ඉන්දියාව කොවිඩ් -19 සඳහා වැඩිම එක්දින එන්නත් ආවරණය වාර්තා කරයි

ඉන්දියාවේ COVID-19 එන්නත ආවරණය මේ වන විට මිලියන 620 සීමාව ඉක්මවා ඇත

ඉන්දියාව විසින් ඊයේ (27) කොවිඩ් -19 මාත්‍රාවන් මිලියන 9.3කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. මෙම වසරේ ජනවාරි 16 වන දින රට පුරා එන්නත්කරණ ව්‍යාප්තිය ආරම්භ කිරීමෙන් පසු එක් දිනකදී ලබා දුන් ඉහළම එන්නත් සංඛ්‍යාව මෙයයි.

මෙම සංඛ්‍යාව ඊයේ (27) රාත්‍රී 7 දක්වා පවතින මූලික දත්ත මත පදනම් වී ඇති හෙයින් මෙම අගය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“අද මධ්‍යම රාත්‍රිය වන විට අවසන් වාර්තාව ලැබෙනු ඇතැ‘යි සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පැවසීය.

තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ඉන්දියාවේ COVID-19 එන්නත් ආවරණය මිලියන 620 සීමාව ඉක්මවා ඇත. සවස 7 ලැබුණු තාවකාලික වාර්තාවට අනුව එන්නත් මාත්‍රාවන් 62,09,43,580 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත.

“ඉන්දියාව අද ඓතිහාසික 90 ලක්ෂ #කෝවිඩ් 19 එන්නත්කරණය පරිපාලනය කරන බැවින් පුරවැසියන්ට සුබ පැතුම් ! නියම සංඛ්‍යාව තවමත් ගණන් කරමින් පවතී !” මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාණ්ඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මධ්‍යම රජයේ සෞඛ්‍ය රාජ්‍ය ඇමති භාරතී ප්‍රවින් පවාර් පවසා තිබුණේ “අපි අද නව වාර්තාවක් පිහිටුවීමට සූදානම්” බවයි. සවස 5 දක්වා එන්නත් 79 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බව ඇය පැවසුවාය.

සිකුරාදා සවස දත්ත වලට අනුව, ප්‍රතිලාභීන් 479,148,993 දෙනෙකුට අවම වශයෙන් කොවිඩ් -19 පළමු මාත්‍රාව ලැබී තිබේ. මෙය කොවිඩ් -19 එන්නත සඳහා සුදුසුකම් ලත් ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩිය.

එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා ගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 141794587 කි.

අද (28) උදෑසන 7 දක්වා වාර්තා මත පදනම් වූ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව ගත වූ පැය 24 තුළදී එන්නත් 79,48,439 ක් ලබා දී ඇත.

“COVID-19 වලින් රටේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන කණ්ඩායම් ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙස එන්නත් කිරීමේ ව්‍යායාමය නිරන්තරයෙන් සමාලෝචනය කර අධීක්ෂණය කෙරෙමින් පවතී” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

indianewsnetwork.com ඇසුරිණි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *