ආහාර මිලදී ගැනීමේදී අප ඇසිය යුතු ප්‍රශ්න මේවා ද ?

අපෙන් බොහෝ දෙනෙක් අප මිලදී ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්නද කියා ලේබල් පරීක්‍ෂා කරති. නමුත් අපෙන් කී දෙනෙක් අප ගන්නා දේ පරිසරයට හිතකර වන අයුරින් නිපදවනවාදැයි පරීක්‍ෂා කරනවාද?

සමහර කෘෂිකාර්මික ක්‍රම ඇත්ත වශයෙන්ම කාබන් විමෝචනය අඩු කිරීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස වායුගෝලයෙන් කාබන් ඉවත් කර පසෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට එවැනි කෘෂිකාර්මික ක්‍රම උපකාරී වේ. 

බොහෝ කුඩා පරිමාණ ගොවීන් මෙම ‘පුනර්ජනනීය ගොවිතැන – regenerative farming’ භාවිතා කරන අතර වර්තමානය වන විට විශාල ආහාර සමාගම් ද එයට සම්බන්ධ වෙමින් සිටිති. නෙස්ලේ සමාගම තම කිරි ගොවීන්ට පුනර්ජනනීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට උදවු කිරීමෙන් 2025 වන විට එක්සත් රාජධානියේ සිය නැවුම් කිරි සැපයුමේ කාබන් පා සටහන අඩකින් අඩු කරන බවට පොරොන්දු වී තිබේ. 

2030 වන විට දැරිය හැකි මිලකට මස්, පළතුරු සහ එළවළු ලබා දෙන පළමු ශූන්‍ය කාබන් (net zero) සුපිරි වෙළඳසැල බවට තමා පවත්වන බවට මොරිසන්ස් සමාගම පොරොන්දු වී ඇත. වයිට්‍රෝස් Waitrose සහ M&S ඔවුන්ගේ පුනර්ජනනීය කෘෂි සහතිකය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ආරම්භ කර ඇත.

එසේ නම් ‘පුනර්ජනනීය ගොවිතැන – regenerative farming යනු කුමක්ද සහ ආහාර මේ ආකාරයෙන් නිපදවෙනවාද කියා ඔබට කෙසේ කිව හැකිද?

(පුනර්ජනනීය ගොවිතැනට regenerative farming සාමාන්‍යයෙන් රසායනික පොහොර, කෘත්‍රිම වල් නාශක සහ කෘත්‍රිම පළිබෝධනාශක වැනි රසායනික ‘යෙදවුම්’ ශුන්‍ය හෝ අවම වශයෙන් භාවිතා කිරීම ඇතුළත් වේ.

ක්ෂේත්රයේ ගෝවා කපන පුද්ගලයා
පුනර්ජනනීය ගොවිතැනට සාමාන්‍යයෙන් පොහොර, වල් නාශක සහ පළිබෝධනාශක වැනි රසායනික ‘යෙදවුම්’ ශුන්‍ය හෝ අවම වශයෙන් භාවිතා කිරීම ඇතුළත් වේ.

හෙන්රි ඩිමල්බිගේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය  රජයේ ජාතික ආහාර උපාය මාර්ග සැලසුමේ අවසාන වාර්තාව මෙවර ප්‍රකාශයට පත් කර ඇත. ජෛව විවිධත්ව අලාභ, වන විනාශය, නියඟය, දූෂණය, ඛාදනය, ගංවතුර, පාංශ්‍ර නිසරුබව  සහ දේශගුණික විපර්යාස ඇතුළු අපගේ ආහාර සැපයුම සැලකිය යුතු පාරිසරික හානියක් සිදු කරන බව එම වාර්තාව මගින් සොයා ගෙන ඇත. එක්සත් රාජධානියේ හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 10ක් නිෂ්පාදනය කරනු ලබන්නේ කෘෂිකර්මාන්තය මගිනි.

“ආහාර නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම පාරිසරික ව්‍යසනයක් බවට පත්ව ඇත” යනුවෙන් වාර්තාව පවසයි. එක්සත් රාජධානියේ රජය විසින් යෝජනා කරන ලද නව සහනාධාර මගින්  මඟින් ගොවීන්ට ඉඩම් තිරසාර ලෙස කළමනාකරණය කිරීමට සහ ජෛව විවිධත්වය ප්‍රතිස්ථාපනය කිරීමට දිරිමත් කෙරේ. නමුත් 2050 වන විට එක්සත් රාජධානියේ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය සාක්‍ෂාත් කර ගැනීමට සහ 2030 වන විට ස්වභාව ධර්මය සඳහා භූමියෙන් සියයට 30 ක් ආරක්‍ෂා කර ගැනීමට ඇති කැපවීම සපුරාලීමට එක්සත් රාජධානියට මූල්‍ය දිරි දීමනා පමණක් ප්‍රමාණවත් නොවන බව වාර්තාව සොයා ගනී.

“ මේ වන විටත් විශාල හානියක් සිදු කර ඇති ආකාරයේ දැඩි කෘෂිකාර්මික (intensive farming) පිළිවෙත් අනුගමනය නොකර, ඉතිරි ඉඩම් වලින් (70%) අපට වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සිදු වනු ඇත්ත. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වභාව ධර්මය සමඟ එක්ව ක්‍රියා කරන පුනර්ජනනීය ගොවිතැන් ක්‍රම ද ඇතුළත්ව කෘෂිකර්මාන්තයේ විවිධ ක්‍රමවේදයන් කෙරෙහි අපි යොමු විය යුතුය‘‘ වාර්තාව අවධාරණය කරයි.

ගොවිතැනින් පරිසරයට වාසිදායක වන්නේ කෙසේද?

පුනර්ජනනීය ගොවිතැන යන යෙදුමට සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම ඇතුළත් වන අතර පොහොර, වල් නාශක සහ පළිබෝධනාශක වැනි රසායනික යෙදවුම් වල ශුන්‍ය හෝ අවම භාවිතය ඇතුළත් වේ. එයට නීතිමය හෝ නිශ්චිත අර්ථ දැක්වීමක් නැත. පාරිසරික හානිය අලුත්වැඩියා කිරීම එහි අරමුණ වන හෙයින් එය (regen ag’ and agroecology) රීජන් ඒජී’ සහ කෘෂි විද්‍යාව ලෙස ද හැඳින්වෙන අතර එය කාබනික ප්‍රවේශයකට වඩා ඉදිරියට යයි.

“එය පදනම් වී ඇත්තේ ජෛව විවිධත්වය වැඩි කිරීම, වඩා හොඳ පස් සෑදීම සහ ජල පෝෂක වැඩි දියුණු කිරීම ඇතුළත් මූලධර්ම හා භාවිතයන් මත” යැයි ලාභ නොලබන ආහාර හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන ‘ෆාම්ඒඩ්‘ හි නිර්මාතෘ ඉයන් විල්කින්සන් පවසයි. 

එළවළු මිලදී ගන්නා පුද්ගලයා

එක්සත් රාජධානියේ ඉඩම් උත්පාදක සන්ධානයට අයත් 107,000ක් පමණ ගොවීන්ගෙන් පුනර්ජනනීය ගොවිතැනට සහයෝගය දක්වන්නේ 4,300 කට අධික සංඛ්‍යාවක් පමණි. එහි ප්‍රතිපලයක් වශයෙන්, උත්පාදනය කරන ලද ආහාර සෑම තැනකම ලබා ගත නොහැකි අතර, කිසිදු සහතික කිරීමේ පද්ධතියක් සකස් කර නැති හෙයින් හඳුනා ගැනීමට අපහසුය.

කෘෂි නිශ්පාදන ‘තිරසාර’ හෝ ‘පුනර්ජනනීය’ ලෙස අලෙවි කෙරෙන තැනදී, ‘තිරසාර ආහාර භාරය‘ නිර්දේශ කරන්නේ ඔබ ඒවා මිලදී ගැනීමට පෙර ප්‍රශ්න රාශියක් සුපිරි වෙළඳ සැල් ඇතුළු සිල්ලර වෙළෙන්දන්ගෙන් විමසන ලෙසයි. 

“මෙහි තේරුම කුමක්දැයි ඔවුන්ගෙන් අසන්න. එම ආහාර කොහෙන්ද ආවේ කියා සොයා ගැනීමට උත්සාහ කරන්න” යනුවෙන් ද තිරසාර ආහාර භාරයේ ප්‍රකාශක මේගන් පෙරී පවසයි. 

ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගොවිතැන් ක්‍රම ගැන ප්‍රශ්න ඇසීමෙන් ඔබට අවශ්‍ය නිශ්චිත පිළිතුරු ලබා ගත නොහැක (ඔබ ගොවීන් සමඟ කතා නොකරන්නේ නම්). නමුත් පුනර්ජනනීය ගොවිතැන කෙරෙහි ඇති උනන්දුව සහ දැනුම වර්ධනය වෙමින් පවතින අතර සාප්පු වලට ඒ ගැන සොයා බලා නැවත ඔබ වෙත පැමිණිය හැකිය.

පස් පිට්ටනියක්.
අපේ ආහාරයෙන් සියයට 95 ක් නිෂ්පාදනය කරන්නේ පස් ය. එහි ඇති පෝෂ්‍ය පදාර්ථ අපව පෝෂණය කරන අතර එයට කාබන් ගබඩා කළ හැකි අතර හොඳින් රැකබලා ගැනීමේදී ගංවතුර ඇතිවීම වළක්වා ගත හැකිය.

පෙරී යෝජනා කරන්නේ “ගොවියා පස රැකබලා ගන්නේ කෙසේද සහ වන සතුන්ට සහයෝගය දක්වන්නේ කෙසේද?” යනුවෙන් ප්‍රශ්න අසන අතර වඩාත් නිශ්චිත විය හැකි යැයි ඔබට හැඟේ නම් “ඔවුන් ඒක භෝග වගාවට වඩා විවිධ භෝග හා පශු සම්පත් මාරු කරන්නේද?” යන්නත් විමසිය යුතු බවයි.

මන්ද? පුනර්ජනනීය ප්‍රවේශයක් භාවිතා කරන ගොවීන් සාමාන්‍යයෙන් පසෙහි ව්‍යුහය හා එහි ක්ෂුද්‍ර ජීවීන්ගේ  ආරක්‍ෂාව ගැන වඩාත් සැලකිලිමත් වෙයි. මෙම ක්ෂුද්‍ර ජීවීන් පාංශු සාරවත්බව සඳහා සහ පළිබෝධ සහ රෝග වලින් බෝග ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. හොඳ පාංශු ව්‍යුහයක් ඛාදනය, ගංවතුර හා වායු දූෂණය වැළැක්වීමට ද උපකාරී වේ.

පුනර්ජනන ගොවීන් සාමාන්‍යයෙන් රනිල කුලයට අයත් බෝග, තෘණ වගා කරයි. මේවා පසෙහි නයිට්‍රජන් එකතු කරයි ( එය පැලෑටි වැඩීමට අත්‍යවශ්‍යයි), වනසතුන් සහ පරාග වාහකයන් දිරිමත් කරයි. ශාක ද වායුගෝලයේ ඇති කාබන් ග්‍රහණය කර පසට මාරු කරයි.

කෘමිනාශක සහ කෘත්‍රිම පොහොර භාවිතා කර තිබේද?

පෙරී යෝජනා කරන්නේ “පලතුරු හෝ එළවළු සඳහා පළිබෝධනාශක හෝ කෘතිම පොහොර භාවිතා කර තිබේද?” යන්න අසන ලෙසයි. පුනර්ජනනීය ගොවීන්ට රසායනික යෙදවුම් වල අවශ්‍යතාවය අඩු කිරීමට සහ වන සතුන්ට ආධාර කිරීම සඳහා බෝග විවිධත්වය උපරිම ලෙස ශෂ්‍ය මාරුව කළ හැකිය. ඒක භෝග සංස්කෘතීන් (කෙත්වල නැවත නැවත එක් බෝගයක් වගා කිරීම 1960 ගණන් වල සිට පැවති පුරුද්දක්) පසෙහි පෝෂක ගුණය අඩු කරන අතර පාරිසරික ගැටලු රාශියක් ඇති කරයි.

පුනර්ජනනීය ගොවීන්ට ස්වාභාවික පොහොර සඳහා ශෂ්‍ය මාරු ක්‍රම මඟින් පශු සම්පත් තෘප්තිමත් කළ හැකි අතර (ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 01%කට කෘතීම පොහොර වගකිව යුතුය) වැඩිපුර කාබන් පසට පොම්ප කරන පැලෑටි වර්ධනය දිරිමත් කිරීමට ද එමගින් හැකිය. කෙත්වතු සුද්ද කිරීම සඳහා පළිබෝධනාශක වෙනුවට එළුවන් වැනි සතුන් යෙදවිය හැකිය.

රොබ් වොලන්ඩ්ගේ පවුල වසර 200 කටත් වැඩි කාලයක් සමර්සෙට් හි ‘ග්ලෙබි ගොවිපොළ‘  පවත්වාගෙන ගොස් ඇත. “ඔබට අවශ්‍ය එළවළු හෝ පලතුරු (මස් ද ඇතුළුව) දේශීය නිෂ්පාදකයෙකුගෙන් ඍජුවම මිලදී ගත නොහැකි නම් (පැහැදිලිවම බොහෝ දෙනෙකුට එය මිලදී ගත නොහැකි නම්) ඔබ යම් පර්යේෂණයක් කළ යුතුයි. ඔබේ සැපයුම් දාමය හැකිතාක් කෙටි කිරීමට උත්සාහ කරන්න‘ රොබ් ඉල්ලීමක් කරයි.

නිෂ්පාදිතය ප්‍රවාහනය කර ඇත්තේ කෙසේද?

“නිෂ්පාදනය පැමිණියේ කොහෙන්ද සහ එහි ගමන ඔබට සොයා ගත හැකිද?” යනුවෙන් විමසීම වටී. එය ප්‍රවාහනය කරන්නේ කෙසේද යන්න දැන ගැනීම ද ඉතා වැදගත්ය. ( මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන සැතපුම් 100 ගුණයක කාබන් පා සටහන තිබිය හැකිය). ඔබ ඒවා මිලදී ගන්නා විට පලතුරු සහ එලවළු නියමිත කාලයට ගැලපෙන්නේ නැත්නම් ඒවා පොසිල ඉන්ධන මඟින් රත් වූ හෝට්හවුස් hothouse එකකට ගෙනවිත් වගා කර තිබේදැයි සොයා බලන්න.

ඇබර්ඩීන් ඇන්ගස් රංචුව.
ස්වදේශික අභිජනනය දේශීය භූ දර්ශනයට සහ දේශගුණයට වඩාත් ගැලපෙන අතර එයින් ඇඟවෙන්නේ අඩු මැදිහත් වීමක් අවශ්‍ය බවයි.

මස් මිලදී ගැනීමේදී, “සතුන් පෝෂණය කර ඇත්තේ කෙසේද ?” යනුවෙන් විමසීම වටී. ඔවුන් තණබිම් වලින් පෝෂණය වීමෙන් පාරිසරික ප්‍රතිලාභ ඇති අතර ආනයනය කරන ලද ධාන්‍ය මගින් පෝෂණය කිරීම පරිසරයට අහිතකර විය හැකිය.

එය ස්වදේශික අභිජනනයක් දැයි විමසීමට ද සලකා බලන්න. දේශීය අභිජනනය දේශීය භූ දර්ශනයට හා දේශගුණයට වඩාත් ගැලපෙන බැවින් වැඩි දියුණු නොකළ බිම්වල හොදින් වර්ධනය විය හැකිය. ඔවුන්ට ආවේණික පළිබෝධ සහ රෝග සඳහා වැඩි ඔරොත්තු දීමක් පෙන්විය හැකි අතර අඩු රසායනික යෙදවුම් අවශ්‍ය වේ.

පිටි සහ ධාන්‍ය මිලදී ගැනීම

ඉමර්, අයින්කෝන්, රිවට්, ඛෝරාසන් සහ අක්ෂර ඇතුළත් පුරාණ හා උරුම ධාන්‍ය වලින් සාදන ලද පිටි තෝරා ගැනීම උසස් අස්වැන්නක් ලබා දෙන නවීන නිෂ්පාදන වෙනුවට පරිසරයට වාසිදායක විය හැකිය. ඒවායේ ගැඹුරු මූල පද්ධතිය නිසා පස මතුපිට සිට බොහෝ දුරට තෙතමනය හා පෝෂ්‍ය පදාර්ථ ලබා ගත හැකි අතර රෝග, නියඟය සහ දරුණු කාලගුණයට ඔරොත්තු දීමේ හැකියාව ඇත. උත්පාදන කෘෂිකාර්මික ක්‍රම භාවිතා කරන ගොවීන් බොහෝ විට මෙම ධාන්‍ය වගා කරන්නේ පොහොර, වල් නාශක සහ පළිබෝධනාශක මත යැපෙන නවීන ප්‍රභේද මෙන් නොව ඉහළ අස්වැන්නක් ලබා දීම සඳහා රසායනික යෙදවුම් අවශ්‍ය නොවන බැවිනි.

ගොවියාගේ ඉදිරි දර්ශනය

රොබ් වොලන්ඩ් සහ ඔහුගේ බිරිඳ ලිසී සමර්සෙට් හි අක්කර 90 ක ගවයන්, බැටළුවන්, ඌරන් සහ වගා බිම් වගා කරන අතර බිත්තර සහ එළවළු වර්ග 70 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරති. නිෂ්පාදන ඔවුන්ගේ ගොවිපල වෙළෙදසැලේ, දේශීය අවන්හල් සහ සාප්පු වල විකුණනු ලැබේ.

රොබ් කාබනිකව ගොවිතැන් කරන අතර වෙනත් පුනර්ජනනීය ගොවිතැන් ක්‍රම වැලඳ ගනී. නිදසුනක් වශයෙන්, හානි හා ඛාදනයෙන් ආරක්ෂා වීම සඳහා ඔහු හැකිතාක් දුරට බෝග වලින් පස ආවරණය කරයි. තවද ඔහු සමර්සෙට් හි ආරම්භ වූ සත්ව අභිජනනය සහ එළවළු ප්‍රභේද තෝරා ගන්නා බැවින් ඒවා දේශීය භූ දර්ශනයට සහ දේශගුණයට ද ගැලපේ.

“අපගේ සෞඛ්‍යයට හා පරිසරයට විශාලතම වෙනසක් සිදු කළ හැකි එක් ක්‍රමයක් නම් ආහාර සඳහා වැඩි වටිනාකමක් ලබා දීම සහ ඒ ගැන ඉගෙන ගැනීමයි” යනුවෙන් ඔහු පවසයි. 

“උදාහරණයක් වශයෙන්, කාලෝචිත හා නියම වේලාවට තෝරා ගත් ආහාර ගැනීම පරිසරයට වාසිදායක වන අතර රසවත් හා යහපත් වේ. නිෂ්පාදිතය අවුරුද්ද පුරා ආහාරයට ගැනීම වෙනුවට එහි හොඳම කාලය එන විට නිෂ්පාදන භුක්ති විඳීම ඇදහිය නොහැකි තරම් ප්‍රීතිදායක දෙයකි ‘‘ ඔහු පවසයි.

වර්තමානය වන විට පුනර්ජනනීය කෘෂිකර්මාන්තය ගෝලීය වශයෙන් වඩාත් වේගයෙන් වර්ධනය වන දෙයකි. එය කාබනික ගොවිතැනට වඩා පරිසරයට හිතවාදී වන අතර මානව සෞඛ්‍යයට ද වඩාත් යහපත්ය.

bbc වාර්තාවක් ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *