BBC wildlife photographer of the year 2021: ශ්‍රී ලංකාවට ඇගයීම් දෙකක්

ලෝක ඡායාරූප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ BBC wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරූප ශීල්පිණීයකට හා 10 වියැති  ඡායාරූප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත.

ඒ මේ වන විට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බුද්ධිනී ඩී සොයිසා මහත්මියගේ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපය හා ගඟන වික්‍රමසිංහගේ ‘Lockdown chicks’ නමින් පළ කරන ලඳ ඡායාරූපයටය.

ගඟන ලංකාවේ ප්‍රවීන උරග විද්‍යාඥණයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා වීම ද විශේෂත්වයකි.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත.

චීටා
A Great Swim  කෙන්යාවේ මාසායි මාරා හි ගංවතුරෙන් ඉදිමී ඇති ටැලෙක් ගඟ හරහා පිරිමි චීටාවන් තිදෙනකු පිහිනා යන අයුරු. මෙම ඡායාරූපය ගෙන ඇත්තේ බුද්ධිලිනි ද සොයිසා විසිනි.
පක්ෂීන්
Lockdown chicks’- තම පියා ආහාර රැගෙන එන විට ගිරවා පැටවුන් තිදෙනා සිය නිවස වන බෙනයෙන් හිස එළියට දමති. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ වයස අවුරුදු 10 ක් වයසැති ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් ඔහුගේ නිවසේ බැල්කනියේ සිටය.

picture by bbc

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.