බීජ ජෛව විවිධත්වය: අපගේ ආහාර නිෂ්පාදනයේ ජීවිත රක්ෂණය

ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති සඳහා ආහාර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කරන රටවල් පහක්

අපගේ මුතුන් මිත්තන් පෝෂණය කළ ශාක විශේෂ සහ ප්‍රභේද දහස් ගණනක් දැනටමත් වඳ වී ගොස් ඇති අතර, අපට සෑම දිනකම තවත් අහිමි වෙමින් පවතී. විවිධත්වය අපගේ ආහාරවල ජීවිත රක්ෂණයයි. ©FAO/Luis Tato21/05/2021

අපගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් බහුතරයක් සඳහා මිනිසුන් තවමත් අඩු ශාක ප්‍රමාණයක් මත විශ්වාසය තබයි. ඇත්ත වශයෙන්ම, ආහාර සඳහා වගා කරන ලද පලතුරු සහ එළවළු විශේෂ දහස් ගණනක් තිබුණ ද ගෝලීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර වලින් සැලකිය යුතු කොටසක් සෑදී ඇත්තේ 200 කට වඩා අඩු ප්‍රමාණයකි. 

නමුත් දේශගුණික විපර්යාස, ආක්‍රමණශීලී විශේෂ, පාංශු, වායු සහ ජල දූෂණය, නගර ව්‍යාප්තිය හෝ ඉඩම් අධික ලෙස භාවිතා කිරීම මෙම විශේෂයන් දුර්වල කිරීමට හේතු වන අතර, අනාගතයේදී නිෂ්පාදනය කිරීමට හෝ පැවැත්මට ඇති හැකියාව අඩු කරයි නම් අප කුමක් කළ යුතුද? අපගේ මුතුන් මිත්තන් පෝෂණය කළ ශාක විශේෂ සහ ප්‍රභේද දහස් ගණනක් දැනටමත් වඳ වී ගොස් ඇති අතර, අපට සෑම දිනකම තවත් අහිමි වෙමින් පවතී. විවිධත්වය අපගේ ආහාරවල ජීවිත රක්ෂණයයි (Diversity is our food’s life insurance). මෙම සැබෑ සහ තර්ජනවලට එරෙහිව අපගේ ආහාර පද්ධති ශක්තිමත් සහ ඔරොත්තු දෙන රක්ෂණය වන්නේ බෝග ජෛව විවිධත්වයයි (crop biodiversity).

ලොව පුරා ආදිවාසී සහ දේශීය ප්‍රජාවන් කෘෂි ජෛව විවිධත්වයේ ප්‍රධාන සංරක්ෂණවාදීන් වේ. (the major conservationists of agrobiodiversity) විවිධ භෝග වර්ග සහ ඒවා වගා කරන ආකාරය පිළිබඳ ගැඹුරු, පාරම්පරික දැනුමක් ඔවුන්ට ඇත. එහෙත්, මෙම ප්‍රජාවන්ම බොහෝ විට අවදානමට ලක්විය හැකි අතර, විශේෂයෙන් දේශගුණික විපර්යාසවලට නිරාවරණය වන හෝ පිරිහුණු සම්පත්වලට යටත්ව ජීවත් වෙති. 

ආහාර සහ කෘෂිකර්මාන්තය සදහා වන ශාක ජාන සම්පත් පිළිබදව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන ජාත්‍යන්තර ගිවිසුම හරහා පිහිටුවන ලද ‘ප්‍රතිලාභ බෙදා ගැනීමේ අරමුදල – The Benefit-sharing Fund ‘ සංවර්ධනය වෙමින් පවතින රටවල ගොවීන්ට ආහාර සුරක්ෂිතතාව සඳහා ශාක ජාන විවිධත්වය ආරක්ෂා කිරීමට, භාවිතා කිරීමට සහ මෙම ප්‍රජාවන්ට දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට උපකාර කරයි. 

සහයෝගීතාවය දේශීය දැනුම සංරක්ෂණය කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුවර්තනය වන ප්‍රත්‍යස්ථ බෝග ප්‍රභේද වෙත ප්‍රවේශය සහ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ වැදගත් ක්‍රමයකි.

ප්‍රතිලාභ බෙදාගැනීමේ අරමුදල් ව්‍යාපෘති සහ බීජ ජෛව විවිධත්වයේ වැදගත්කම පිළිබඳ උදාහරණ පහක් මෙහි දැක්වේ.

1. ඉක්වදෝරයේ දේශීය බෝග වර්ග ආරක්ෂා කිරීම

ඉක්වදෝර ඇන්ඩීස් හි කොටකාචි දිස්ත්‍රික්කයේ, වැඩිපුරම කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන පවුල් ගොවිතැන ආහාර සහ ආදායම් ප්‍රධාන මූලාශ්‍රය වේ. ඇන්ඩියන් උස් ප්‍රදේශවලට අනුවර්තනය වූ සාම්ප්‍රදායික භෝග හේතුවෙන් ප්‍රදේශය කෘෂිකාර්මික විවිධත්වයේ ක්ෂුද්‍ර මධ්‍යස්ථානයක් වන අතර එය මෑතකදී FAO විසින් ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුම පද්ධතියක් ලෙස නම් කරන ලදී.

ස්වභාවික සම්පත් බහුලව තිබුණද, මෙම ප්‍රදේශයේ ආදිවාසී ප්‍රජාවන් දේශගුණික විපර්යාස හා ඉඩම් හායනය සමඟ පොරබදමින් සිටින අතර එනිසා දේශීය භෝග ලබා ගැනීමේ හැකියාව නරක අතට හැරේ. Cotacachi හි ගොවි සහ ආදිවාසී සංවිධාන එකමුතුව හරහා, ප්‍රතිලාභ බෙදාගැනීමේ ව්‍යාපෘතිය මෙම ප්‍රජාවන් සමඟ දේශීය බෝග විවිධත්වය අහිමි වීම විසඳීමට සහ දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වන ප්‍රභේද හඳුනා ගැනීමට කටයුතු කරයි.

දේශීයව අනුවර්තනය කරන ලද බීජ සඳහා ප්‍රවේශය පහසු කිරීම සඳහා ජෛව දැනුම මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන අතර ගොවීන් 30 දෙනෙකු බීජ නිෂ්පාදකයින් ලෙස පුහුණු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය මඟින් ගොවීන් 1500කට වැඩි පිරිසකට ප්‍රතිලාභ අත්වන අතර ගෘහස්ථ පරිභෝජනය සහ වාණිජකරණය සඳහා දේශීය හා වඩා හොඳින් අනුවර්තනය වූ ශාක විශේෂ නැවත හඳුන්වා දෙයි.

ඉක්වදෝරයේ ජෛව දැනුම මධ්‍යස්ථාන දෙකක් දේශීයව අනුවර්තනය කරන ලද බීජ සඳහා ප්‍රවේශය සඳහා පහසුකම් සපයයි. 
නියඟයට ඔරොත්තු දෙන කව්පි වර්ග ඝානාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට උපකාරී වේ. 

2. ඝානාවේ නියඟ සහ රෝගවලට ඔරොත්තු දෙන කව්පි වර්ග සංවර්ධනය කිරීම

කව්පි, එහි පෝෂණ ප්‍රතිලාභ සහ වැලි සහිත, අර්ධ ශුෂ්ක පසෙහි වැඩීමේ හැකියාව සඳහා පිළිගත්, ඝානාවේ වෙරළබඩ සැවානාහි ජීවත් වන ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය බෝගයකි. එය රටේ ජනගහනයෙන් සියයට 70කට වැඩි පිරිසක් විසින් යැපෙන, දැරිය හැකි, ප්‍රෝටීන් බහුල ආහාරයකි. කෙසේ වෙතත්, පරපෝෂිත witchweed ( Striga gesnerioides ) එහි නිෂ්පාදනයට දැඩි ලෙස තර්ජනයක් වන අතර, 80%-100% දක්වා පුළුල් පරාසයක අස්වැන්න අහිමි කිරීමට දායක වේ.

කේප් කෝස්ට් විශ්වවිද්‍යාලය හරහා, ප්‍රතිලාභ-බෙදාගැනීමේ අරමුදල විසින් විවිධ වර්ගයේ කව්පි පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් සිදු කරන ලද අතර එමඟින් නියඟයට ඔරොත්තු දෙන, ස්ට්‍රිගා-ප්‍රතිරෝධී කව්පි ප්‍රභේද හතක් සංවර්ධනය කිරීම, ලියාපදිංචි කිරීම සහ නිකුත් කිරීමට හැකි විය. පර්යේෂකයන්, විද්‍යාඥයන්, ගොවීන්, අභිජනනය කරන්නන්, කාර්මික ශිල්පීන්, නිෂ්පාදකයින් සහ රාජ්‍ය නිලධාරීන් එක් කළ ප්‍රවේශයක් තුළ, මෙම ප්‍රභේද දැන් 1000කට අධික ගොවීන් සහ ඔවුන්ගේ පවුල් විසින් වගා කර පරිභෝජනය කරනු ලබන අතර සාමාන්‍ය ආදායම සියයට 45කින් වැඩි වේ. 

3. මැලේසියාවේ ඔරොත්තු දෙන ටාරෝ විශේෂ අනාවරණය කර ගැනීම

Taro යනු වසර දහස් ගණනක් තිස්සේ අප්‍රිකාව, දකුණු ආසියාව සහ ඕෂනියාව පුරා ආහාර, ආහාර සහ ඖෂධීය අරමුණු සඳහා බහුලව භාවිතා කරන ලද මූල එළවළුවකි. වෙනස්වන දේශගුණික තත්ත්වයන් සහ රෝග ටාරෝ නිෂ්පාදනයට තර්ජනයක් වී ඇත, නමුත් FAO හි ප්‍රතිලාභ බෙදාගැනීමේ ව්‍යාපෘතිය මැලේසියාවේ සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල ඔරොත්තු දෙන ටාරෝ ප්‍රභේද සංරක්ෂණය සහ ලේඛනගත කිරීම ශක්තිමත් කිරීම සඳහා මැලේසියාවේ කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය හරහා ගොවීන් සමඟ කටයුතු කරයි.

මෙම නව ප්‍රභේද පරීක්ෂා කිරීම සඳහා ව්‍යාපෘතිය මඟින් ආදර්ශ ගොවිපළවල් සහ ගොවි ක්ෂේත්‍ර පාසල් 20ක් ස්ථාපිත කෙරේ. ප්‍රජා බීජ බැංකු පහක් ද පිහිටුවා ඇති අතර එමඟින් ගොවීන්ට තම බීජ ආරක්ෂා කර ගැනීම සහතික කළ හැකි අතර අසල්වැසි ප්‍රජාවන් සමඟ බෙදා ගත හැකිය.

කුඩා පරිමාණ ටාරෝ ගොවීන් 200ක් ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින අතර, මෙම වැදගත් භෝගය සැකසීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීම සඳහා වන භාවිතයන් සහ තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබනු ඇත.

නියඟයට සහ අතිරික්ත ජලයට ඔරොත්තු දෙන අතරම ඉහළ අස්වැන්නක් ලබා දෙන දේශීය සහල් වර්ග හඳුනා ගැනීමට ප්‍රතිලාභ බෙදාගැනීමේ අරමුදල ප්‍රජාවන්ට උපකාර කර ඇත. 

4. මාලි දේශයේ දේශීය සහල් වර්ග නැවත ස්ථාපිත කිරීම

සහල් සහ මෙනේරි මාලි ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රධාන ආහාර වේ, නමුත් සහල් වගාවෙන් සියයට 80ක්ම නියඟයෙන් බරපතල ලෙස පීඩාවට පත් වීමත් සමඟ අස්වැන්න විශාල ලෙස අඩු වී ඇත.

ප්‍රතිලාභ බෙදාගැනීමේ අරමුදල දේශීය සහල් ප්‍රභේද 266ක් සංරක්ෂණය කිරීමට සහ නියඟය සහ අධික ජලයෙන් යටවීම ඉවසා ගනිමින් උපරිම නිෂ්පාදනයක් ලබා දෙන්නේ කුමන විශේෂද යන්න හඳුනා ගැනීම සඳහා Institut d’Economie Rurale හරහා ගම්මාන 69ක දේශීය නිෂ්පාදකයින් සහ ප්‍රජාවන් සමඟ කටයුතු කර ඇත. 

ගොවීන්ට මෙම ප්‍රභේද සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දී ඇති අතර, මෙම බීජ ද මෑතකදී ජාතික හෝ ජාත්‍යන්තර හානියකදී හෝ නැතිවීමකදී බීජ ජෛව විවිධත්වය සඳහා සාර්ථක ලෙස ක්‍රියා කරන නෝර්වීජියානු ආක්ටික් ප්‍රදේශයේ ආරක්ෂිත බීජ බැංකුවක් වන Svalbard Global Seed Vault වෙත යවන ලදී.  

5. මොරොක්කෝවේ දේශීය තිරිඟු සහ බාර්ලි වර්ග වැඩිදියුණු කිරීම

දුරු තිරිඟු සහ බාර්ලි මොරොක්කෝව, ටියුනීසියාව සහ ඇල්ජීරියාවේ ප්‍රධාන ආහාර අතර වේ, නමුත් දේශගුණික විපර්යාස, පළිබෝධ සහ රෝග හේතුවෙන් අස්වැන්න විශල ලෙස පහළ ගොස් ඇති බැවින් මෙම රටවල් ආනයනය මත විශ්වාසය තබා ඇත. අධික උෂ්ණත්වය සහ නියඟය පසෙහි සහ භූගත ජලයෙහි ලවණතාව ගොඩනැගීමට හේතු වී ඇති අතර, ඇතැම් ශාක විශේෂවල පැවැත්මට අපහසු වේ.

ICARDA හරහා  සහ Science for Resilient Livelihoods in Dry Areas ප්‍රාදේශීය හවුල්කරුවන්, පර්යේෂකයන් සහ විද්‍යාඥයන් රෝගවලින් තොර, දේශගුණයට ඔරොත්තු දෙන ශාක නිෂ්පාදනය කිරීමටත්, in vitro Cultural ශිල්පීය ක්‍රම හරහා දුර්ලභ ශාක ප්‍රවේණි වර්ග ශීඝ්‍රයෙන් ගුණ කිරීමටත් සමත් වී ඇත. මෙම රටවල් තුන තුළ, ජාතික අභිජනන වැඩසටහන් අතර ප්‍රතිඵල බෙදා හරිමින් පවතින අතර දැනටමත් සියගණනක් ගොවි ප්‍රජාවන්ට සහ පුළුල් ජනගහනයට උපකාර කරමින් සිටී.

අපගේ ආහාර නිෂ්පාදනයේ අනාගතයට විනාශකාරී බලපෑම් ඇති කරමින් අපගේ පලතුරු සහ එළවළු වල ජෛව විවිධත්වය භයානක වේගයකින් ක්ෂය වෙමින් පවතී. සංවර්ධනය වෙමින් පවතින රටවල බෝග ජාන සම්පත් තිරසාර කළමනාකරණයට සහාය දීමෙන්, ප්‍රතිලාභ-බෙදාගැනීමේ අරමුදල මේ වන විට මිලියනයකට වැඩි පිරිසකගේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නංවා ඇති අතර ජීවනෝපායන් වැඩිදියුණු කර ඇත. 

ප්‍රත්‍යස්ථ කෘෂිකර්මාන්තය සහතික කිරීම සඳහා මෙම සම්පත් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිබඳව හොඳින් දන්නා ගොවි ප්‍රජාවන් සමඟ එක්ව, ප්‍රතිලාභ බෙදාගැනීමේ අරමුදල මෙම සජීවී ජාන සම්පත් කඩිනමින් සංරක්ෂණය කිරීමට කටයුතු කරයි. මෙම බීජ අපට නැති කර ගත නොහැකි සම්පත් ය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිල වෙබ් අඩවිය ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Editor(T)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *