අනාගත ලෝකයේ ආහාර සුරක්ෂිතභාවය සුරක්ෂිත කරන්නේ ‘අනාථ භෝග‘ ද ?

වඩාත් විමසිල්ලෙන් අවට බලන්න ! ස්වභාව ධර්මය අපට කෑමට සුදුසු දේවල් වලින් පිරී ඇති බව පැහැදිලිය. නමුත් අපේ ආහාර සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් බෝග අතළොස්සක් පමණයි. අප පරිභෝජනය කරන ශාක සංඛ්‍යාව පුළුල් කිරීමෙන් ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කළ හැකි අතරම අපගේ ආහාර වේල වඩාත් උද්දීපනය කළ හැකිද?

ශාක විශේෂ 12ක් සහ සත්ව වර්ග පහක් ලෝක ආහාර 75% කට දායක වේ ! නමුත් අවම වශයෙන් පෘථිවිය පුරා ව්‍යාප්තව පවතින ශාක විශේෂ 350,000න් ශාක විශේෂ 30,000ක් අපට ආහාරයට ගත හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. එවැනි අසීමිත විවිධත්වයක් මධ්‍යයේ අප වර්තමානයේ භාවිතය ගන්නේ අතිෂය සීමිත ආහාර වර්ග ප්‍රමාණයක් බව දැන් පැහැදිලිය.

ඕනෑම සැලකිය යුතු පරිමාණයකින් ලෝකය පුරා ආහාර සඳහා වගාකරනු ලබන්නේ ශාක විශේෂ 170ක් පමණි. ශාක වලින් අප ලබා ගන්නා කැලරි හා ප්‍රෝටීන වලින් 60% ක් පමණ ලැබෙන්නේ සහල්, බඩඉරිගු සහ තිරිගු යන තෘණ බෝග තුන මගිනි.

ලෝකය පෝෂණය කිරීම සඳහා ශාක විශේෂ කිහිපයක් මත යැපීමෙන් විශාල අවදානමක් ඇති බව මේ අනුව පැහැදිලිය. යම් බෝග ප්‍රභේදයක රෝගයක් පැතිරෙන්නට පටන් ගත් විට එය ලොව පුරා ව්‍යාප්ත විය හැකිය. බොහෝ විට ප්‍රධාන බෝග විශේෂ තුළ ජානමය විවිධත්වයක් නොමැති අතර ඒවා රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් අනපේක්ෂිතව ඇතිවන නියඟයන්, ගංවතුර සහ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වන අභියෝගාත්මක තත්වයන් තුළ මෙම ප්‍රධාන භෝග වගා කිරීම අභියෝගාත්මක වේ.

ඉතිහාසයෙන් පාඩම්

අපි ආහාර සඳහා ශාක ප්‍රභේද කිහිපයක් මත රඳා සිටියහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳව ඉතිහාසයෙන් වැදගත් පාඩම් කිහිපයක් තිබේ. නිදසුනක් වශයෙන්, 1840 ගණන්වල හා 1850 ගණන්වල අයර්ලන්තයට බලපෑ දරුණු සාගතය දැක්විය හැකිය. අයර්ලන්තයේ ප්‍රධාන ආහාර වර්ගය වූ අර්තාපල් වගාවට බලපෑ දිලීර අංගමාරය ඔවුන්ගේ අස්වැන්න විනාශ කළ අතර පසුව ඇති වූ සාගතයෙන් මිලියනයකට අධික පිරිසක් මිය ගියහ. 

නමුත් මෙම වැරදි වලින් ඉගෙන ගන්නවා වෙනුවට, 20 වන සියවසේ මැද භාගයේ දී ලෝකයේ වේගයෙන් වර්ධනය වූ ජනගහනය පෝෂණය කිරීම සඳහා ඉහළ අස්වැන්නක් සහිත ප්‍රධාන භෝග කිහිපයක් මත අධික ලෙස රඳා පැවතීම තව දුරටත් සිදුවේ.

1950 සහ 1960 ගණන්වල සිදු වූ “හරිත විප්ලවයට – Green Revolution‘ පදනම දමමින් කෘෂිකාර්මික විද්‍යාඥයින් විසින් අධික අස්වැන්නක් ලබා දෙන තිරිඟු සහ ඉරිඟු වර්ග නිර්මාණය කරන ලදී. මෙය වේගයෙන් වර්ධනය වන අපගේ ජනගහනය අඛණ්ඩව පෝෂණය කිරීමට අවස්ථාව උදාකළ අතර කෘෂිකර්මාන්තය සඳහා ඒක-සංස්කෘතික (mono-culture) ප්‍රවේශයක් ව්‍යාප්ත කිරීමට ද හේතු වී තිබේ.

එවැනි මොනෝ-සංස්කෘතික ගොවිතැනේ ප්‍රතිවිපාක ලෝකයේ හතර වන වැදගත්ම බෝගය වන, වඩාත් හුරුපුරුදු හා ජනප්‍රිය පලතුරක් වන කෙසෙල් වල ඇතිවූ අර්බුදයකදී දැක ගත හැකිවිය. වර්තමානයේදී ලෝකය පුරා කෙසෙල් වර්ග 1,000 කට වඩා ඇති නමුත් ගෝලීය වෙළඳාමෙන් 95% ක් දශක ගණනාවක් තිස්සේ රඳා පවතින්නේ කැවෙන්ඩිෂ් Cavendish නමින් හැඳින්වෙන එක් ප්‍රභේදයක් මත ය. කෙසේවෙතත්, පසුගිය දශක තුන තුළ, Tropical Race 4 (TR4) – or Panama Disease ‘‘පැනමා රෝගය‘‘ නම් දිලීරයක් රටවල් 100කට අධික සංඛ්‍යාව කැවෙන්ඩිෂ් කෙසෙල් වගා බිම් විනාශ කර ඇත.

වගාකරුවන් සහ විද්‍යාඥයන් දෙයාකාරයකින් රෝගයට එරෙහිව සටන් වදිති. (වෙනත් කෙසෙල් විශේෂවල විවිධත්වය සොයා බැලීම සහ ජාන සංස්කරණය කිරීම) වෙනත් කෙසෙල් වර්ග වල රෝගයෙන් ආරක්ෂා වන ජාන හඳුනා ගැනීමෙන් ඒවා නව ප්‍රභේද නිපදවීම සඳහා කැවෙන්ඩිෂ් කෙසෙල් සමඟ දෙමුහුන් කළ හැකිය. තවත් ප්‍රවේශයක් වන්නේ කැවෙන්ඩිෂ් ජානමය වශයෙන් වෙනස් කිරීමයි.

TR4 වලට ප්‍රතිරෝධී වන වල් කෙසෙල් විශේෂවල ජානයක් පර්යේෂකයන් විසින් දැනටමත් සොයාගෙන ඇති අතර රෝග-ප්‍රතිරෝධී වික්‍රියා නිපදවීම සදහා එය කැවෙන්ඩිෂ් කෙසෙල්වල ඩී.එන්.ඒ තුළට ඇතුළු කර ඇත. මෙම TR4- ප්‍රතිරෝධී අනුවාදයන් උතරු ඕස්ට්‍රේලියාවේ අත්හදා බැලීම්වලට භාජනය කර ඇති අතර   ඒවා නියාමන ක්‍රියාවලිය හරහා ගියහොත් ඉක්මනින් ලොව පුරා ගොවීන්ට ලබා ගත හැකිය. මෙම ප්‍රවේශය මගින් අපගේ අනෙකුත් ප්‍රධාන ආහාර බෝග වල විවිධත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මාර්ග සැපයිය හැකිය.

එක්සත් රාජධානියේ John Innes Centre බෝග පරිවර්තන කණ්ඩායමට නායකත්වය දෙන වෙන්ඩි හාර්වුඩ් පවසන්නේ “අපගේ සංස්කරණයන්හි රෝග ප්‍රතිරෝධය සහ පෝෂණ ගුණය වැනි දේ සඳහා ජාන සංස්කරණය වැදගත් දායකත්වයක් සපයන බවයි‘‘

හාර්වුඩ් Harwood වැනි විද්‍යාඥයින් ක්‍රිස්පර් Crispr වැනි අති නවීන ජාන සංස්කරණ ක්‍රමවේදයන් භාවිතා කරන අතර එමඟින් ඩීඑන්ඒ කොටස් නිවැරදිව කැපීමට හෝ ජානවලට ඇතුළත් කිරීමට ඉඩ ලබා දේ. අපේක්ෂිත කෘෂිකාර්මික ගති ලක්ෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා ශාක ඩීඑන්ඒ හි කොටස් හැසිරවීමට මෙය ඔවුන්ට ඉඩ සලසයි. අතීත සාර්ථකත්වයන් අතර දේශගුණික විපර්යාසයන්ට වඩා බෙහෙවින් අඩු අවදානමක් ඇති බ්රොකොලි, තක්කාලි, අර්තාපල්, තිරිගු, බාර්ලි වැනි නව ප්‍රභේද නිර්මාණය කිරීම මෙන්ම බෝග විනාශ කරන ජෛවහානිවලට ප්‍රතිරෝධී සහ බෝග වල ගුණත්වය ඉහළ නංවන නව ප්‍රභේද නිර්මාණය කිරීම ද ඇතුළත් වේ.

හාවුඩ්ගේ සගයා වන කැතරින් ජැකොට්ගේ නායකත්වයෙන් යුත් ජෝන් ඉනස් මධ්‍යස්ථානයේ එක් ව්‍යාපෘතියක් වී ඇටය පිපිරීම rice blast ට ප්‍රතිරෝධී ජාන හදුනා ගැනීමේ පර්යේෂණවල නිරත වේ. වී ඇටය පිපිරීම මගින් ලොව පුරා වී වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුවන අතර එමගින් ධාන්‍ය දිරාපත් වී පුස් ආසාදනය සිදුවේ.

“මගේ පර්යේෂණයට ප්‍රතිරෝධක Locus O (MLO)  ලෙස හඳුන්වන අවදානමට ලක්විය හැකි ජානයක් ඇතුළත් වෙනවා. ජානය ඉවත් කිරීමෙන් ශාකයට ප්‍රතිරෝධයක් ලැබෙනවා”ජැකොට් පවසයි. 

“ජාන සංස්කරණය වේගවත් අභිජනනය සමග ඒකාබද්ධ කළ හැකියි. බීජ වඩාත් ඉක්මණින් නිපදවීම සඳහා වැඩෙන තත්වයන් ප්‍රශස්ත කරනවා. මෙය නාසා ආයතනය විසින් ප්‍රථම වරට අභ්‍යවකාශයේ භෝග වගා කිරීම සඳහා අත්හදා බැලූ තාක්ෂණයක්. ඒ අනුව ශාකවල වර්ධනයට අවශ්‍ය ලෙස කෘත්‍රිමව දිවා කාලය දීර්ඝ කිරීම, උෂ්ණත්වය පාලනය කිරීම, CO2 බහුල වායුගෝලය භාවිතා කිරීම සහ ශාක මූලයන්ට පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් ලබා ගැනීමට ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙන හයිඩ්‍රොපොනික් තාක්ෂණය (hydroponic) භාවිතා කරනවා‘‘ ජැකොට් පවසයි.

ජෝන් ඉනස් මධ්‍යස්ථානයේ අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් විවිධ ධාන්‍ය වර්ග නියගයට ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලීම සහ අප්‍රිකාවේ නයිට්‍රජන් සහජීවන  ව්‍යාපෘතියට (Engineering Nitrogen Symbiosis for Africa (Ensa) දායකත්වය ලබා දෙයි. 

බෝග පැලෑටි වැඩෙන විට පසෙහි නයිට්‍රජන් තිර කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වන අතර ඒවා පැළවී ඇති භූමියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. උප සහරා අප්‍රිකාවේ කුඩා වතු හිමියන්ගේ අස්වැන්න වැඩි කිරීම සඳහා තිරසාර මාර්ගයක් සැපයීම මෙහි අරමුණයි.

වල් පැලෑටි වල ඇති සුදුසු ලක්ෂණ නැවත සොයා ගැනීමට දරන උත්සාහයන් (කෙසෙල් සමඟ සිදු වූවාක් මෙන්) ප්‍රධාන භෝග වල වගා නොකළ ඥාතීන් තුළ ඇති ජානමය විවිධත්වයේ විශාල, භාවිතයට නොගත් ගබඩාවක් හෙළි කරයි. ප්‍රධාන ගෝලීය භෝග වල වන සංස්කරණවල විශාල සංඛ්‍යාව හා විවිධත්වය නිසා රෝග ප්‍රතිරෝධය වැනි ගති ලක්ෂණ මෙහි දී සොයා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. නිදසුනක් වශයෙන්, ලන්ඩනයේ රාජකීය උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයින් විසින් විවිධ ශාක පවුල් 288 කින් ආහාරයට ගතහැකි ශාක ශාක විශේෂ 7039ක විශාල ලැයිස්තුවක් මෑතකදී  සොයාගෙන ඇති අතර ඉන් බහුතරයක් ආහාර ලෙස භාවිතා කළ හැකිය.

කෙසේ වෙතත්, බොහෝ විට මෙම කැලෑ ප්‍රභේද වගාවට නුසුදුසු වන අතර ඕනෑම පරිමාණයකින් වර්ධනය වීමට අපහසු ඒවා වේ. ඔවුන්ගේ ගෘහාශ්‍රිත ඥාතීන් විසින් මෙම කැලෑ ගුණාංග ශතවර්ෂ ගණනාවක් තිස්සේ අභිජනනය කර ඇති අතර එමඟින් ඒවා වැඩීමට හා අස්වැන්න නෙළීමට පහසු වේ. කෘෂිකාර්මික විද්‍යාඥයින් ඒ වෙනුවට වර්තමාන භෝග සමඟ මෙම වල් ඥාතීන් අභිජනනය (cross-breeding) කිරීම හෝ අපට අවශ්‍ය ගති ලක්ෂණ “කැපීම හා ඇලවීම – cut and paste” සඳහා ජාන සංස්කරණය වැනි ශිල්පීය ක්‍රම භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

“වඩා හොඳ භෝග වගා කිරීම සඳහා අභිජනනය කරන්නන්ගේ කාර්යයේ විවිධත්වය සැමවිටම පදනම් වී තිබේ” යැයි හාර්වුඩ් පවසයි.

21 වන සියවස තුළ සහ ඉන් ඔබ්බට අපට පෝෂණය කිරීමේදී වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි ආහාර ප්‍රභවයක් ලෙස දැනටමත් භාවිතා කර ඇති තවත් භාවිතයට නොගත් ශාක වර්ග දෙකක් තිබේ. බොහෝ විට අධික ලෙස බැලූ ආහාර ප්‍රභවයන්ගෙන් එකක් වන්නේ “අනාථ භෝග – orphan crops නැතහොත් ‘නොසලකා හරින ලද හා ඌන උපයෝජිත බෝගය.

(නොසලකා හරින ලද සහ භාවිතයට නොගත් භෝග Neglected and underutilized crop- යනු ගෘහස්ථ ශාක විශේෂ වන අතර ඒවා සියවස් හෝ ඊට වැඩි කාලයක් ආහාර, තෙල් හෝ ඖෂධීය ගුණ සඳහා භාවිතා කර ඇති නමුත් කාලයත් සමඟ වැදගත්කම අඩු වී ඇත. මෙම භෝග විස්තර කිරීම සඳහා පුළුල් පරාසයක පාරිභාෂිතය භාවිතා කරයි: අනාථ, අතහැර දැමූ, නැතිවූ, ඌන උපයෝගී කර ගත්, දේශීය, සුළු, සාම්ප්‍රදායික, විකල්ප, නිකේතන හෝ ඌන සංවර්ධිත යන නම් ඒ අතර වේ. මෑත කාලීන විලාසිතාවන්හිදී මේවා බොහෝ විට අමතක වූ හෝ ස්මාර්ට් ආහාර (forgotten or smart food) ලෙස හැඳින්වේ. භාවිතයේ අඩු කිරීම් වෙනත් දේට අදාළ විය හැකිය: සැපයුම හෝ පරිභෝජන බාධක, දුර්වල ආයු කාලය, හඳුනා නොගත් පෝෂණ අගය, පාරිභෝගික දැනුවත්භාවය සහ පිළිගත් ගැටලු ( සාගත ආහාරහෝ “දුප්පතුන්ගේ ආහාර”, සමහර විට කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීම නිසා). සමහර භෝග නොසලකා හැර ඇති අතර ඒවායේ ජානමය ඛාදනය කෙතරම් දරුණු වී ඇත්ද යත් ඒවා බොහෝ විට අහිමි වූ බෝග ලෙස සැලකේ – පරිවර්කත)

නොසලකා හරින ලද සහ භාවිතයට නොගත් භෝග (Neglected and underutilized crop) ද ආහාර සුරක්‍ෂිතතාවයට උපකාරී වේ. විශේෂයෙන් සාගත කාලවලදී ඒවා අතිෂයින් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

දේශීයව ගෘහාශ්‍රිත හා වගා කරන ලද විශේෂයන් වැඩි පිරිසකට සැලකිය යුතු පෝෂණ ප්‍රභවයක් බවට පත්වීමේ පුළුල් විභවයක් ඇත. නිදසුනක් ලෙස  නියඟයට ඔරොත්තු දෙන ඉහළ පෝෂණ ගුණයක් ඇති මෙනේරි දැක්විය හැකිය. බටහිර අප්‍රිකානු රටවල නිරන්තර නියගයන් හමුවේ එම ජනතාවගේ කුසගිනි නිවාලූ මෙනේරි මේ වන විට ධනවත් රටවල ආපනශාලාවල සුලභ ආහාරයක් බවට පත්ව ඇත.

මෝරිංගා හෙවත් මුරුංගා (Moringa (Moringa oleifera) තවත් කුතුහලය දනවන අනාථ බෝගයකි. එය දකුණු ආසියාවට ආවේණික වන අතර අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශවල ද වගා කර ඇත. මෙය ඌණ පෝෂණ පදාර්ථ පැකේජයක් වන අතර එමඟින් එය නව ‘සුපිරි ආහාරයක්’ බවට පත් කළ හැකිය. වට්ටක්කා කොළ ද මේ ආකාරයෙන් ලෝකයම පෝෂණය කළ හැකි නමුත් නොසලකා හරින ලද භෝගයකි.

ගවේෂණය නොකරන ලද අනෙකුත් ආහාර බෝග වර්ග වන්නේ “සින්ඩරෙල්ලා -Cinderella නම් ශාකයයි. එම විශේෂය නම් කර ඇත්තේ වර්තමානයේ International Tree Foundation උප සභාපති රොජර් ලීකි විසිනි. ලීකි මීට පෙර කෙන්යාවේ ලෝක කෘෂි වන වගා මධ්‍යස්ථානයේ World Agroforestry Centre (WAC) පර්යේෂණ අධ්‍යක්ෂකවරයා විය. ඔහු එම ශාකය Cinderella ලෙස නම් කළේ පැළෑටි අවට සිටින අයට බොහෝ ආකාරවලින් හොඳ සහ ප්‍රයෝජනවත් වන නමුත් ඒවායේ වටිනාකම බරපතල ලෙස නොසලකා හැර ඇති බැවිනි. මෙම සංස්කෘතිකමය වශයෙන් වැදගත් හා පෝෂ්‍යදායී ශාක ගැන ලීකි මවිතයට පත් විය. අප්‍රිකාවේ වල් පලතුරු ගස් විශේෂ 3,000ක් පමණ ඒවාට ඇතුළත් වන අතර, චොකලට් බෙරි (වීටෙක්ස් පයොස් Vitex payos) වැනි නව බෝග ලබා දෙයි .

“දේශීය වශයෙන් ප්‍රයෝජනවත් වන ශාක නැවත වගා කිරීම සඳහා අසාමාන්‍ය දෙයක් අවශ්‍ය නැහැ” ඔහු පවසයි. 

“බොහෝමයක් එසේ නොවේ නම්, බෝග හීලෑ කිරීම ආරම්භ වූයේ ජනවාර්ගික දැනුමෙනි ethnobotanic knowledge. ”

‘‘අප්‍රිකානු අනාථ භෝග සම්මේලනය -African Orphan Crops Consortium‘‘ නමින් හැඳින්වෙන බහුජාතික මුලපිරීමේ රසායනාගාර කළමනාකරු ප්‍රසාද් හෙන්ඩ්‍රේ විසින් දේශීය අප්‍රිකානු ආහාර පැලෑටි වල විභවය අගය කරනු ලැබේ. “දේශීය අප්‍රිකානු ආහාර බෝග සියල්ලම පාහේ පෝෂණය, ශක්තිය සහ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන ද්‍රව්‍යයන්ගේ ගබඩාවක්” යැයි ඔහු පවසයි. 

එහෙත් ගොවීන්ට ගබඩා පහසුකම් සහ එකතු කිරීමේ මධ්‍යස්ථාන, තොග හා සිල්ලර වෙළෙඳපොළවල සාධාරණ මිල ගණන් සහ ස්වාභාවික විපත්, රෝග සහ පළිබෝධ වලින් ආරක්ෂා වීම තුළින් ගෝලීය වශයෙන් නොව දේශීයව මෙම භෝග වගාව වැඩි කිරීමට ඔහුට අවශ්‍යය.

“සමස්තයක් වශයෙන් කලාපීය / දේශීය කෘෂිකාර්මික භූ දර්ශනය දෙස බැලිය යුතු අතර, මෙම භෝග අනෙකුත් භෝග, ගස්, පස, සතුන් සහ සමාජයන් සමඟ අන්තර්ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගත යුතුයි.” හෙන්ඩ්‍රේ තර්ක කරයි. 

“වෙනත් තැනකට අදාළ වන විශාල කෘෂිකාර්මික ආකෘති යෙදිය නොහැකයි. අපි දේශීයකරණය කළ විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. ඒ වගාකරුවන්ගේ ආදායම ඉහළ නංවන නමුත් වටපිටාව හා පරිසරයට අනුකූල වන අයුරින්‘‘

සාම්ප්‍රදායික අප්‍රිකානු ශාක විශේෂවල මෙම නිධානය පිළිබඳ නූතන විද්‍යාඥයින් විසින් සොයා ගැනීම පුදුමයට කරුණකි. 1990 දශකයේ මැද භාගයේදී, ඩබ්ලිව්.ඒ.සී පර්යේෂකයන් උප සහරා අප්‍රිකාව පුරා සමීක්ෂණ පවත්වනු ලැබුවේ මහෝගනී වැනි වාණිජමය වශයෙන් වැදගත් දැව වෙනුවට වඩා දේශීය ගස් වඩාත්ම වටිනවාද යන්නයි. දේශීය විද්‍යාවට ආවේණික පලතුරු ගස් (නූතන විද්‍යාවට එතරම් දැනුමක් නැති) විශේෂයන් දේශීය ජනතාව අධික ලෙස තෝරා ගැනීම ගැන විශේෂඥයන් පුදුමයට පත් වූහ.

එතැන් පටන් ඩබ්ලිව්.ඒ.සී විසින් අප්‍රිකානු ජනතාව සිය ඉඩම්වල වගා කිරීම සඳහා බෙහෙවින් ප්‍රිය කරන කැලෑ සින්ඩරෙල්ලා (wild Cinderella) විශේෂ වන ‘පදුරු අඹ‘‘ bush mango – Irvingia gabonensis) සහ අප්‍රිකානු ප්ලම් (African plum) ලෙස හඳුන්වන සෆෝ  safou (ඩක්‍රියෝඩ්ස් එඩුලිස්) කැමරූන් වැනි රටවල ව්‍යාප්ත කිරීමට උනන්දු විය. 

නයිජීරියාවේ, මලාවි සහ කැමරූන් හි ප්‍රදේශවාසීන් මෙම ශාක පුළුල් පරාසයක භාවිතා කිරීම සඳහා උත්සාහා කරති. එහි බහුල පලතුර මෙන්ම පදුරු අඹ ද මේද හා ප්‍රෝටීන් බහුල ගෙඩි විශේෂයකි. දේශීය ජනතාව ඒවා ඔග්බොනෝ (ogbono) හෝ dika nuts ලෙස හදුන්වති. අව්වේ වියළන ලද මෙම ඇරෝමැටික ඇට වර්ග දේශීය ආහාරයක් වන ඩිකා පාන්  dika bread හෝ වඩාත් අලංකාර ලෙස ගැබොන් චොකලට් සෑදීම සඳහා යොදා ගත හැකිය.

මෙම වර්ගයේ බෝග වැඩි වශයෙන් භාවිතා කිරීමේ අභියෝග තිබේ. “අනාථ භෝග වල ඇති ගැටලුව නම් ඒවා වැඩි දියුණු කිරීම සඳහා ඉතා සුළු අභිජනන පර්යේෂණ සිදු කර තිබීමයි. එබැවින් ඒවා බොහෝ විට ඒවායේ පුළුල් භාවිතය සීමා කරන ගති ලක්ෂණ රඳවා තබා ගනී” යැයි හාර්වුඩ් පවසයි.

එසේ තිබියදීත්, ලෝකයේ සමහර ප්‍රදේශවල ගොවීන් අතීතයේ දී සිතාගත නොහැකි වූ “විදේශීය” භෝග අත්හදා බැලීමෙන් තමන් මුහුණ දෙන අභියෝගයන්ට අනුවර්තනය වෙමින් සිටිති. එක්සත් රාජධානියේ ෂ්රොප්ෂයර් හි ගොවියෙකු වන ස්ටීවන් ජෝන්ස් 2006 සිට දකුණු ඇමරිකානු ධාන්‍ විශේෂයක් වන ‘‘ක්විනෝවා‘‘( quinoa) වගා කරන්නේ බ්‍රිතාන්‍ය දේශගුණය තුළ වර්ධනය විය හැකි විවිධ භෝග පුළුල් කිරීමේ උත්සාහයක් වශයෙනි. මෙම ධාන්‍ය සඳහා ඇති ඉල්ලුම වැඩිවීම නිසා ඔහු අනෙකුත් බ්‍රිතාන්‍ය ගොවීන් සමඟ එකතු වීමට හේතු විය.

“එක්සත් රාජධානියේ පරිසරයට ක්විනෝවා අනුවර්තනය වීමේ වැදගත්ම අංගය වන්නේ නිවැරදි ප්‍රභේදයක් තෝරා ගැනීමයි. හොඳ තත්ත්වයේ ආහාරයට ගත හැකි ක්විනෝවා බීජයක් වගා කිරීම” යැයි ජෝන්ස් පවසයි. 

“ක්විනෝවා සඳහා වැඩෙන හොඳම තත්වයන් මොනවාදැයි තහවුරු කර ගැනීම සඳහා අපට විවිධ අත්හදා බැලීම් කිරීමට අවශ්‍ය වූ නමුත් බොහෝ දේ අත්හදා බැලීම් හා දෝෂයන්ගෙන් ඉගෙන ගෙන තිබේ. වර්තමානයේ අපි කාලගුණයට එරෙහිව අපගේ නිෂ්පාදන අවදානම් කළමනාකරණය කිරීම සඳහා එක්සත් රාජධානිය පුරා හොඳින් ව්‍යාප්ත වූ රටාවකින් ක්විනෝවා වගා කරමු. ”

ඩෙවොන්හි ඔටර් ෆාම් හි (Otter Farm in Devon), මාර්ක් ඩයකොනෝ විසින් එක්සත් රාජධානියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන විට වර්ධනය වීමට පහසු වන ශාකවල “දේශගුණික විපර්යාස තවානක් – “climate change nursery” නිර්මාණය කර ඇත. සාමාන්‍යයෙන් ජපන් වයින්බෙරි සහ පීකන් වැනි බ්‍රිතාන්‍යයට ආනයනය කළ යුතු බෝග ඒ තුළ වගා කෙරේ. ඔහුගේ ලොකුම සාර්ථකත්වය වූයේ Szechuan peppers (ෂෙචුවාන් මිරිස්ය) ය. “ඒවා ඉතා විශ්වාසදායක හා ඵලදායකයි” කියා ඔහු පවසයි.

එංගලන්තයේ සමෘද්ධිමත් ඈත පෙරදිග භෝග වල තවත් මුරපොලක් වන්නේ සසෙක්ස් හි නාමයාසායි ෆාම් ය. රොබින් විලියම්ස් සහ ඔහුගේ බිරිඳ ඉකුකෝ සුසුකි යූසු, එඩමාම්, කරෂිනා (රතු අබ කොළ), කබු (ජපන් ටර්නිප්), මින්ටි ඔසු ෂිසෝ, නෙගි ( ජපන් දිගු ළූණු), මිට්සුබා සහ කබොචා (ජපන් වට්ටක්කා) 2004 සිට තම ගොවිපොළේ වගා කරයි.

මේ අතර, නව බීජ වැපිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස “විදේශීය” භෝග දුසිම් ගනනක් දේශීය වෙන් කිරීම් වලින් සඵල වෙමින් පවතී. ජැමෙයිකාව, ඉන්දියාව, ගයනා, චීනය, පාකිස්තානය, ජපානය, සිම්බාබ්වේ සහ ඉතියෝපියාව වැනි විවිධ රටවලට ආවේණික පැලෑටි වගා කිරීම සඳහා වගාකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් මෙමඟින් එකතු වී ඇත. 

“සාම්ප්‍රදායික නොවන එක්සත් රාජධානියේ භෝග වගා කරන පුද්ගලයින් සමඟ කතා කරමින්, එක්සත් රාජධානියේ දේශගුණය තුළ කොපමණ ප්‍රමාණයක් වර්ධනය වී ඇත්ද යන්න ගැන අප පුදුමයට පත් වූවා” යැයි Sowing Seeds Project  ආරම්භ කළ ගාඩන් කාබනික දැනුම හුවමාරු නිලධාරි ඇන්ටන් රොසෙන්ෆෙල්ඩ් පවසයි . “සමහර ඒවා අපගේ තත්වයන්ට නොගැලපේ, නමුත් අපූරු සාර්ථක කතා කිහිපයක් තිබේ‘‘

අපගේ ගෝලීය ආහාර වෙළඳපොල දැනටමත් පාරිභෝගිකයින්ට ලොව පුරා පැලෑටි සහ භෝග සාම්පල ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත, නමුත් අඩු වටිනාකමින් යුත් අනාථ භෝග ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නේ නම් අපගේ ආහාර වේලට වඩාත් ආකර්ෂණීය බවක් ලබා ගත හැකිය.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.