සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළයුතු මාර්ගෝපදේශ නිකුත් කරයි – බස්නාහිරට විශේෂ නීති

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් පනවා තිබූ සංචරණ සීමා හෙට (21) අළුයම සිට ලිහිල් කිරීමට තීරණය කර ඇතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) නිකුත් කළ මාර්ගෝපදේශවල බස්නාහිර පළාතට පමණක් අදාළ වන මාර්ගෝපදේශ ගණනාවක් ද එක් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතට පමණක් දක්වා ඇති සංචරණ නීති රීතිවලට අනුව බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සේවක ප්‍රවාහනයට පමණක් සීමා කර ඇති අතර පළාත තුළ ආයතනික රැස්වීම් වැඩමුළු සන්නාම දියත්කිරීම් සම්මන්ත්‍රණ තහනම්ය. පදික වෙළෙන්දන් තහනම් වන අතර සාප්පු සංකීර්ණද නිමි ඇඳුම් හල්ද වසා දමා ඇත.

මෙම නව මාර්ගෝපදේශ හෙට 21 සිට ජුලි මස 05 වනදා දක්වා අනුගමනය කරන ලෙස දන්වා ඇත.

මෙම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.