහ නිසාද ආහාර අපිරිසිදු වීම සිදුවේ. එළවළු හා පලතුරු වල පසු අස්වනු හානිය හා නෙලන ලද අස්වැන්නෙහි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම හේතුවෙන් ඒවායෙහි ගුණාත්මකභාවය පිරිහීම පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු වී ඇති කාරණයක් වේ.

මෑත භාගයේ දී ගොවීන්, එකතු කරන්නන් සහ වෙළෙඳුන් විසින් සැපයුම්දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බවට හානිවන පිළිවෙත් සිදු කිරීම බහුලව දක්නට ලැබේ. එළවළු හා පලතුරු ඇසිරීමේදී සුදුසු ඇසුරුම් භාවිතා නොකිරීම, එම ඇසුරුම් තුළ ප්‍රමාණය ඉක්මවා අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම වැනි අක්‍රමිකතා හේතුවෙන් පසු අස්වනු හානිය හා ගුණාත්මකභාවය අඩු වීමට හේතු වී ඇත.

කෙසේ නමුත් සුපිරි වෙළඳසැල් මඟින් සිදුවන එළවළු පලතුරු සැපයුම් දාමයන් හි පසු අස්වනු හානිය සියයට 2 සිට 6 දක්වා ද අපනයනය සඳහා වන සැපයුම් දාමයන්හි එය සියයට 5 සිට 10 දක්වා අතර අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අස්වනු නිසි පරිදි තේරීම, යෝග්‍ය ඇසුරුම් භාවිතය සහ ප්‍රවාහනය සඳහා නිසි පිළිවෙත් අනුගමනය කිරීම නිසයි.

අපද්‍රව්‍ය අඩංගුව තිබීමේ අවදානම

පසු අස්වනු හානියට අමතරව එළවළු සහ පළතුරු වගා කිරීමේදී නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවායෙහි අවශේෂයන් අස්වනුවල අඩංගුව පැවතීමෙන් එය සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාව තුළ රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් දැනුවත්භාවය හා අවශ්‍ය තාක්ෂණික දැනුම අඩු මට්ටමක පැවතීමත් ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති නිසිපරිදි සම්පාදනය නොවී තිබීමත් හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. පළිබෝධනාශක භාවිතය නිරීක්ෂණය සඳහා දීර්ඝකාලීනව සැලසුම් කරන ලද නිරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක නොවන අතර එළවළු හා පලතුරු වල ඒවායේ අවශේෂයන් අඩංගු වීම පිළිබඳව කරනු ලබන අධ්‍යයනයන් ද සීමිත සංඛ්‍යාවක් පවතී.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත්

ගෝලීයකරණය වීමත් සමග ආහාර සැපයුම් දාමවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව හා ගුණාත්මකභාවය පිළිබඳව නව අභියෝගයන්ට මුහුණ දීමට අපට සිදු වේ. නැවුම් හා සැකසූ එළවළු හා පලතුරු නිෂ්පාදන වෙළදාම සැලකීමේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වර්ධනය වන අපනයන විභවතාවයක් පවතින අතර එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා ඉදිරිපත් කිරීමේ දී ඒවායේ ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව පිළිබඳව අන්තර්ජාතික ආහාර ස්‍යෙඛ්‍ය ආරක්ෂිත සම්මතයන්ට අනුකූලව නිෂ්පාදනය කොට තිබෙන බව සහතික කිරීම වැදගත්වේ.

මේ සඳහා යහපත් ප්‍රවේශයක් ලෙස 2015 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික නිෂ්පාදන වල ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ”යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” (Good Agricultural Practice/GAP) වැඩසටහන හඳුන්වා දෙන ලදී.

මෙහිදී පොහොර භාවිතය, වල්නාශක හා පළිබෝධනාශක භාවිතය, අස්වනු නෙළීම, වර්ගීකරණය, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය, සැකසීම, අගය එකතු කළ නිෂ්පාදන සැකසීම, ලේබල් කිරීම, බෙදා හැරීම හා ගබඩා කිරීමේ ක්‍රියාවලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලැබේ.

ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ කාර්යය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශාක නිරෝධායන මධ්‍යස්ථානය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි රජයේ ආයතන හා දෙපාර්තමේන්තු ගණනාවකට බෙදී ඇත.

ගැටලු සහ විසදුම්

මෙසේ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහතික කිරීමේ වගකීම් විවිධ ආයතන අතර බෙදී යාම මඟින් එහි සම්බන්ධීකරණය ඵලදායී හා පරිපූර්ණ නොවනු ඇත. දේශීය ආහාර නිෂ්පාදනය තුළ ගොවිපොළේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා (Farm-to-table) වන සැපයුම්දාමයෙහි පාලනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැත. ආහාරවල  ස්‍යෙඛ්‍යාරක්ෂිත බව මැනීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් නොමැති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට ආයතනික මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් දක්නට නොලැබීම හේතුවෙන් විශේෂයෙන් කෘෂි නිෂ්පාදනවල ස්‍යෙඛ්‍යාරක්ෂිතභාවයට ගැටලු ඇති කරයි.

එළවළු සහ පලතුරු සැපයුම් දාමයන්හි ගුණාත්මකභාවය හා ස්‍යෙඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගතයුතු පියවර කිහිපයකි. ඒවා අතර,

  1. එළවළු හා පලතුරු සැපයුම් දාමයන්හි ගොවිපොළ බිම් නිෂ්පාදනයේ සිට අවසන් පාරිභෝගිකයා දක්වා සියලු පාර්ශ්වකරුවන්: නිෂ්පාදකයින්, සකස් කරන්නන්, ගබඩා කරන්නන්, බෙදාහරින්නන් සහ වෙළෙන්ඳන් යන ප්‍රවේශයන් තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බවසහතික කිරීම.
  2. එළවළු සහ පලතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා ඒවා ඇසිරීම සහ ප්‍රවාහනය සඳහා යෝග්‍ය වන ඇසුරුම් සහනදායී මිලකට අදාල පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සහ ඒවා භාවිතයේ දී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා අදාල පුහුණු වීම් සහ මඟ පෙන්වීම ලබා දීම.
  3. ගොවීන් සහ ව්‍යාප්ති නිලධාරීන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම තුළින් පළිබෝධනාශක භාවිතයේ දී යෝග්‍ය පිළිවෙත් අනුගමනය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සහ පුහුණු වීම් ලබාදීම.
  4. තොග සහ සිල්ලර වෙළෙඳපොළවල අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  5. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP), යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ සූක්ෂම පාලන ස්ථාන වන උපද්‍රව විශ්ලේෂණය (HACCP) යන මූලධර්ම ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
  6. එළවළු හා පලතුරු සඳහා උපරිම අවශේෂ සීමා (Maximum Residue Levels/MRL) පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කර ඇති අතර මෙම ප්‍රමාණ ඉක්මවා නිෂ්පාදනවල අන්තර්ගත නොවීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ නීතිරීති හඳුන්වා දීම සහ එවැනි  අවශේෂ විශ්ලේෂණය කිරීම සඳහා  අවශ්‍ය විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම.
  7. කාබනික නිෂ්පාදන, GAP නිෂ්පාදන සහ පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ පුළුල් කිරීම හා ඒවා සඳහා විධිමත් සහතික කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
  8. ශ්‍රී ලංකාව තුළ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව ඇති කිරීම සඳහා තනි නියාමන අධිකාරියක් (Food Safety and Standards Authority) පිහිටුවීම සහ ආහාර ස්‍යෙඛ්‍යාරක්ෂිතතාපනත සහ අදාළ නීතිරීති ශක්තිමත් කිරීම.
රුවිනි විදානපතිරණ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිණී – අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය.

Sharing is caring!

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *