දේශගුණික විපර්යාස වලට මුහුණ දීමට රටවල් රැසකින් කොළ එළි

ගෝලීය තත්වයේ බරපතලකම රටවල් හඳුනා ගත් හෙයින් මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී (UNGA) දේශගුණික විපර්යාස ප්‍රධාන මාතෘකාව විය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ලක්‍ෂණ බරපතළ ලෙස පෙන්නුම් කරන විශාල විනාශකාරී ලැව්ගිනි, කුණාටු, ගංවතුර ඉතිහාසයේ වෙන කිසිදු යුගයකට වඩා දැඩි ලෙස ලෝකය පුරාම ඇති වෙමින් තිබේ.

මෙම පසුබිම තුළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එක්සත් ජාතීන්ට කියා  කියා සිටියේ දේශගුණික ගැටලුව සම්බන්ධයෙන් ‘අවංක ලෙස ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇති බවයි.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව  බ්‍රිතාන්‍යයට ගෙන ඒමට අගමැතිවරයා සටන් කළ අතර දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ගෝලීය නායකත්වය එක්සත් රාජධානියට හිමිවන බව පැහැදිලිය. ඒ බව ඔහු එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කළ දැඩි සහ සංවේදී කතාවෙන් වඩාත් පැහැදිලි විය.

බොරිස්
බ්‍රිතාන්‍ය අගමැති එක්සත් ජාතීන් අමතයි

නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඔහුගේම ප්‍රතිපත්ති සමඟ කටයුතු කරන්නේ කෙසේද ?

වඩාත්ම අන්තවාදී පරිසරවේදීන් පවා ඔහුට ඉහළ ලකුණු ලබා දෙනු ඇත. එක්සත් රාජධානිය පොරොන්දු වන්නේ 2035 වන විට එහි කාබන් විමෝචනයෙන් 78% ක් අඩු කරන බවයි.

එක්සත් රාජධානිය ආනයනය කරනු ලබන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී විදේශයන්හි ඇති වූ විමෝචනය එයට ඇතුළත් නොවේ. නමුත් කෘෂිකර්මාන්ය, විදුලිය සහ අපද්‍රව්‍ය (විමෝචනයේ ප්‍රධාන ප්‍රභවයක්) වැනි ක්ෂේත්‍රයන්හි මෑතකදී සුළු ප්‍රගතියක් ලබා ඇත.

COP26 සමුළුව ග්ලාස්ගෝ හි පැවැත්වීමට පෙර ඵලදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට මහා බ්‍රිතාන්‍ය රජය පොරොන්දු වී තිබේ. නමුත් එයට ගෑස් බොයිලේරු, ගොවිපල සහනාධාර, ගුවන් සේවා සහ විශේෂයෙන් ශුන්‍ය කාබන් විප්ලවයට අරමුදල් සපයන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රතිපත්තිය පැහැදිලි නැත.

එපමණක්ද නොව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ වර්තමාන ප්‍රතිපත්ති කිහිපයක් මඟින් විමෝචනය පහළට නොව ඉහළට යවනු ඇත.

ඔහු කුම්බ්‍රියාවේ ගල් අඟුරු පතලකට හෝ ෂෙට්ලන්ඩ් හි තෙල් හෑරීමට විරුද්ධ නැත; ඔහු ගුවන් ගමන් සඳහා බදු අඩු කරයි. බරපතළ ලෙස කාබන් විමෝචනය කරන මාර්ග සහ HS2 දුම්රිය ඉදිකරමින් සිටී.

ග්ලාස්ගෝ සමුළුවේදී මේවා ලැජ්ජාවට කරුණු වනු ඇතැයි පරිසරවේදීහූ අනතුරු අඟවති.

Xi
නොකඩවා දෙවන වසරටත් චීන ජනාධිපති ෂී එක්සත් ජාතීන්ගේ රැස්වීම භාවිතා කරමින් ප්‍රබල දේශගුණික නිවේදනයක් කළේය

ප්‍රධාන වශයෙන් විමෝචනය කරන්නන් පැවසුවේ කුමක්ද?

වැදගත් පියවරයන් ඉදිරියට තැබීම සඳහා එක්සත් ජනපදය සහ චීනය එක්සත් ජාතීන්ගේ වේදිකාව භාවිතා කළේය.

දේශගුණික ආධාර සඳහා එක්සත් ජනපදයේ මූල්‍ය දායකත්‍වයේ සැලකිය යුතු වැඩි වීමක් ප්‍රකාශයට පත් කරමින් දේශගුණික විපර්යාස කෙරෙහි බහුපාර්ශ්වික ප්‍රවේශයක් සඳහා වන සිය කැපවීම ජනාධිපති බිඩෙන් අවධාරණය කළේය.

එක්සත් ජනපදය අනාගතයේදී දේශගුණික මූල්‍ය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 11.4ක් ගෙවනු ඇති අතර ලබන අප්‍රේල් මස එය දෙගුණයක් වනු ඇත.

දේශගුණික විපර්යාස පිළිබඳ බුද්ධිමතුන්ගේ එකතුවක් වන  E3G හි ජෙනිෆර් ටොල්මන් පැවසුවේ “ අපි එය සාදරයෙන් පිළිගනිමු, නමුත් ප්‍රමාණවත් නොවේ. මෙය කොන්ග්‍රසය හරහා යාමට අවශ්‍යයි. එසේ සිදු වුවද, දෙගුණ කිරීම ඇත්ත වශයෙන්ම 2024 දක්වා සිදු නොවේ.”

අනෙක් ප්‍රමුඛ දේශගුණික කතාව වූයේ චීනය තවදුරටත් ගල් අඟුරු බලාගාරයන් ඉදි නොකරන බවට චීන ජනපති කළ ප්‍රකාශයයි.

චීන ජනාධිපති ෂී ජින් පින් සැලකිය යුතු දේශගුණික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වේදිකාව භාවිතා කළ දෙවන වසර මෙයයි.

චීනය මේ වන විටත් මෙම ව්‍යාපෘති මන්දගාමී කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටි බව විවේචකයන් විසින් පෙන්වා දී ඇතත්, මෙම පියවර සඳහා පොදු පිළිගැනීමක් ලැබී තිබේ.

“චීනයේ විදේශීය තහනම විශාල ජයග්‍රහණයක්” යැයි ග්‍රීන්පීස් හි ලී ෂුවෝ පැවසීය.

“සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරා ගල් අඟුරු ව්‍යාපෘති සඳහා සහයෝගය දැක්වූ අන්තිම රාජ්‍ය චීනයයි. මෙම ව්‍යාපෘති තහනම් කිරීම ඉදිරි වසරවලදී ගෝලීය බලශක්ති භූ දර්ශනය සැලකිය යුතු ලෙස හැඩගස්වනු ඇත.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

චීනයේ නව කැපවීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තවමත් විස්තර නොමැත. නමුත් විශ්ලේෂණවලින් පෙනී යන්නේ අප්‍රිකාවේ පමණක් රටවල් අටක ගල් අඟුරු ව්‍යාපෘති 11 ක් අවලංගු කිරීමට ඉඩ ඇති බවයි.

මෙම පියවරට ප්‍රශංසා කරන අතරම, බොහෝ ප්‍රවීණයන් කියා සිටියේ ගල් අඟුරු මත දේශීයව යැපීම අඩු කිරීම පිළිබඳව චීනයෙන් වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි.

චීනය ගල් අඟුරු මත යැපීම කොතරම් ද යත් 2020 වන විට ගෝලීය ගල් අගරු බලශක්ති උත්පාදනයේ චීන දායකත්වය 53% දක්වා ඉහළ ගොස් තිබේ.

“එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් අය සිදු කළ පරිදි මෙම දශකය තුළ චීනයේ විමෝචනයන් විශාල ලෙස අඩු කරන බවට පොරොන්දු වීම ප්‍රධාන සිදුවීමයි” යනුවෙන් එක්සත් ජනපදයේ හිටපු දේශගුණික නියෝජිත ටොඩ් ස්ටර්න් ට්වීට් කළේය.

“ගෝලීය CO2 විමෝචනයෙන් 27% ක් චීනය විසින් සිදුකරනවා. චීනය සැබෑ පියවරක් නොගත හොත් ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5ක මට්ටමේ තබා ගැනීම යථාර්ථයක් නොවනු ඇත.” යනුවෙන් ඔහු ලිවීය.

ප්‍රගතියක් තිබුණේ වෙන කොහේද?

ගිනි

එය ප්‍රවේශමෙන් කියන්න, නමුත් ප්‍රගතියක් පෙන්නුම් කරන නිවේදන කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රකාශයට පත්විය.

E3G විසින් කරන ලද විශ්ලේෂණයට අනුව, සමහර විශේෂ අවස්ථා ඇතුළත් විය:

  • එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් රාජ්‍ය 2030 වන විට මීතේන් විමෝචනය 30% කින් අඩු කිරීමට පොරොන්දු වූහ.
  • පොසිල ඉන්ධන ඉවත් කිරීම සඳහා ඩෙන්මාර්කය සහ කොස්ටාරිකාව තෙල් සහ ගෑස් සන්ධානයක් දියත් කරති.
  • පැරිස් ගිවිසුම අනුමත කිරීමට තුර්කිය කැපවී සිටින අතර කාබන් කැපීමේ සැලැස්මක් සකස් කරමින් සිටින බව කියවේ.
  • බ්‍රසීලය ඇඟවුම් කරන්නේ පැරිස් ගිවිසුමේ කැපී පෙනෙන කරුණක් වූ කාබන් වෙළෙඳපොළ පිළිබඳව ග්ලාස්ගෝහි පැවැත්වෙන සාකච්ඡා අවහිර නොකරන බවයි.
  • ඉන්දියාව ග්ලාස්ගෝ සමුළුවට පෙර නව සැලසුමක් ඉදිරිපත් කිරීමට යන බව කියවේ.

ඉදිරියේදී ඇති ප්‍රධාන අභියෝග මොනවාද?

එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ප්‍රගතිය පිළිබඳ හැඟීම තිබියදීත්, සමහර ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ඉතිරිව ඇත.

චීනය සහ ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තවමත් නව කාබන් කැපීමේ සැලසුම් ඉදිරිපත් කර නැත.

ඒ හා සමානව වැදගත් වන පරිදි, 2020 සිට සංවර්ධනය වෙමින් පවතින රටවල ලබාදීමට නියමිත ඩොලර් බිලියන 100 ලබාදීමට සංවර්ධිත රටවල් තවමත් අරගල කරමින් සිටිති.

ග්ලාස්ගෝ සමුළුව සඳහා සති පහක් ඉතිරිව තිබියදී, ධනවත් හා දුප්පත් ජාතීන් අතර විශ්වාසය තහවුරු කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකයින් දැඩි උත්සාහයක් දරති.

ප්‍රධාන අංකය වෙත යාමට යම් නිර්මාණාත්මක ගිණුම්කරණයක් අවශ්‍ය විය හැකිය. කාබන් පිරිවැය ලෙස සංවර්ධිත ලෝකයට ඩොලර් බිලියන 100ක් ගෙවීම සැබවින්ම මතභේදාත්මක වේ.

දේශගුණික විරෝධය
දේශගුණික විපර්යාස ජර්මානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයකි.

ගල් අඟුරු අනෙක් ප්‍රධාන ප්‍රශ්න වලින් එකකි. එය ලබන සතියේ මිලාන්හිදී පැවැත්වෙන පූර්ව රැස්වීමේදී සාකච්ඡාවල කොටසක් වනු ඇත. නමුත් විවේචනාත්මකව එය ද න්‍යාය පත්‍රයට ඇතුළත් වනු ඇත.

ජී 20 ජාතීන් ගෝලීය කාබන් විමෝචනයෙන් 80% ක් නියෝජනය කරයි. ‘‘ගල් අඟුරු වලට අනාගතයක් නැති බවට‘ සංඥා කරන ශක්තිමත් ප්‍රකාශයකට එකඟ විය හැකි නම්, මෙය COP26 සඳහා විශාල ශක්තියක් වනු ඇත.

පැරීසියේ ගිවිසුමේ ප්‍රධාන කෙටුම්පත්කරු සහ යුරෝපීය දේශගුණික පදනමේ ලෝරන්ස් ටුබියානා පැවසුවේ “ඉදිරි සති 5 අතිෂයින් වැදගත්. විශේෂයෙන් අපට ජී 20 රටවල් රෝමයේදී හමු වූ මේ ගැන කොළ එළියක් දැල්වෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එය ඇත්තෙන්ම අත්‍යවශ්‍යයි. බලා සිටීමට කාලයක් නැහැ‘‘

බී.බී.සී ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *