මෝරුන්ට සහ මඩුවන් වඳවීමේ අද්දර: සාගර ජීවීන්ගේ ජාත්‍යන්තර ‘වඳවීමේ රතු ලැයිස්තුව‘ නිකුත් වෙයි

මත්ස්‍යයින් වඳවීමේ අද්දරට පැමිණ සිටියත් ටූනා මසුන් යළි යථා තත්ත්වයට පත් වීමට පටන් ගෙන ඇති බව විද්‍යාඥයින් හෙළි කර තිබේ.

දශකයක සංරක්‍ෂණ ප්‍රයත්නයෙන් පසු ටූනා මත්ස්‍ය ගහනයේ ගෝලීය සංඛ්‍යා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව තර්ජනයට ලක්ව ඇති ජීවීන්ගේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව අනාවරණය වේ.

නමුත් සමහර ටූනා මත්ස්‍ය විශේෂවල තියුණු පහත වැටීමක් පවතින බව වඳවීමේ රතු ලැයිස්තුව (extinction Red List) සම්පාදනය කරන ස්වභාව ධර්මය සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව (International Union for the Conservation of Nature (IUCN) පවසයි.

මුහුදු ජීවීන්ගේ පැවැත්ම පිළිබද අභියෝගය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව එහි සඳහන් ය.

මෝරුන් සහ මඩුවන්ගෙන් 40%ක් දැන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

මේ අතර, කොමෝඩෝ මකරා වදවීම වෙත සමීප වෙමින් සිටී.  කොමෝඩෝ මකරුන් දේශගුණික විපර්යාසයන්ගෙන් තර්ජනයට මුහුණ පා සිටින අතර මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ වාසස්ථාන වලට බලපෑම් එල්ල විය හැකි බවට බියක් පවතී.

කොමෝඩෝ මකරා
කොමෝඩෝ මකරුන් වනයේ වේගයෙන් වදවීමේ තර්ජනයකට ලක්ව ඇත.

සැප්තැම්බර් 3 සිට 11 දක්වා ප්‍රංශයේ මාර්සෙයි නගරයේ පැවැත්වෙන ලොව ප්‍රමුඛතම සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ලැයිස්තුව නිකුත් කරන ලදී.

මෙම ප්‍රවෘත්ති “සාගර මත පීඩනය වැඩි වෙමින් පැවතුනද, තිරසාර පුරුදු සඳහා රාජ්‍යයන් කැප වුවහොත් ජීවීන්ට යථා තත්ත්වයට පත් විය හැකි බවට වන ප්‍රබල ලකුණක්” යැයි, ‘සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර එකමුතුව (International Union for Conservation of Nature – IUCN අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බෘෘනෝ ඔබර්ලේ පැවසීය.

“ජෛව විවිධත්ව සංරක්‍ෂණය පිළිබඳ අභිලාෂය ඉහළ නැංවීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

IUCN රතු ලැයිස්තුවට අනුව පසුගිය අඩ සියවස තුළ සත්ව හා ශාක විශේෂයන් 139,000 ක් පමණ තක්සේරු කර ඇති අතර, වර්තමානය වන විට ඉන් විශේෂ 39,000 කට ආසන්න සංඛ්‍යාවක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 902ක් වඳ වී ගොස් ඇත.

බ්ලූෆින්
ටූනා යනු සමුද්‍රය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමේ ප්‍රධාන විලෝපිකයන් ය

නවතම යාවත්කාලීන කිරීම (2021 වසරේ දෙවන)

  • ටූනා විශේෂ හතෙන් හතරක් සඳහා ධනාත්මක ලකුණු හෙළි විය:
  • අත්ලාන්තික් සාගරයේ බ්ලූෆින් ටූනා bluefin tuna (Thunnus thynnus)  වඳවීමේ තර්ජනයට ලක් වී අවම සැලකිල්ලක් දක්වා මාරු විය.
  • දක්ෂිණ බ්ලූෆින් ටූනා Southern bluefin tuna (Thunnus maccoyii)  දැඩි තර්ජනයට ලක්ව ඇති සිට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දක්වා මාරු විය.
  • ඇල්බාකෝර්  albacore (Thunnus alalunga)  සහ යෙලෝෆින් ටූනාස්  yellowfin tunas (Thunnus albacares) යන දෙවර්ගයම තර්ජනයට ආසන්නව සිට අවම සැලකිල්ල දක්වා ගමන් කළහ.

අත්ලාන්තික් සාගරයේ බටහිර පෙදෙස් වල සහ ඉන්දියන් සාගරයේ යෙලෝෆින් වැනි සමහර ප්‍රදේශ වල bluefin tuna ගැන සැලකිලිමත් වේ.

‘‘සාමාන්‍ය ජනතාව වෙත ලබාදිය යුතු පණිවිඩය නම්, ඇල්බකෝර් ටූනා (සුපිරි වෙළඳ සැල් රාක්ක වල බහුලව දක්නට ලැබෙන) ගැන දැන් අවම වශයෙන් සැලකිලිමත් වීමයි. එයින් අදහස් කරන්නේ  bluefin tuna තිරසාර ලෙස අල්ලාගෙන හොඳින් කළමනාකරණය කර ඇති බවයි‘‘ IUCN රතු ලැයිස්තුවේ නායකත්වය දරන ක්‍රේග් හිල්ටන් ටේලර් පැවසීය.

නමුත් ඔහු කියා සිටියේ සමහර සාගර ජීවීන්ගේ පැවැත්ම යහපත් තත්ත්වයට පත් වෙමින් ඇති නමුත් බොහෝ විශේෂ දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි. “අපට ආපසු හැරිය නොහැකයි. මෙය අපේ සාගර සහ ඒවායේ ඇති ජෛව විවිධත්වය ගැන අප බොහෝ දේ කළ යුතු බවට ලෝකයට අවදි කිරීමේ ඇමතුමකි.”

මසුන් ඇල්ලීම වඩාත් තිරසාර ලෙස සිදු කිරීමේ උත්සාහයන්හි ටූනා ඉදිරියෙන්ම සිටී. ස්කිප් ජැක්, යෙලෝෆින්, බිජී සහ ඇල්බාකෝර් ටූනා වැනි වර්ග ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පරිභෝජනය කරන අතර වාණිජමය වශයෙන් වටිනාම මාළුවෙකි.

සුදු මෝරා
මෝරුන් අධික ලෙස මසුන් ඇල්ලීමෙන් තර්ජනයට ලක්ව ඇත

2011 දී ටූනා විශේෂ බොහෝමයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි සැලකිනි. දැඩි ධීවර කෝටා සහ නීති විරෝධී මසුන් ඇල්ලීම තහනම් කිරීම ඇතුළු සංරක්‍ෂකයින්ගේ සහ කර්මාන්තකරුවන්ගේ දශකයක උත්සාහයෙන් පසු, සාගරයේ සමහර ප්‍රදේශවල ටූනා ගහනය යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව පෙනේ.

කෙසේ වෙතත්, මෝරුන් සහ මඩුවන්ගේ ගහනය අඛණ්ඩව පහත යමින් පවතී. 2014 දී එය 33%ක් පමණ වූ නමුත්, මස් හා වරල් සඳහා මසුන් ඇල්ලීම, දේශගුණික විපර්යාස සහ සාගර දූෂණය හේතුවෙන් එම අගය 2021 වන විට 37% දක්වා ඉහළ ගොස් තිබේ.

සොබාදහම සඳහා ලෝක ව්‍යාප්ත අරමුදලෙහි (World Wide Fund for Nature – WWF) සංරක්‍ෂණ කණ්ඩායමේ මෝර වැඩසටහන් ප්‍රධානී ආචාර්ය ඇන්ඩි කෝර්නිෂ් පැවසුවේ “මෝරුන් සහ මඩුවන් සඳහා අනතුරු ඇඟවීමේ සීනු හඩ නඟා ගත නොහැකි” බවයි. 

“මෙම පෞරාණික සත්ත්ව සමූහය අපට අහිමි වෙමින් පවතී. අපට හදිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.”

ජෛව විවිධත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියාවන්ට හැක්කේ කෙසේද?

වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී කල් දැමීමෙන් පසු වසර පහකට පසු පළමු වරට ලෝක සංරක්ෂණ සම්මේලනය (World Conservation Congress) පැවැත්වේ.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා න්‍යාය පත්‍රය සකස් කළ හැකි සංරක්‍ෂණ යෝජනා වලට ලෝක සංරක්ෂණ සම්මේලනය සහාය ලබා දෙනු ඇත.

වනජීවී ජාවාරම, ප්ලාස්ටික් දූෂණය සහ ඇමේසන් ආරක්ෂා කිරීම යන කරුණු අවධානයට ලක්විය යුතු කරුණු වේ. IUCN හි අනාගත දිශානතිය සකස් කරන නව කවුන්සිලයක් මෙම සම්මේලනයේදී තෝරා ගනු ඇත.

සංරක්ෂණ ප්‍රවිණයෙකු වන, වනජීවී සංරක්ෂණ සම්මේලනයේ උප සභාපතිනී සුසාන් ලිබර්මන් පැවසුවේ ‘නවතම යාවත්කාලීනය නිකුත් කිරීමෙන් තර්ජනයට ලක්ව ඇති සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජීවීන් බේරා ගැනීම සඳහා රජය සහ බහු පාර්ශ්වික ක්‍රියාමාර්ග ගන්නා බව‘යි.

දේශගුණික විපර්යාස, ජෛව විවිධත්ව අහිමි වීම සහ වසංගතය වැනි අර්බුද මධ්‍යයේ 2020 සිට කල් දමා අන්තර්ජාලයෙන් සහ පෞද්ගලිකව පැවැත්වෙන මෙම හමුව අනාගත සංරක්ෂණ ප්‍රතිපත්තියේ දිශාව තීරණය කිරීම සඳහා ඉතා වැදගත් බව ද ඇය පැවසුවාය.

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *