දේශගුණ විපර්යාවලට නිසි විසදුමක් නොදුනහොත් ඉන්දියාවට ඩොලර් ට්‍රිලියන 35ක් අහිමිවීමේ අවදානමක් !

මෙය අත්කර ගත හැකිවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමෙන් සහ ‘අපනයන ප්‍රතිකාබනීහරණය‘ කිරීමේ හැකියාව අවබෝධ කර ගැනීමෙනි

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉදිරි වසර 50 තුළ සිය රටට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 35ක ආර්ථික ශක්තියක් අහිමිවීම වැළැක්වීම සඳහා ඉන්දියාව දැන් පියවර ගත යුතු බව ‘ඩීලොයිට් ආර්ථික විද්‍යා ආයතනයේ (Deloitte Economics Institute)  නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

‘ඉන්දියාවේ හැරවුම් ලක්ෂ්‍යය: දේශගුණික ක්‍රියාවලින් අපේ ආර්ථික අනාගතය මෙහෙයවන්නේ කෙසේද ? (‘India’s turning point: How climate action can drive our economic future) යන මාතෘකාවෙන් යුත් වාර්තාව, ඉහළ යන ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සහ ‘අපනයන ප්‍රතිකාබනීහරණය )export decarbonisation) කිරීම අවබෝධ කර ගැනීම තුළින් එම කාලය තුළම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11ක ආර්ථික වටිනාකමක් ලබා ගන්නේ කෙසේද යන්න හෙළි කරයි.

“දේශගුණික විපර්යාසයේ ගමන් මග වෙනස් කිරීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට අපට ඉදිරි වසර 10 තුළ පටු කාලයක් ඇත. දේශගුණික විපර්යාසවල බලපෑමෙන් කිසිවෙකු නිදහස් නොවේ, නමුත් ඉන්දියාවට මෙය මඟ පෙන්වීමට සහ දේශගුණික ක්‍රියාවල පිරිවැය පිළිබඳ ආඛ්‍යානයක් නොව තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා වන අවස්ථාවක් පෙන්වන අවස්ථාවක්“ බව ඩීලොයිට් හි සභාපති අතුල් ධවාන් පැවසීය.

ඉන්දියාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5ක ආර්ථිකයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන හෙයින්, වර්ධන වේගය ඉහළ නැංවීමේදී ප්‍රධාන වශයෙන් විදේශීය හා දේශීය ආයෝජන පමණක් නොව දේශගුණික විකල්ප සමඟ අපේ අභිලාෂයන් පෙළගස්වා ගැනීමට ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව ඔහු සඳහන් කර ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳව කිසිදු පියවරක් නොගෙන,මෙම සියවස අවසන් වන විට සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 හෝ ඊට වැඩි විය හැකි අතර එමඟින් මිනිස්සුන්ට ජීවත් වීමට හා වැඩ කිරීමට අපහසු වන අතර ජාතියේ දියුණුවට හා සෞභාග්‍යයට තර්ජනයක් වන බව වාර්තාව පවසයි.

ඉදිරි වසර 50 තුළදී, ආර්ථික ක්‍රියාකාරකම් අනුව වඩාත්ම බලපෑමට ලක් වූ ඉහළම කර්මාන්ත පහක් සඳහා දේශගුණය හා සම්බන්ධ අලාභයේ සැලකිය යුතු කොටසක් දරා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම කර්මාන්ත නම්, සේවා (රාජ්‍ය සහ පෞද්ගලික), නිෂ්පාදන, සිල්ලර වෙළෙදාම සහ සංචාරක, ඉදිකිරීම්, සහ ප්‍රවාහන යනාදියයි. 

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයකට මෙම අංශ පහ දායක වන බව වාර්තාව පවසයි. එක්ව ගත් කල, ඒවා දේශයේ සමකාලීන ආර්ථික යන්ත්‍රණයට පදනම සකසයි.  

ඩීලොයිට් ඇස්තමේන්තු කරන ආකාරයට, 2070 වන විට, මෙම කර්මාන්ත පහෙන් පමණක් ගත්කල දළ දේශීය නිෂ්පාදිතය සඳහා එකතු කළ අගයෙහි පාඩුව වර්ෂයකට එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.5ක් වනු ඇත.

රාජ්‍ය, ව්‍යාපාරික, සහ ප්‍රජා විසින් නිර්භීතවත් කඩිනමිනුත් ඉදිරි දශකය තුළ දේශගුණ විපර්යාස ආමන්ත්‍රණය කිරීමට ක්‍රියා කරන්නේ නම්, සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වයෙහි නැග්ම 2050 වන විට (ඉන්දියාවට සහ ලෝකයේ සෙසු රටවලට බලපෑම අවම කරන අගයක) දේශගුණ විපර්යාසවල බලපෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවක පවත්වා ගැනීමට හැකිවන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

එම කාලය තුළම, ලෝක ව්‍යාප්තව නිෂ්පාදන, සේවා, සහ මූල්‍යන සැපයීමෙන් සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි ද, ඒ සඳහා උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට අවශ්‍ය වනු ඇතැයි ද  අධ්‍යයනය සඳහන් කරයි.

දැනටමත් දේශගුණ විපර්යාස ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය රටවලට උසස් ගණයේ විසඳුම් ඉදිරිපත් කරන ලෝකයේ ප්‍රමුඛතම නිෂ්පාදකයන් වන බොහෝ ව්‍යවසායකයන්ට ඉන්දියාව නිවහන වන බව එම වාර්තාව විශේෂයෙන් සදහන් කොට දක්වා ඇත. මෙයට ස්වභාවික සහ තාක්ෂණික දෙයංශයේම හරිත ජලකර වායුව සහ අහිතකර විමෝචන සෘණ අගයක් ගන්නා විසඳුම් ඇතුළත් වේ.

ඩීලොයිට් වාර්තාවට අනුව, ත්වරණය වන ප්‍රතිකාබනීහරණය, ඉන්දියාවටත් සෙසු ලෝකයටත් සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන එනු හැකිය.  
ඉන්දියාවට සිය ආර්ථිකය, උසස් කර්මාන්ත අංශවල වර්ධනය දෙසට,  සහ පහළ පිරිවැය පිරිසිඳු බලශක්ති අපනයන වෙළඳපළ උත්තෝලනය කිරීමේ වාසිය ගැනීමට, විමෝචනය අඩුකර ගැනීම සඳහා අඩිතාලමක් කරා සංක්‍රාන්තිය භාවිත කිරීමට හැකිවන අතර, ඉදිරි වර්ෂවලදී කලාපීය බලශක්ති ඉල්ලුමෙහි වේගවත් වැඩිවීමක් අත්දකිනු ඇතැයි එහි සඳහන්ය.

වාර්තාව විවාද කරන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් හැටියට, ඉන්දියාවේ පහළ විමෝචක අඩිතාලමක් කරා පරිවර්තනය වීම ආසියා ශාන්තිකර කලාපයේ සෙසු කොටසෙහි වැඩි රටවල් ගණනක් සඳහා වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මකවීමට ඉඩ ඇති බවටයි.  

එයින්, තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන (බලශක්ති ඉල්ලුමෙහි අනුරූපී නැගීම) සහ පහළ විමෝචන තාක්ෂණය අතර, ඉහළ නැගෙමින් පවත්නා තුලනය සුමට කිරීම පිණිස එහි ආයෝජනය කිරීම සහ සංක්‍රාන්තිය අත්කර දෙනු ඇතැයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.  

Indianewsnetwork.com ඇසුරිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *