SriLankan ඉන්දියානු නගර 9ක් වෙත සාමාන්‍ය ගමන් වාර ආරම්භ කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ නගර 9ක් වෙත ගමන් වාර නැවත ආරම්භ කර ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නියමිත එන්නත්කරණ අවශ්‍යතා සම්පූර්ණ කළ ඉන්දියානු සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව සිය පිවිසුම් විවෘත කර තිබේ. 

“එන්නත් මාත්‍රා සම්පූර්ණ කරන සංචාරකයින්ට අවශ්‍ය වන්නේ ගමනට පැය 72කට පෙර ඇන්ටිජන් පරීක්ෂාවේදී සෘණ අගයක් පෙන්වීම සහ එරටට යාමෙන් පසු සහතික කරන හෝටලයකදී එම පරීක්ෂණයට නැවත මුහුණ දීම පමණකි. ඉන් අනතුරුව ඔවුන්ට නිදහසේ රට පුරා සැරිසැරීමට අවසර දෙනු ඇත.“යනුවෙන් එම නිවේදන‍යේ සඳහන් වේ.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සිය නව උපලේඛනගත කාලසටහන යටතේ චෙන්නායි දක්වා සතියකට ගමන් වාර හතරකුත්, මුම්බායි දක්වා තුනකුත්, බෙංගාලූරු දක්වා එකකුත් වශයෙන් ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන අතර සැලකිය යුතු සංඛ්‍යාතයකින් වැඩිදියුණු කිරීම් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.ෙ

නව කාලසටහන යටතේ, ගුවන් සමාගම කොළඹ සහ ඉන්දියානු ගුවන් තොටුපලවල් අතර සේවා නැවත ආරම්භ කරනු ඇත; මදුරෙයි, තිරුචිරප්පල්ලි, ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් නගරවලට සතියකට වරක් ගුවන් ගමන් සිදු කෙරෙන අතර කොළඹ සිට හයිද්‍රාබාද් සහ නවදිල්ලිය දක්වා සතියකට දෙවරක් බැගින් ගුවනින් සම්බන්ධනය වන බවද එහි ප්‍රකාශ කොට ඇත.  

එය තවදුරටත් සඳහන් කරන්නේ, සිය මෙහෙයුම් මගින් චෙන්නායි සහ මුම්බායි නගර දක්වා ගුවන් සේවා සතියකට පස් වතාවක් දක්වා ව්‍යාප්ත කරන අතර කොළඹ සිට බැංගලෝර් දක්වා සතියකට තුන් වතාවක් දක්වා වැඩි කරන බවයි.

ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පියාසර කිරීම දිරිගැන්වීම පිණිස, ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් ප්‍රවේශ පත්‍රයක් ගන්නා විට, එකක් නොමිලේ පිරිනමන ප්‍රවර්ධන වැඩ සටහනක් ආරම්භ කර තිබේ.

 ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිනි කිමලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, “අපේ සමීපතම අසල්වැසියන් සාදරයෙන් පිළිගැනීමට අප බලාපොරොත්තු වන නිසා, ඔවුනට දැන් ශ්‍රී ලංකාවේ විවිධත්වය අත්දැකීමට හැකියි. අපේ රටේ උරුමය, සංස්කෘතිය, වනජීවීන්, ස්වභාවිකත්වය, මුහුදු වෙරළ, සහ තවත් බොහෝ දේ ඉන්දියානු සංචාරකයින් අතර ජනප්‍රිය බව සෑමවිටම සනාථ වන බැවින් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දිවයින පුරා සියලුම ගමනාන්ත වෙත යාමට හැකියාව ලැබෙනු ඇති,“ බවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශයට අනුව, පසුගිය මාස කිහිපය තුළදී දිවයිනේ එන්නත්කරණ වැඩ සටහන මගින් සැලකිය යුතු එන්නත් ප්‍රමාණයක් ලබා දී ඇති අතර එය ආසියාවේ රටවල දැකිය හැකි ඉහළම එන්නත්කරණ අනුපාත අතරින් එකක් වේ.

වර්තමාන ප්‍රොටෝකෝලයේ සඳහන් වන්නේ එන්නත් සම්භවය ලබන රට විසින් පිළිගන්නා ඕනෑම එන්නත් වර්ගයක් මෙහිදීද පිළිගැනීමට ලක්වන බවයි.  එන්නත ලබා නොගත් වයස අවුරුදු 18ට අඩු දරුවන්ට තම දෙමාපියන් අනුගමනය කරමින් දිවයිනට පිවිසිය හැකි වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කරන කාලය දින 10 ඉක්මවන්නේ නම්, දෙවන පරීක්ෂණයකට භාජනය විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

“ලිහිල් කළ මාර්ගෝපදේශ ඉතාමත් පැහැදිලි වන අතර, පැමිණීමට පෙර ක්‍රියා පටිපාටි, රක්ෂණය සහ තවත් බොහෝ දේ පිළිබඳව දැන ගැනීම සඳහා මණ්ඩලයේ වෙබ්ද්වාරය වෙත පිවිසෙන ලෙස සියලුම සංචාරකයින්ට සහ සංචාරක නියෝජිතයින්ට අපි ආරාධනා කරනවා,“ යනුවෙන් ප්‍රනාන්දු මහත්මිය තවදුරටත් පැවසුවාය.  

ශ්‍රී ලංකාව ලබා දෙන සමීපස්ථභාවය, ගුවන් යානා සම්බන්ධනය සහ විවිධාංගීකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් ඉන්දියාවේ ඉහළම වෙළෙඳපොළ දෙකෙන් එකක් ලෙස පැවති බව එහි සඳහන් වේ.

විවෘත කළ විගසම අනෙකුත් රටවල් අත්දුටු ඉහළ අමුත්තන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවද එලෙසම පහසුකම් වෙන් කරවා ගැනීමේ අත්දකිනු ඇති බව එම ප්‍රකාශය තර්ක කරයි.

IndiaNewsNetwork.com  ඇසුරිණි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.