ඉන්දියානුවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 9කින් අඩු විය හැකි බවට අනාවැකි

වායු දූෂණය හේතුවෙන් ඉන්දියානුවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 9 කින් අඩු විය හැකි බව එක්සත් ජනපද පර්යේෂණ කණ්ඩායමක වාර්තාවක් පවසයි.

මෙම අධ්‍යයනයෙන් කියැවෙන්නේ උතුරු ඉන්දියාවේ මිලියන 480 ක ජනතාවක් “ලෝකයේ වායු දූෂණයෙහි අන්ත මට්ටම් – most extreme levels of air pollution in the world” වලට මුහුණ දෙන අතර කාලයත් සමඟ මෙම ඉහළ මට්ටම් අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් වී ඇති බවයි.

දැඩි පිරිසිදු වාත ප්‍රතිපත්ති (Strong clean air policies) මඟින් මිනිසුන්ගේ ජීවිත සඳහා වසර පහක් දක්වා වැඩි කළ හැකි බව එය තවදුරටත් පවසයි.

ගෝලීය දූෂණ ශ්‍රේණිගත කිරීම් වල ඉන්දියානු නගර සාමාන්‍යයෙන් ආධිපත්‍යය දරන අතර දූෂිත වාතය හේතුවෙන් සෑම වසරකම මිනිසුන් මිලියනයකට වඩා මිය යයි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනයේ (Energy Policy Institute at the University of Chicago (EPIC) වාර්තාවෙන් කියවෙන්නේ උතුරු ඉන්දියාවේ ජනතාව “ලෝකයේ වඩාත්ම වායු දූෂණයට ලක්ව ඇති ප්‍රදේශවල වාසය කරන බවයි.

‘එය ලෝකයේ වායු දූෂණය ඉහළම මට්ටමටත් වඩා දස ගුණයක් දූෂිත වායු තත්ත්වයක්‘ පර්යේෂණ වාර්තාව කියයි.

මෙම වායු දූෂණය කලාපය ඉක්මවා දශක ගණනාවක් පුරා බටහිර හා මධ්‍යම මහාරාෂ්ට්‍ර සහ මධ්‍ය ප්‍රදේශ් දක්වා පැතිරී ගොස් ඇති අතර 2000 වසර ආරම්භයට සාපේක්ෂව සාමාන්‍ය පුද්ගලයෙකුගේ වත්මන් ආයු අපේක්ෂාව අවුරුදු දෙක හමාරත් තුනත් අතර කාලයකින් අඩු වී ඇති බව ද එම වාර්තාව කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ 10 µg/m³. සපුරාලීම සඳහා වායු දූෂණය අඩු කළ හොත් දිල්ලි අගනුවර පදිංචිකරුවන්ට තම ජීවිතයට වසර 10 ක් දක්වා වැඩි විය හැකි බව EPIC හි වායු ගුණාත්මක ජීවන දර්ශක වාර්තාවේ (Air Quality Life Index report) නව දත්ත පවසයි.

2019 දී ඉන්දියාවේ සාමාන්‍ය අංශු පදාර්ථ සාන්ද්‍රණය 70.3 µg/m³ වූ අතර එය ලොව ඉහළම අගයයි.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සිටින බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය පෘථිවියේ වඩාත්ම වායු දූෂිත රටවල් පහේ ස්ථාවරව සිටින බව ද එම වාර්තාව පවසයි.

රටේ අනතුරුදායක අංශු දූෂණය අවම කිරීම අරමුණු කරගත් 2019 ජාතික පිරිසිදු වාතය වැඩසටහන National Clean Air Programme -NCAP) වැනි වායු දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් සිදු කළ යම් යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් EPIC පිළිගනී.

“මෙම අරමුණු සාක්‍ෂාත් කර ගැනීමෙන් ඉන්දියානුවන්ගේ ආයු අපේක්ෂාව කෙරෙහි විශාල බලපෑමක් ඇති වේ. එය ජාතික ආයු අපේක්ෂාව වසර දෙකකට ආසන්න කාලයක් දක්වා වැඩි කරන අතර දිල්ලියේ පදිංචිකරුවන්ගේ අවුරුදු තුන හමාරක පමණ ඉහළ යාමක් වේ” යනුවෙන් එහි සඳහන් වේ.

ඵලදායී ප්‍රතිපත්තියක් මඟින් කෙටිකාලීනව පරිසර දූෂණය තියුණු ලෙස අඩු කළ හැකි බව පෙන්නුම් කරන එක් උදාහරණයක් චීනය බව වාර්තාව පවසයි. 2013 වසරේ සිට චීනයේ වායු දූෂණය 29%කින් අඩු කර ඇත.

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *