කාබනික කෘෂිකර්මාන්තය ‘ගෝලීය අවශ්‍යතාවක්‘ වන්නේ ඇයි?

කාබනික කෘෂිකර්මාන්තය සාගින්න හා මන්දපෝෂණය පමණක් නොව දුප්පත්කම, ජල පරිහරණය, ​​දේශගුණික විපර්යාස සහ තිරසාර නොවන නිෂ්පාදනය හා පරිභෝජනය ඇතුළු වෙනත් අභියෝගයන්ට මුහුණ දීම සඳහා මාර්ගයක් විය හැකිය.

අපි බොහෝ ආකාරවලින් අර්බුදයක සිටිමු ! ලෝකය පුරා මිලියන 800කට වැඩි පිරිසක් කුසගින්නෙන් පෙළෙන අතර කෝටි 200ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. ගෝලීය වැඩිහිටි ජනගහනයෙන් සියයට 30ක් පමණ අධික බර හෝ තරබාරු අය වන අතර ලොව පුරා නිපදවන ආහාර වලින් 30%ක් පමණ නාස්ති වේ.

මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ අනුපාතයකින් සොබාදහම ගෝලීය වශයෙන් පිරිහෙමින් පවතී. සත්ත්ව හා ශාඛ විශේෂ මිලියනයක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

ඉඩම් හායනය (Land degradation) ගෝලීය භූමි ප්‍රමාණයෙන් 23%ක ඵලදායිතාව අඩු කර ඇති අතර වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 577ක් වටිනා කෘෂිකාර්මික බෝග පරාගණය කරන මී මැස්සන් ඇතුළු පරාග වාහකයින් අවදානමට ලක්ව ඇත.

ජෛව විවිධත්වය පිළිබඳ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකට අනුව, ගෝලීය වශයෙන් ආහාර සඳහා වගා කරන ලද ශාක විශේෂ දහස් ගණනක් අතරින් ආහාර නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්නේ බෝග 200කටත් වඩා අඩු සංඛ්‍යාවක් වන අතර ඉන් බෝග 09ක් ගෝලීය සමස්ත ආහාර නිෂ්පාදනයෙන් 66%කට හිමිකම් කියන්නේය.

තිරසාර නොවන කෘෂිකර්මාන්තය ගැටලුවේ කොටසකි

තිරසාර නොවන කෘෂිකර්මාන්තය (Unsustainable agriculture) ජෛව විවිධත්ව අලාභයේ විශාලතම ගාමක බලවේගය වන අතර එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, පස දූෂණය කිරීම, ග්‍රාමීය ජීවනෝපායන්ට තර්ජනය කිරීම මෙන්ම ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාවයට දායක වේ.

මෑතකදී නිකුත් වූ  ‘දේශගුණික විපර්යාස පිළිබද වූ අන්තර් රාජ්‍ය වාර්තාව – Intergovernmental Panel on Climate Change (IPCC) report ‘අපගේ ආහාර පද්ධතීන් ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 29%කට දායක වන බව පෙන්වා දුන්නේය. වැඩි බෝග ඵලදාවක් වෙනුවෙන් භාවිතා කරන රසායනික පොහොර මගින් වායුගෝලයට මුදා හරින නයිට්‍රස් ඔක්සයිඩ් මෙම ව්‍යසනයට ප්‍රධාන වශයෙන් හේතු වේ.

ලොව පුරා සිදුව වන විනාශයෙන් 80% කට කෘෂිකර්මාන්තය සෘජුවම වගකිව යුතු බවට ඇස්තමේන්තු තිබේ.

අපගේ තිරසාර නොවන ආර්ථිකයන්ගේ හා ජීවන රටාවේ ප්‍රතිවිපාකවලට බොහෝ විට ගොවීන් ඍජුව ලක්වේ. ගොවීන් ලෝකයේ දුප්පත්ම හා වඩාත්ම ආහාර අනාරක්‍ෂිත පුද්ගලයින් වන අතර දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

අපට පද්ධතිමය වෙනසක් අවශ්‍යයි

පරිසරය හා සෞඛ්‍යය කෙරෙහි යෙදවුම් -තීව්‍රර හෝ කාර්මික කෘෂිකර්මාන්තයේ ඍණාත්මක බලපෑම්, ගොවීන්ට යහපත් ආදායමක් ලබා දීමට ඇති නොහැකියාව, පොසිල ඉන්ධන මත ඉහළ රඳා පැවතීම සහ දේශගුණික විපර්යාස සඳහා ඉහළ අවදානමක් ඇතිවීම යන සියල්ල වෙනස් වීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

ලෝකය පෝෂණය කිරීම සඳහා කෘෂිකර්මාන්තයේ තිරසාර බව අවශ්‍ය වන බව අපට පැහැදිලි විය යුතුය. වත්මන් සහ අනාගතයේදී ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය පාරිසරික සම්පත් ආරක්ෂා කළ යුතුය.

කාබනික කෘෂිකර්මාන්තය විසඳුමක් ලබා දෙයි

ශුභාරංචිය නම් කෘෂිකර්මාන්තයට ද අපට විසඳුම් ගෙන ඒමට හැකි වීමයි. ගෝලීය භෝග නිෂ්පාදනයෙන් සහ ගෝලීය ආහාර සැයපුමෙන් 30%කට හිමිකම් කියනු ලබන්නේ හෙක්ටයාර් දෙකකට වඩා අඩු කුඩා ඉඩම් හිමියන් විසිනි. ඔවුන් කාබනික කෘෂිකර්මාන්තයට යොමු කර ගැනීම ඉතාම පහසු වන අතර කාබනික කෘෂිකර්මාන්තයේ වඩාත් ප්‍රතිලාභී කණ්ඩායම බවට ඔවුන් පහසුවෙන් පත්කළ හැකිය. මෙය ගෝලීය ගැටලු රැසකට තිරසර විසදුමක් වනු ඇති බව නිසැකය.

කාබනික කෘෂිකර්මාන්තය (කාබනික කෘෂිකර්මාන්තයේ මූලධර්ම මත පදනම් වූ) තිරසාර ආහාර පද්ධති (sustainable food systems) සහ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දීමේ අවශ්‍යතාවයන් සඳහා සංක්‍රාන්ති මාවතක් විය හැකිය.

කාබනික කෘෂිකර්මාන්තය බොහෝ කුඩා වතු හිමියන් සඳහා ප්‍රවේශ විය හැකි, දැරිය හැකි සහ සවිබල ගැන්වීමේ පද්ධතියකි. එය බොහෝ දුරට පදනම් වී ඇත්තේ දේශීය ජෛව විවිධත්වය හා සම්පත් භාවිතය මත වන අතර බාහිර වියදම් අඩු වේ. විශේෂයෙන් දුප්පත් ගොවීන් සඳහා කාබනික කෘෂිකර්මාන්තය ඉතා වැදගත් ය.

අනාගතය සඳහා ගොවිතැන් කිරීම

අපේ කාලයේ ඇති ප්‍රධාන ගැටලු, (බලශක්තිය, පරිසරය, දේශගුණික විපර්යාස, ආහාර සුරක්‍ෂිතතාව, මූල්‍ය සුරක්‍ෂිතතාව) හුදකලාව තේරුම් ගත නොහැකිය. මානව වර්ගයාගේ පොදු අවශ්‍යතා සියල්ල සැලකිල්ලට ගනිමින් ආහාර හා කෘෂිකර්මාන්තය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය.

පොදු යහපතට දායක වන සහ සැමට හොඳ ආහාර නිපදවන කාබනික ගොවීන්ට සහාය වීම සඳහා තිරසාර ගොවිතැනට හිතකර එවැනි ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති මෙවලම් ඉතා වැදගත් වේ.

ආහාර පද්ධති වෙනස් කිරීම යන්නෙන් අදහස් කරන්නේ සමානාත්මතාවය, සමාජ සාධාරණත්වය සහ ඇතුළත් කිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් ගොවීන් සහ ආහාර නිෂ්පාදකයින් සඳහා කොන්දේසි වෙනස්  කිරීමයි. අපගේ ආහාර වේල වෙනස් කිරීම, උදාහරණයක් ලෙස, මස් අනුභව කිරීම අඩු කිරීම සහ දේශීයව වගා කරන ලද, සෘතුමය, කාබනික නිෂ්පාදන තෝරා ගැනීම ද ආහාර පද්ධති වෙනස් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

https://www.ifoam.bio/why-organic ඇසුරින් කළ දළ පරිවර්තනයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *