දේශගුණික විපර්යාස: දේශගුණික සැලසුම් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ගෝලීය උණුසුම ඉහළ යාමේ හානිකර බලපෑම් වළක්වා ගැනීම සඳහා 2030 වන විට ගෝලීය කාබන් විමෝචනය 45% කින් අඩු කළ යුතු බව විද්‍යාඥයන් මෑතකදී තහවුරු කළ නමුත් මෙම නව විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මෙම කාලය තුළ එම විමෝචනය 16% කින් ඉහළ යාමට නියමිත බවයි.

පියවර ගන්නා බවට පොරොන්දු සියල්ල තිබියදීත්, ලෝකය තවමත් භයානක මට්ටමකට රත් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පවසයි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් රටවල් 100කට වැඩි ගණනක දේශගුණික සැලසුම් අධ්‍යයනය කර නිගමනය කර ඇත්තේ අප වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවයි.

ගෝලීය උණුසුම ඉහළ යාමේ හානිකර බලපෑම් වළක්වා ගැනීම සඳහා 2030 වන විට ගෝලීය කාබන් විමෝචනය 45% කින් අඩු කළ යුතු බව විද්‍යාඥයන් මෑතකදී තහවුරු කළ නමුත් මෙම නව විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මෙම කාලය තුළ එම විමෝචනය 16% කින් ඉහළ යාමට නියමිත බවයි.

එය අවසානයේදී කාර්මික පූර්ව යුගයට වඩා සෙල්සියස් අංශක 2.7ක උෂ්ණත්වය ඉහළ යාමට හේතු විය හැකිය. එය ජාත්‍යන්තර ප්‍රජාව විසින් නියම කරන ලද සීමාවට වඩා බොහෝ සෙයින් වැඩි ය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන දේශගුණික සාකච්ඡාකරු පැට්‍රීෂියා එස්පිනෝසාට අනුව “16% ක වැඩිවීම සැලකිලිමත් වීමට ප්‍රබල හේතුවක් වේ.

“ලොව පුරා ඉතාමත් දරුණු දේශගුණික ප්‍රතිවිපාක සහ පීඩාවන් වැළැක්වීම සඳහා වේගවත්, තිරසාර හා මහා පරිමාණ කාබන් විමෝචන අඩු කිරීම් සඳහා විද්‍යාඥයින් විසින් කරන ලද ඉල්ලීම් වලට එය හාත්පසින්ම වෙනස් ය.” ඇය පවසයි්‍

තොරතුරුමය

ලබන නොවැම්බර් මස ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත COP26 දේශගුණික සමුළුවේදී මුහුණ දුන් අභියෝගයේ තරම පිළිබඳව එය දැඩි අනතුරු ඇඟවීමකි.

මෙම සමුළුවේ කේන්ද්‍රීය පරමාර්ථය නම් රාජ්‍යන් තම කාබන් විමෝචනය අඩු කිරීමට පෙළඹවීම තුළින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමයි.

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියේ නීතිරීති යටතේ රටවල් සෑම වසර පහකට වරක්ම තම කාබන් අඩු කිරීමේ සැලසුම් යාවත්කාලීන කිරීමට අදහස් කරයි. නමුත් එක්සත් ජාතීන් පවසන්නේ ගිවිසුමට සහභාගී වූ රටවල් 191 න් වැඩි දියුණු කළ පොරොන්දු මෙතෙක් ඉදිරිපත් කර ඇත්තේ රටවල් 113 ක් පමණක් බවයි.

COP26 සමුළුවේ මුලසුන හොබවන බ්‍රිතාන්‍ය ඇමති ආලෝක් ෂර්මා පැවසුවේ, ‘‘අභිලාෂකාමී දේශගුණික සැලසුම් ඇති ජාතීන්ගේ කාබන් විමෝචන වක්‍රය පහළට නැමී තිබෙනවා. නමුත් සෑම රටකින්ම, විශේෂයෙන් විශාලතම ආර්ථිකයන් හිමි රටවල් නිසි පියවර නොගැනීම තුළ මෙම උත්සාහයන් නිෂ්ඵල වීමේ අවදානමක් තිබෙනවා‘‘ ඔහු පැවසීය.

දේශගුණික ක්‍රියාකාරී ට්‍රැකර් (Tracker) බුද්ධි කණ්ඩායම විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ප්‍රමුඛ කාර්මික ජාතීන්ගේ ජී 20 කණ්ඩායමේ, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් අතලොස්සක් පමණක් කාබන් විමෝචනය අඩු කිරීමේ ඉලක්ක ශක්තිමත් කර ඇති බවයි.

තවත් විශ්ලේෂණයක දී, හරිතාගාර වායු වලින් 33% ක් සඳහා වගකිව යුතු චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තුර්කිය තවමත් යාවත්කාලීන සැලසුම් ඉදිරිපත් නොකළ බව හෙළිවී ඇත.

මෙම විශ්ලේෂණයට නායකත්වය දුන් ලෝක සම්පත් ආයතනය සහ දේශගුණික විශ්ලේෂණ කණ්ඩායම (World Resources Institute and Climate Analytics) පවසන්නේ ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව 2015 දී සිදු කළ කාබන් අඩු කිරීමේ ඉලක්කයන්ම ඇති බවයි.

බ්‍රසීලය, මෙක්සිකෝව සහ රුසියාව යන රටවල වායු විමෝචනය හැකිලීමට වඩා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

දුප්පත් රටවල් සඳහා (මුහුදු මට්ටම ඉහළ යාම සහ අධික තාපය හා නියඟය හේතුවෙන් වඩාත් අවදානමට ලක්විය හැකි) පෘථිවිය උණුසුම් කරන වායූන් වේගයෙන් පහත වැටීම දැකීම ප්‍රමුඛතාවයකි.

සංවර්ධනය වී ඇති දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා ජී 20 රටවල් පෙරමුණ ගත යුතු බව ‘අවම සංවර්ධිත රටවල කණ්ඩායමේ – (Least Developed Countries group) සභාපතිනි සෝනම් පී වැන්ග්ඩි පැවසුවාය.

“විශාලතම හැකියාවන් සහ වගකීම් ඇති රටවල් ජී 20 රටවල් වන අතර ඔවුන් මෙම අර්බුදය අර්බුදයක් සේ සලකන කාලය පැමිණ ඇත.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

ග්ලාස්ගෝ සමුළුවට පෙර චීනය සිය දේශගුණික සැලසුම් සංශෝධනය කළ හැකි බවට බලාපොරොත්තු තිබේ.

ලොව විශාලතම කාබන් විමෝචකයා වශයෙන් චීනය කලින් පවසා තිබුණේ ‘‘2030 වන විට කාබන් වායු විමෝචනය උපරිම මට්ටමකට ගෙන ඒම සහ 2060 වන විට කාබන් උදාසීන භාවය ලබා ගැනීම තම අරමුණ‘‘ බවයි.

වඩාත් අභිලාෂකාමී ඉලක්ක ඉක්මනින් නිවේදනය කිරීම සාකච්ඡාවලට සැලකිය යුතු ශක්තියක් ලබා දෙන නමුත් එය සිදුවිය හැක්කේ කවදාද ? යන්න පිළිබඳව හෝඩුවාවක් නොමැත.

බී.බී.සී ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *