දේශගුණික විපර්යාස: යෞවනයන් දැඩි කනස්සල්ලට පත්ව සිටිති – සමීක්‍ෂණය

සමීක්‍ෂණයට භාජනය වූ අයගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් කියා සිටියේ මානව සංහතිය විනාශයට පත් වී ඇතැයි තමන් සිතන බවත් ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට රජයන් අසමත් වන බවත් ය

දේශගුණික විපර්යාසයන් පිළිබඳව බොහෝ යෞවනයන් තුළ ඇති වන සාංකාවේ ගැඹුර නව ගෝලීය සමීක්‍ෂණයකින් පැහැදිලි කෙරේ.

  • ළමුන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් කියා සිටියේ තමන්ට දැඩි කනස්සල්ලක් දැනෙන බවයි.
  • ප්‍රශ්න කළ අයගෙන් 45% කට වැඩි පිරිසක් කියා සිටියේ දේශගුණය පිළිබඳ හැඟීම් ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපාන බවයි.
  • ඔවුන්ගෙන් 75%ක්ම කියා සිටියේ අනාගතය බියජනක යැයි තමන් සිතන බවයි. ඔවුන්ගෙන් 56%ක් පවසන්නේ මනුෂ්‍යත්වය විනාශ වී ඇති බවයි.
  • 66%කට කණගාටුවක්, බියක් සහ කනස්සල්ලක් දැනෙන බව වාර්තා විය. බොහෝ දෙනෙකුට බිය, කෝපය, බලාපොරොත්තු සුන්වීම, ශෝකය සහ ලැජ්ජාව මෙන්ම බලාපොරොත්තු කඩවීම ද දැනුණි.

16 වියැති අයෙක් මෙසේ පැවසීය: “යෞවනයන්ට එය වෙනස්. අපට නම් පෘථිවියේ විනාශය පෞද්ගලික ය.”

රටවල් 10 ක සමීක්‍ෂණය මෙහෙයවනු ලැබුවේ බාත් විශ්ව විද්‍යාලය විසින් විශ්ව විද්‍යාල පහක් සමඟ සහයෝගයෙන් ය. එයට අරමුදල් සපයනු ලබන්නේ ආවාස් ව්‍යාපාරය (campaign and research group Avaaz) විසිනි. වයස අවුරුදු 16 ත් 25 ත් අතර වයස් පුද්ගලයින් 10,000කගේ ප්‍රතිචාර සමඟ සිදුකළ එය මේ ආකාරයෙන් ලෝකයේ සිදුකළ විශාලම සමීක්ෂණයක් වේ.

ප්‍රශ්න කළ අයගෙන් බොහෝ දෙනෙකු ප්‍රතිචාර වශයෙන් දක්වා ඇත්තේ තමන්ට අනාගතයක් නැති බවත් මානව සංහතිය විනාශ වී යන බවත් ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීමට රජයන් අසමත් වන බවත් ය.

දේශපාලනඥයින් සහ වැඩිහිටියන් විසින් පාවා දීම, නොසලකා හැරීම සහ අතහැර දැමීම බොහෝ දෙනෙකුට දැනේ.

පර්යේෂණයේ කතුවරුන් පවසන්නේ රජයන් ක්‍රියා නොකිරීම හේතුවෙන් තරුණයින් ව්‍යාකූල වී ඇති බවයි. ඔවුන් පවසන්නේ පාරිසරික බිය “තරුණයින් විශාල පිරිසකට දැඩි ලෙස බලපාන” බවයි.

දේශගුණික විපර්යාස කෙරෙහි පවතින නිදන්ගත මානසික ආතතිය මානසික හා ශාරීරික ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරයි. දැඩි කාලගුණික සිදුවීම් නරක අතට හැරුනහොත් මානසික සෞඛ්‍ය බලපෑම් ඉන් පසුව ඇතිවේ.

මෙම වාර්තාවේ සඳහන් වන්නේ තරුණයින් විශේෂයෙන් මනෝවිද්‍යාත්මකව, සමාජීයව හා ශාරීරිකව දියුණු වන බැවින් දේශගුණික භීතියට ගොදුරු වන බවයිෙ.

පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ, බාත් විශ්ව විද්‍යාලයේ කැරොලයින් හික්මන් පැවසුවේ, “මෙයින් පෙන්නුම් කරන්නේ පාරිසරික සාංකාව හුදෙක් පාරිසරික විනාශය සඳහා පමණක් නොව, දේශගුණික විපර්යාස කෙරෙහි රජයේ අකර්මන්‍යතාවයට වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති බවයි. අපි මනින්නේ ඔවුන්ට හැඟෙන ආකාරය පමණක් නොව ඔවුන් සිතන දේයි. 40%ක්ම දරුවන් ලැබීමට මැලි වෙති. රජයන් විද්‍යාවට ඇහුම්කන් දිය යුතු අතර, කනස්සල්ලට පත්වන යෞවනයන් ව්‍යාධිජනක තත්වයට පත් නොකරන්න”

වාර්තාවේ කතුවරුන් පවසන්නේ රජයේ දේශගුණික ප්‍රතිපත්ති දුර්වලම යැයි සැලකෙන ජාතීන් තුළ කාංසාවේ මට්ටම් විශාලතම බව පෙනනෙ බවයි.

දේශගුණික විපර්යාස ගැන වඩාත්ම කනස්සල්ලට පත් ධනවත් ජාතිය පෘතුගාලය වන අතර එහි නැවත නැවතත් ලැව්ගිනි ඇති වෙයි.

Think tank e3g හි ටොම් බර්ක් මෙසේ පැවසීය: “යෞවනයන් කනස්සල්ලට පත්වීම තාර්කික ය. ඔවුන් මාධ්‍ය තුළ දේශගුණික විපර්යාස ගැන කියවනවා පමණක් නොව, එය ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම සිදු වන අයුරු බලා සිටී.

මට මැරෙන්න ඕන නැහැ, නමුත් ළමයින් සහ සතුන් ගැන නොසලකන ලෝකයක ජීවත් වීමට මට අවශ්‍ය නැහැ‘‘ සමීක්ෂණයට පිළිතුරු දෙන තරුණයින් පැවසීය‘‘

කතුවරුන් විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් රජයන් අසමත් වීම මානව හිමිකම් නීති යටතේ ඇති ‘‘කෘෘරත්වය‘‘ ලෙස අර්ථ දැක්විය හැකි බවයි. මෙම පදනමේ සිට නඩුවක් ගොනු කිරීම සඳහා තරුණයින් හය දෙනෙක් පෘතුගීසි රජය අධිකරණයට යමින් සිටිති.

මෙම සමීක්‍ෂණය සිදු කළේ එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ප්‍රංශය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, පෘතුගාලය, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය සහ නයිජීරියාව යන රටවල් ඇසුරිනි. එය සිදු කරනු ලැබුවේ දත්ත විශ්ලේෂණ සමාගමක් වන කන්තර් (Kantar) විසිනි. 

පහත සඳහන් ප්‍රකාශ ගැන තරුණයින්ගෙන් අදහස් විමසන ලදි:

  • පෘථිවිය රැකබලා ගැනීමට මිනිසුන් අසමත් වී ඇත: ගෝලීය වශයෙන් 83% ක් එකඟ වූහ.
  • අනාගතය බියජනක ය: 75%
  • රජයන් තරුණයින් සම්බන්ධයෙන් අසමත් වේ: 65%,
  • ආණ්ඩු විශ්වාස කළ හැකිය: 31%,

පර්යේෂකයන් පැවසුවේ ඔවුන් පීඩාවේ පරිමාණයෙන් පෙලඹී ඇති බවයි. 

එක් තරුණයෙක් මෙසේ පැවසීය: “මට මැරෙන්න ඕන නැහැ, නමුත් ළමයින් සහ සතුන් ගැන නොසලකන ලෝකයක ජීවත් වීමට මට අවශ්‍ය නැහැ”

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *