එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයින්ගෙන් කොවිඩ් සම්ප්‍රේෂණය ගැන WHO අලුත්ම හෙළිදරව්ව

කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීම /ආසාදනය වීම බෙහෙවින් අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය කේට් ඕ බ්‍රයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රෝගය වැළැක්වීමට සහ රෝගයේ බරපතලකම අඩු කිරීමට එන්නත් බෙහෙවින් උපකාරී වන බවයි. එනම් ආසාදනය වූ අයෙකුගෙන් සිදුවිය හැකි කඩිනම් ආසාදන සැලකිය යුතු ලෙස අඩුකරන බවයි.

කෙසේ වෙතත්, එන්නත ලබා දීමෙන් අදහස් කරන්නේ මිනිසුන්ගෙන් 100%ක් කොවිඩ් වෛරසයෙන් 100%ක් ම ආරක්‍ෂා කර ඇති බව නොවන බව ඇය පැවසුවාය. මේ දක්වා ලෝකයේ භාවිත කරන කිසිදු එන්නතකට එවැනි ආරක්ෂාවක් ලබාදිය නොමැති බව ද ඇය පැවසුවාය.

‘‘COVID-19 ට එරෙහිව ඇති එන්නත් ඇදහිය නොහැකි තරම් ඵලදායී එන්නත් වේ. නමුත් එයින් අදහස් කරන්නේ 100%ක්ම මිනිසුන් ආරක්ෂා වන බව නොවේ ”ඇය පැවසුවාය.

වෛරස් වල ඝනත්වය එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් තුළ බෙහෙවින් අඩු බවත් එමඟින් සම්ප්‍රේෂණය අඩු වන බවත් ඇය පැවසුවාය.

“එන්නත් විවිධ ආකාර කිහිපයකින් ක්‍රියාත්මක වේ. පළමුවෙන්ම, ඒවා මිනිසුන්ට ලෙඩ රෝග ඇති වීම වළක්වයි. සම්පුර්ණයෙන්ම එන්නත ලබා ගත් පුද්ගලයින් තුළ මෙම රෝගය ඇති වුව ද එම රෝගයේ බරපතලකම අඩුයි‘‘ ඇය පැවසුවාය.

ඇය තව දුරටත් සඳහන් කළේ මිනිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිිළිනොපැදීම නිසා ආසාදන ඇති වන බවයි. ලෝකයේ බොහෝ පුද්ගලයින්ට තවමත් එන්නත් ලබා ගත නොහැකි බැවින් රෝගය වැළැක්වීම සඳහා එන්නත් සහ වෙනත් පියවර ගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published.