
දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදු වුවද ඉන්දියාව සිය අසල්වැසියන් සඳහා ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දී තිබේ
කොවිඩ් එන්නත්, මුඛ ආවරණ සහ පරීක්ෂණ කට්ටල යැවීමේ සිට ඔක්සිජන් සැපයීම දක්වා ඉන්දියාව වසංගතය අතරතුර හැකි සෑම ආකාරයකින්ම දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයට (සාර්ක්) අයත් රටවලට, නැතහොත් සිය අසල්වැසියන්ට ආධාර කර ඇත.
අභ්‍යන්තර වශයෙන් දැඩි කෝවිඩ් තත්වයක් හේතුවෙන් පීඩාවට පත්ව සිටියත් ඉන්දියාව සිය ජාත්‍යන්තර වගකීම් සහ “වසුධායිව කුටුම්භකම්‘ නැතහොත් ලෝකය එකම පවුලක් යන මන්තරය අනුගමනය කිරීම නැවැත්වුවේ නැත.
කොවිඩ් වසංගතයට එරෙහිව ඉන්දියාව ආරම්භ කළ සටනේදී අග්‍රාමාත්‍ය මෝදි සාර්ක් රටවල් එක්සත් කළේය, කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමේදී සාර්ක් සහයෝගීතාවයට ඔහු නායකත්වය දෙමින් සිටී. කොවිඩ් තත්ත්වය පිළිබඳ අවබෝධය ලබා ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වසංගතය ආරම්භයේදීම සාර්ක් රටවල නායකයින් සමඟ සාකච්ඡා කර තිබේ.
කලාපයේ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම පිණිස පොදු උපාය මාර්ගයක් සකස් කිරීම සඳහා 2020 මාර්තු 15 දින අගමැති මෝදි සාර්ක් නායකයින් සමඟ වීඩියෝ සම්මන්ත්‍රණ තුළින් සාකච්ඡා කළේය.
සියළුම රටවල ස්වේච්ඡා දායකත්වය මත පදනම්ව, ඔහු සාර්ක් රටවල් සඳහා කොවිඩ් -19 හදිසි අරමුදලක් පිහිටුවීමට යෝජනා කළ අතර එම අරමුදල සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 10ක මූලික දීමනාවක් ලබා දුන්නේය. වෛද්‍යවරුන් සහ විශේෂඥයින්ගේ වේගවත් ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් සහ පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපකරණ සාර්කි රටවල් සඳහා ස්ථානගත කිරීම ඔහු තහවුරු කළේය.
අසල්වැසි රටවල හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සඳහා මාර්ගගත පුහුණු සැසි සකස් කිරීමට, වෛරස් වාහකයන් සහ ඔවුන් සම්බන්ධ වූ පුද්ගලයින් සොයා ගැනීමට හැකි මෘදුකාංග හුවමාරු කර ගැනීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික විය.
මේ වසරේ පෙබරවාරි 18 වන දින කෝවිඩ් -19 අර්බුදය පිළිබඳව සාර්ක් සෞඛ්‍ය ලේකම් මට්ටමේ රැස්වීමක් ඇමතූ අගමැති මෝදි. වසංගතය මධ්‍යයේ වෛද්‍යවරුන් සහ හෙදියන් සඳහා විශේෂ වීසා ක්‍රමයක් සකස් කිරීමට ද යෝජනා කළේය. කලාපීය ගුවන් ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීම සහ COVID-19 එන්නත් සම්බන්ධීකරණ අධ්‍යයනය සඳහා වේදිකාවක් සැකසීම පිළිබඳව ඇති විය හැකි එකඟතාව ගැන ද අගමැති මෝදි කතා කළේය.
නේපාලය
කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා නේපාලයට උපකාර කිරීම සඳහා ඉන්දියාව පසුගිය බ්‍රහස්පතින්දා පියවර ගත්තේය. වසංගතයට මුහුණ දීම සදහා අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් බලාගාරයක් ඉන්දියාව විසින් පරිත්‍යාග කළේය. කත්මණ්ඩුහි පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයට අනුව, මෙම මිනිත්තුවකට ඔක්සිජන් ලීටර් 960ක (Litre per Minute) ධාරිතාවයක් සහිත බලාගාරය සැලසුම් කර ඇත්තේ එක් අයෙකුට මිනිත්තුවකට ලීටර් 5 බැගින් ඔක්සිජන් ලබා දීම සඳහා ය.
2021 අප්‍රේල් 22 දින ඉන්දියාව විසින් නේපාලයට ටොන් 23ක වෛද්‍ය උපකරණ සහ පරීක්ෂණ කට්ටල ප්‍රදානය කළ අතර 2021 මැයි මාසයේදී ඉන්දියාව සිය දේශීය නිෂ්පාදනයක් වන පාතෝඩෙක්ට් (Pathodetect ) RT-PCR ඒකක 30,000,000ක් නේපාලයට ලබා දුන්නේය.
ජුනි මාසයේදී ඉන්දියානු හමුදාව නේපාල හමුදාවට රුපියල් කෝටි 18.02 කට වඩා වටිනා වෛද්‍ය ආධාර පිරිනමන ලදී. ඉන්දියානු හමුදාව විසින් වායු සමීකරණ, ගිලන්රථ, දැඩි සත්කාර ඒකක ඇඳන්, පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල සහ පීසීආර් පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.
බංග්ලාදේශය
ඉන්දියාව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ටොන් 20 කට ආසන්න ප්‍රමාණයකින් යුත් ජීවිත ආරක්‍ෂක උපකරණ සහිත තවත් ගිලන් රථ 40ක් පසුගිය 26 වැනිදා බංග්ලාදේශයට භාර දුන්නේය.
මාර්තු 26-27 දිනවල පැවති සිය රාජ්‍ය සංචාරයේදී අගමැති මෝදි බංග්ලාදේශයට ගිලන් රථ 109 ක් පිරිනමන බව නිවේදනය කළේය. මේ වන විට බංග්ලාදේශයට ගිලන් රථ 71 ක් ලබා දී ඇත.
ප්‍රසම්පාදන ගිවිසුමක් යටතේ බංග්ලාදේශයට දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 186 ක් රැගෙත් හත්වන ඔක්සිජන් සීඝ්‍රගාමී දුම්රිය සති දෙකකට පෙර පිටත්කර හරින ලදි. බංග්ලාදේශයේ රෝහල් වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එහි පළමු තොගය ජූලි 24 දා ළඟා වී තිබුණි.
2021 ජනවාරි මාසයේදී ඉන්දියාව විසින් බංග්ලාදේශයට තෑග්ගක් වශයෙන් COVID-19 එන්නත මාත්‍රාවන් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් යවා තිබුණි.
මාර්තු 25 දා බංග්ලාදේශයට ශල්‍ය මුඛ ආවරණ 30,000ක් සහ හිස්අවරණ 15,000 ක් ඇතුළත් ඉන්දියානු හදිසි වෛද්‍ය ආධාර පළමු වාරිකය ලැබුණි. දෙවන ඉන්දියානු තොගය විෂබීජහරණය කළ ශල්‍යකර්ම රබර් අත්වැසුම් 50,000 ක් සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් බෙහෙත් පෙති 100,000 කින් සමන්විත වු අතර 2021 මැයි මාසයේදී ඉන්දියාව සිය හදිසි වෛද්‍ය ආධාර යටතේ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල 30,000 ක් බංග්ලාදේශයට යවා ඇත.
ශ්‍රී ලංකාව
COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා තම කුඩා සොහොයුරා වන ශ්‍රී ලංකාවට ඉන්දියාව විසින් විශේෂ අනුග්‍රහයක් ලබාදී ඇත. පසුගිය අගෝස්තු 25 වන විට නවදිල්ලිය විසින් ශ්‍රී ලංකාවට දියර ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇති අතර 2020 අප්‍රේල්-මැයි මාස වලදී අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 26 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට පරිත්‍යාග කර ඇත.
භූතානය
ඉන්දියාවෙන් COVID-19 එන්නත් තෑගි ලැබුණු පළමු රට භූතානය විය. මේ වන විට ඉන්දියාව භූතානය සඳහා කොවිඩ් එන්නත් මාත්‍රාවන් 550,000 ක් පරිත්‍යාග කර ඇත. භූතානයට සහය වීම සඳහා ඉන්දියාව පසුගිය අප්‍රේල් මාසයේදී කොරෝනා වයිරස් හදිසි අරමුදල යටතේ වෛද්‍ය සැපයුම් තොගයක් ද භූතානයට යවා ඇත.
මාලදිවයින
සෞඛ්‍ය සේවකයින්ට එන්නත් කිරීම සඳහා ඉන්දියාව 2021 ජනවාරි මාසයේදී මාලදිවයිනට COVID-19 එන්නත මාත්‍රාවන් 100,000ක් ප්‍රදානය කළේය. තෑගි ලබා දුන් මාත්‍රාවන්ට අමතරව, ඉන්දියානු නිෂ්පාදන සමාගම් වලින් දැරිය හැකි මිලකට එන්නත් ලබා ගැනීම සඳහා ඉන්දියාව මාලදිවයිනට සහාය විය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ ඉන්දියාව විසින් මාලදිවයිනට ඩොලර් මිලියන 250ක මූල්‍යාධාර ලබා දීම ගැන මාලේ රජයට ඉන්දියාවට සිය ස්තූතිය පළ කළේය.
indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද