ටෝකියෝ ඔලිම්පික්: ROC ලෙස තරග කරමින් පස්වැනි තැනට පත් වුණේ කවුද ?

ඉහළ ඡායාරූපය – මෙම ක්‍රීඩා උළෙලේදී රුසියානු ඔලිම්පික් කමිටුවේ රන් පදක්කම් 20 න් එකක් උස් ජම්පර් මාරියා ලසිට්ස්කෙන් දිනා ගත්තාය

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඔවුන්ගේ කණ්ඩායම, ධජය සහ ගීය නිල වශයෙන් තහනම් කර තිබියදීත් රුසියානු ක්‍රීඩකයින් 2004 සිට වැඩිම පදක්කම් ප්‍රමාණයක් සිය පීතෘ භූමියට රැගෙන ගෙදර යති.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව තහනම් උත්තේජක අපවාදයක් සඳහා දඩුවමක් වශයෙන් රුසියාවට ඔලිම්පික් උළෙල තහනම් කර ඇත. නමුත් රුසියානු ඔලිම්පික් කමිටුව (Russian Olympic Committee -ROC ) ලෙස තරඟ කරමින් ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 71ක් දිනා ගත්හ. ඒ අතර රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 28ක් සහ ලෝකඩ පදක්කම් 23ක් වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ පදක්කම් සටහනේ 05 වැනි ප්‍රබල ස්ථානයක් රුසියාවට හිමිවීමයි.

රුසියානු ක්‍රීඩ ක්‍රීඩිකාවෝ 2012 දී ලන්ඩන් සහ 2008 බීජිං ඇතුළු ක්‍රීඩා වලදී තමන්ගේ නිල ධජය යටතේ තරඟ කළ විට දිනාගත් පදක්කම් අභිබවා යාමට මෙවර සමත් වූහ.

රිද්මයානුකූල ජිම්නාස්ටික් වැනි දශක ගණනාවක් පුරා ඔවුන් ආධිපත්‍යය දැරූ ඉසව් වල ජයග්‍රහණ අහිමි නොවන්නේ නම් ඔවුන්ගේ රන් පදක්කම් ප්‍රමාණය මීට වඩා ඉහළ යාමට ඉඩ තිබුණි.ටෝකියෝ 2020 අවසාන පදක්කම් සටහනේ පළමු හය

ආර්ඕසී හි සභාපති ස්ටැනිස්ලාව් පොස්ඩ්නියාකොව් මෙම ඔලිම්පික් උළෙල තම කණ්ඩායමට “සාර්ථක යැයි සලකන නමුත් විවේචකයන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩකයින් සමහර සමහර විට ටෝකියෝවේ සිටිය යුතු ද ? යන ප්‍රශ්නයට මුහුණ පා ඇති බවයි.

ටෝකියෝහි ආර්ඕසී ලෙස ක්‍රීඩා 30ක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට වැඩි ප්‍රමාණයක් තරඟ වැදුණු අතර ඔවුන්ගේ ජයග්‍රහණයන් සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ජිම්නාස්ටික් ඉසව්වේ රන්, මල්ලව පොර රන් 4 ක් සහ වෙඩි තැබීමේ, කඩුළු පැනීම හා පිහිනුම් ක්‍රීඩාවල මුල් ස්ථාන හිමි විය.

රුසියාවේ සියලුම ප්‍රධාන ක්‍රීඩා ඉසව් සඳහා වූ තහනම 2022 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර එම නිසා එහි ක්‍රීඩකයින් ලබන වසරේ බීජිංහි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී ආර්ඕසී ලෙස අඛණ්ඩව තරඟ වදිනු ඇත.

බී.බී.සී ඇසුරිණි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.