මහේල ජයවර්ධන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කරයි

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගන්නා ලෙස ඉන්දිය ක්‍රිකට් කවුන්සිලය (BCCI) කළ යෝනාව මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Indian Express වාර්තාවක සදහන් වෙයි.

ඉදිරි විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව වත්මන් පුහුණුකරු වන රවී ශාස්ත්‍රී නිවේදනය කර තිබේ.

Indian Express වාර්තාවේම සඳහන් වන්නේ මහේල ජයවර්ධන විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු (මහේල) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර අපේක්ෂාවෙන් සිටින බැවින් බවයි.

අයිපීඑල් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් හි පුහුණුකරු ලෙස ද කටයුතු කරන්නේ ද මහේල ජයවර්ධනයි. ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ නීති වලට අනුව, පැහැදිලිවම සඳහන් වන්නේ පුද්ගලයෙකුට ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වෙනත් තනතුරක් දැරීමට නොහැකි බවයි, නමුත් ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට මෙවැනි සීමා කිරීමක් නැත.

මහේල ජයවර්ධන යනු ලංකාවේ පුරාවෘත්තයකි. ඔහුගේ යුගයේ විශිෂ්ඨතම පිතිකරුවෙකු වූ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 149කට සහ එක්දින තරඟ 448 කට සහභාගී වී විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.

මහේල ටෙස්ට් ලකුණු 11,814 ක් රැස් කර ඇති අතර එක්දින තරග වලදී ද ලකුණු 12,650 ක් රැස් කළේය. විස්සයි 20 තරග වලදී මහේල තරග 55 කදී ලකුණු 1493 ක් රැස් කළේය. 

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ද්විත්ව ශතක 7 ක් සමඟින් ශතක 54 ක් රැස් කර තිබේ. එසේම අයිපීඑල් තරඟ 80 කදී ඔහු 28.60 ක සාමාන්‍යයකින් ලකුණු 1802 ක් රැස් කර තිබේ.

මේ අතර, විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව තමන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන බව ශාස්ත්‍රී පැහැදිලි කර තිබේ. ඔහු බලාපොරොත්තු වූ සියල්ල සාක්ෂාත් කර ගත් බව ද ඔහු ගණන් ගනී. සමහර වාර්තා වල දැක්වෙන්නේ T20 ලෝක කුසලාන තරඟාවලිය අවසන් වූ පසු හිටපු ඉන්දීය නායක අනිල් කුම්බ්ලේ සම්බන්ධ කර ගන්නා බවයි.

අවසානයේදී රටේ ඉහළම රැකියාවක් හිමි කර ගන්නේ කවුරුන්ද යන්න බැලීම සිත්ගන්නා කරුණකි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.