BIMSTEC: කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම රැස්වේ

බිම්ස්ටෙක් කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ 8 වන ප්‍රවීණ කණ්ඩායම් රැස්වීම (8th BIMSTEC Expert Group on Agricultural Cooperation) ඊයේ (31) ඉන්දියාවේ සභාපතීත්වයෙන් පැවැත්වුණි.

බිම්ස්ටෙක් රාමුව යටතේ හඳුනාගත් පොදු ව්‍යාපෘති 9 ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකාර්මික සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කරන ලදී. ‘බිම්ස්ටෙක් සහයෝගීතාවයේ අංශ 14 න් එකක් කෘෂිකර්මාන්තය‘ යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ බිම්ස්ටෙක් සහ සාර්ක් අංශයේ උප ලේකම් රාකේෂ් තිවාරි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

(BIMSTEC හෙවත් බිම්ස්ටෙක් – බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීම (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation)යනු දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල් 7 ක ජාත්‍යන්තර සංවිධානයකි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය එයි සාමාජිකත්වය දරන අතර එහි ජනගහනය බිලියන 1.73 ක් වන අතර දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.8 කි – පරිවර්තක)

සාමාජික රටවල් 7ක කෘෂිකර්ම අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම රැස්වීමේදී ඉන්දියානු නියෝජිතයින්ගේ නායකත්වය ICAR හි අධ්‍යක්ෂ ජනරාල් ට්රිලෝචන් මොහපැට්රා විසින් ලබාදුන් බව ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලයේ (ICAR) ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

කෘෂිකර්මාන්තය යනු බිම්ස්ටෙක් සහයෝගීතාවයේ අංශ 14 න් එකකි. මෙම අංශය මෙහෙයවනු ලබන්නේ මියන්මාරයයි. කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ බිම්ස්ටෙක් ප්‍රවීණ කණ්ඩායම් රැස්වීම (Experts Group Meeting on Agricultural Cooperation -EGMAC) ) සහ මෙම අංශයට අදාළ අනෙකුත් ව්‍යාපාර පැවැත්වීම තුළින් මෙම අංශය සාමාජික රටවල් අතර සහයෝගිතාව ගැඹුරු කරයි.

ඊයේ රැස්වීම සමඟ‍ ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත්‘ (Good Agricultural Practices) පිළිබඳ වැඩමුළු දෙකක් (GAP Phase I & II) සහ කෘෂිකාර්මික වෙළඳාම සහ ආයෝඡනය වැඩි දියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්විණි.

කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ තුන් වන බිම්ස්ටෙක් විශේෂඥ කණ්ඩායම් රැස්වීම මහනුවරදී පැවති අතර මෙම අංශය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා පොදු ව්‍යාපෘති නවයක් හඳුනාගෙන තිබුණි.

එම ව්‍යාපෘති 9 පහත පරිදි වේ:

  1. බලශක්ති උත්පාදනය පිළිබඳ පර්යේෂණ හා සංවර්‍ධනයන්හි සහයෝගීතාවය සහ ප්‍රජා මට්ටමින් ලාභදායී ජෛව ඉන්ධන නිෂ්පාදනය ප්‍රවර්‍ධනය කිරීම සඳහා විකල්ප බලශක්ති භෝග භාවිතය;
    2) විශේෂයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වටිනාකම් දාම කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම;
    3) කෘෂිකාර්මික සංඛ්‍යාන තොරතුරු පද්ධතිය සහ එහි ජාල ශක්තිමත් කිරීම;
    4) යහපත් කෘෂිකාර්මික පුරුදු පිළිබඳ වැඩමුළුව
    5) ජෛව ආරක්‍ෂාව ඇතුළු කෘෂිකාර්මික ජෛව තාක්‍ෂණයේ දියුණුව;
    6) දේශසීමා මායිම් සත්ව රෝග වැළැක්වීම සහ පාලනය කිරීම;
    7) කෘෂිකාර්මික විශ්ව විද්‍යාල, පශු වෛද්‍ය විශ්ව විද්‍යාල සහ කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සම්බන්ධ කිරීම;
    8) බිම්ස්ටෙක් සාමාජික රටවල බීජ අංශය සංවර්ධනය කිරීම;
    9) කෘෂිකාර්මික වෙළෙඳාම සහ ආයෝඡනය වැඩි දියුණු කිරීම

indianewsnetwork.com

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *