
පෘථිවි පස, ඉඩම් සහ ජල සම්පත් නරක අතට හැරෙන තත්ත්වය සහ 2050 වන විට බිලියන දහයකට ආසන්න ගෝලීය ජනගහනයක් පෝෂණය කිරීම සඳහා ඇති අභියෝග ඉස්මතු කරමින් සුවිශේෂී වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එළිදක්වා ඇත.
“පාංශු, ඉඩම් සහ ජල පරිසර පද්ධති මත පීඩනය දැන් තීව්‍ර වන අතර බොහෝ දෙනෙක් එහි තීරණාත්මක භාවය ගැන අවධාරණය කර ඇත” යනුවෙන් FAO අධ්‍යක්ෂ ජනරාල් QU Dongyu සංශ්ලේෂණ වාර්තාවේ පෙරවදනෙහි මේ බව සදහන් කර ඇත.
“අපගේ අනාගත ආහාර සුරක්ෂිතතාවය රඳා පවතින්නේ අපගේ භූමිය, පස සහ ජල සම්පත් ආරක්ෂා කිරීම මත බව පැහැදිලිය. වර්තමාන කෘෂි ආහාර නිෂ්පාදන රටාවන් තිරසාර බව ඔප්පු නොවේ. එහෙත්, මෙම පීඩන සමනය කිරීමට සහ දේශගුණික සහ සංවර්ධන ඉලක්ක සඳහා ධනාත්මක ලෙස දායක වීමට කෘෂි ආහාර පද්ධතිවලට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය,” ඔහු තවදුරටත් පැවසීය.
වාර්තාව පවසන්නේ ‘‘අප වත්මන් ගමන් පථයේ දිගටම ගමන් කළහොත් අමතර සියයට 50ක් වැඩිපුර අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමෙන් කෘෂිකර්මාන්තය සඳහා ජලය ඉවත් කර ගැනීම සියයට 35 දක්වා ඉහළ යා හැකිය, එමගින් පාරිසරික ව්‍යසනයක් ඇති කළ හැකිය, සම්පත් සඳහා තරඟකාරිත්වය වැඩි කළ හැකි අතර නව සමාජ අභියෝග සහ ගැටුම් අවුලුවාලිය හැකි‘ බවයි.
ප්‍රධාන අභියෝග අතර
- මිනිසා විසින් ඇති කරන පාංශු හායනය කෘෂිකාර්මික ඉඩම්වලින් සියයට 34කට – හෙක්ටයාර මිලියන 1660කට බලපායි.
- අපේ ආහාරවලින් සියයට 95කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩබිමේ නිෂ්පාදනය වන නමුත් ඵලදායි බිම් ප්‍රමාණය පුළුල් කිරීමට ඇති ඉඩකඩ අඩුය.
- නාගරික ප්‍රදේශ පෘථිවි භූමි ප්‍රමාණයෙන් සියයට 0.5කට වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරයි. නමුත් නගරවල වේගවත් වර්ධනය ඉඩම් හා ජල සම්පත් කෙරෙහි සැලකිය යුතු ලෙස බලපා ඇත. ඵලදායිතාව සහ ආහාර සුරක්ෂිතතාව සඳහා තීරණාත්මක වන ප්‍රධාන කෘෂිකාර්මික ඉඩම් දූෂණය කිරීම සහ ආක්‍රමණය කිරීම නගර පුළුල් වීම තුළින් සිදුවේ.
- 2000 සහ 2017 අතර ඒක පුද්ගල ඉඩම් භාවිතය සියයට 20 කින් අඩු විය.
- ජල හිඟය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර සංවර්ධනය අනතුරේ හෙළයි, කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වන බිලියන 3.2ක ජනතාවකට තර්ජනයක් එල්ල කරයි.
විසඳුම් අතේ
- සීමිත වගා කළ හැකි ඉඩම් සහ මිරිදිය සම්පත් සමඟ, තාක්ෂණයේ සහ නවෝත්පාදනවල වේගවත් පරිමාණය ඉතා වැදගත් වේ. කෘෂිකාර්මික කටයුතු සඳහා මූලික දත්ත, තොරතුරු සහ විද්‍යාව පදනම් වූ විසඳුම් සැපයීමට අවශ්‍ය ඩිජිටල් නිර්මාණ ශිල්පය අප විසින් ශක්තිමත් කළ යුතුය.
- මිලියන සංඛ්‍යාත කුඩා වතු හිමියන්ට, කාන්තාවන්ට, තරුණයින්ට සහ ආදිවාසී ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ඉඩම් සහ ජල පාලනය වඩාත් ඇතුළත් සහ අනුගත විය යුතුය. ඔවුන් දේශගුණික සහ අනෙකුත් සමාජ-ආර්ථික අවදානම් වලට වඩාත්ම ලක්වන අතර විශාලතම ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙයි. සෑම තරාතිරමකම වඩා ඒකාබද්ධ සැලැස්මක් තිබිය යුතුය. කෘෂිකර්මාන්තයේ ආයෝජන සමාජ හා පාරිසරික ජයග්‍රහණ කරා යොමු කළ යුතුය.
- තිරසාර පස, භූමිය සහ ජලය ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති සඳහා පදනම වේ. එබැවින් මෙම සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම දේශගුණය අවම කිරීම සහ අනුවර්තනය වීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ප්රධාන වේ. නිදසුනක් වශයෙන්, පස ඥානවන්තව භාවිතා කිරීමෙන් පමණක් කෘෂිකාර්මික ඉඩම්වලින් සිදුවනහරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් එකක් අඩු කළ හැකිය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි