
එක්සත් ජනපදයේ ජනප්‍රිය තාරකාවක් වන බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගරි (Sam Asghari) සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ.
මෙම යුවළ මුදු හුවමාරු කරගත් බව පෙන්වන වීඩියෝවක් සෑම් ඉන්ස්ටග්‍රෑම් හි පළ කළේය.
39 හැවිරිදි ඇය සිය පෞද්ගලික ජීවිතය සහ මුදල් යන දෙකම පාලනය කරන ඇගේ 13 වසරක සංරක්ෂකත්ව කටයුතු අවසන් කිරීම සඳහා නීතිමය අරගලයක යෙදී සිටී. ඇයගේ සංරක්ෂකත්වය භාරව සිටින්නේ පියා වන ජෙමි ස්පියර්ස්ය.
(කැලිෆෝනියාවේ සංරක්‍ෂකයින් සඳහා වූ අත්පොතට අනුව (conservatorship) සංරක්‍ෂකත්වය යනු සාමාන්‍යයෙන් කෙනෙකුගේ පෞද්ගලික හා මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ හැකියාවක් නැති කෙනෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල වගකීම භාර ගැනීම සඳහා සමීප ඥාතිවෙකු හෝ පුද්ගලයකු පත් කරනු ලැබීමයි – පරිවර්තක)
මෙම විධිවිධානයේ කොන්දේසි නිසා අස්ගරි (27) සමඟ විවාහ වීම හෝ දරුවන් වැඩි සංඛ්‍යාවක් ලැබීම වළක්වන බව ස්පියර්ස් හෙළි කර තිබේ.
2008 දී බ්‍රිට්නිගේ මානසික සෞඛ්‍යය ගැන කනස්සල්ල මතු වූ විට සංරක්ෂණ කටයුතු සම්පාදනය කරන ලදී.
පසුගිය සතියේ, බ්‍රිට්නි ස්පියර්ස්ගේ පියා වන ජෙමි ස්පියර්ස් ලොස් ඇන්ජලීස්හි උසාවියක සංරක්ෂකත්වය අවසන් කරන ලෙසට ලිපි ගොනු කළේය. නඩු විභාගය සැප්තැම්බර් 29 දිනට නියමිතය.
පසුගිය වසර දෙක තුළ දෙවරක් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට බ්‍රිට්නි උත්සාහ කළාය.

නළුවෙකු සහ ශරීර සුවතා පුහුණුකරුවෙකු වන අස්ගරි මහතා මංගල මුද්ද සහ යුවළ සිප ගන්නා ආකාරය පිළිබඳ වෙනම ඡායාරූපයක් පළ කළ අතර ඔහුගේ කළමනාකරු බ්‍රැන්ඩන් කොහෙන්, පීපල් සඟරාවට විවාහ ගිවිස ගැනීමේ පුවත තහවුරු කළේය.
“මෙම යුවළ ඔවුන්ගේ දිගුකාලීන සම්බන්ධතාවය අද දින නිල වශයෙන් තහවුරු කර ගත් අතර ඔවුන්ට දැක්වූ සහයෝගය, කැපවීම සහ ආදරය දැඩි සේ කම්පාවට පත් වූ බව” ඔහු පැවසීය.
මෙම යුවළ 2016 දී මියුසික් වීඩියෝ පටයක් කරන අතරතුර හමු වූහ.
අස්ගරි ඉරානයේ ටෙහෙරාන් අගනුවර උපත ලැබූ නමුත් ට්‍රක් රථ රියදුරෙකු වූ ඔහුගේ පියා සමඟ ජීවත් වීම සඳහා වයස අවුරුදු 12 දී ලොස් ඇන්ජලීස් වෙත ගියේය.
මේ වසර මුලදී ෆෝබ්ස් සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කිසිදු ඉංග්‍රීසි වචනයක් කතා නොකර එක්සත් ජනපදයට පැමිණීම විස්තර කළේය: “එය ඇත්තෙන්ම සංස්කෘතික කම්පනයකි, කතා කිරීමට හාත්පසින්ම වෙනස් භාෂාවක් සමඟ මෙහි පැමිණීම.”
අස්ගරි මහතාට සහෝදරියන් තිදෙනෙකු සිටින අතර ඔවුන් ඉරානයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී ඇත.
බ්‍රිට්නි ස්පියර්ස් මීට පෙර දෙවරක් විවාහ වී ඇත. 2004 දී ඇය ලාස් වේගාස් හිදී ඇගේ ළමා කල මිතුරා වූ ජේසන් ඇලෙක්සැන්ඩර් සමඟ විවාහ වූ නමුත් විවාහය ඉතා ඉක්මනින් අවලංගු විය.
එම වසරේම ඇය දරුවන් දෙදෙනෙකු සිටින නර්තන ශිල්පී කෙවින් ෆෙඩර්ලින් සමඟ විවාහ වූවාය. 2007 දී මෙම යුවළ දික්කසාද වූහ.
බ්‍රිට්නි චෝදනා කරන ආකාරයට ඇගේ පියා ඇයට සැලකුවේ “හිංසාකාරී” ලෙස ය.
පසුගිය ජුනි මාසයේදී උසාවිය හමුවේ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සමගින් සාක්ෂි දුන් ඇය මෙම “අපචාර” සංරක්ෂණ කටයුතු අවසන් කරන ලෙස විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියාය.
මාසයකට පසු, තම පියාට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමා කැමති බව ඇය පැවසුවාය.
උසාවිය ජේමි ස්පියර්ස් මහතාට තම දියණියගේ වතුයාය සහ ඇගේ ජීවිතයේ අනෙකුත් අංශ පාලනය කිරීමට ඉඩ දුන්නේය.
සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ස්පියර්ස් මහතා 2019 දී තම දියණියගේ පෞද්ගලික කටයුතු වල සංරක්‍ෂක ධුරයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ඔහුගේ දිගු කාලීන සත්කාර කළමනාකරු ජෝඩි මොන්ට්ගොමරි පත් කළේය.
නමුත් ස්පියර්ස් මහතා තම දියණියගේ ව්‍යාපාරික කටයුතු අධීක්ෂණය කරමින් සිටී.
බී.බී.සී ඇසුරිනි