
Pre-Wedding Beauty Regimen: Everything You Need To Know
අපි අවංක වෙමු, සෑම සෙල්ෆියකම එම චමත්කාරජනක මංගල මුද්ද විදහා දක්වමින් ඔබ පෙම් සබඳතා කාලසීමාව තුළ ඔබේ විනෝදය ලබා ඇත. නමුත් දැන් ඔබ ඔබේ D-Day දවසේ ඉතා අලංකාර ලෙස පෙනී සිටිමින් තම සුන්දරත්වය විදහා දැක්විය යුතුය! එහෙත් එය සිතන තරම් පහසු හෝ දුෂ්කර ද නැත.
ඔබ සැමියාගේ අත ගෙන මංගල සාද ශාලාවේ අභිමානයෙන් ඇවිදීමට පෙර, සම, හිසකෙස්, නිය සහ ශරීරය සඳහා හැඩගැන්වීමක් කිරීමෙන් ඒ අවස්ථාව තවත් වර්ණවත් කිරීමට ඔබට කදිම අවස්ථාවක් තිබේ.
මේ සියල්ල බිය උපදවන බවක් පෙනෙන්නට තිබුණත්, කරදර නොවන්න. අපි ඔබගේ ජීවිතයේ මෙම මීළඟ සන්ධිස්ථානය සඳහා ඔබට සෞඛ්‍ය සම්පන්න දීප්තියක් ලබා දෙන අවසාන පූර්ව විවාහ රූපලාවන්‍ය ක්‍රම ගැන පරිපූර්ණ දැනුමක් ලබා දෙන්නෙමු.
සම සඳහා

ඔබේ චර්ම රෝග වෛද්‍යවරයා හමුවන්න : චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමෙන් ප්‍රධාන ප්‍රතිලාභ දෙකක් ලබාගත හැකිය. එක, ඔවුන්ට ඔබට කළ නොහැකි ආකාරයෙන් ඔබේ සම තක්සේරු කළ හැකිය. ඔබේ වර්තමාන සම සහ සමේ ගැටළු (කුරුලෑ, අළුහම්, දද, කුෂ්ඨ ආදිය).
දෙක, එම රැලි සුමට කිරීම හෝ කුරුලෑ ඉවත් කිරීම මගින් ඔබේ පරිපූර්ණ රූපලාවන්‍ය පෙනුම ලබා ගැනීම සඳහා සම ආරක්ෂණ සැලැස්මක් සැකසීමට ඔහුට ඔබට උපකාර කළ හැකිය. තවද, මංගල දිනයට මාස නවයකට පමණ පෙර deep chemical peel කිරීම හෝ micro-needling with platelet-rich plasma කිරීම, ලේසර් රෝම ඉවත් කිරීම හෝ IPL (තීව්‍ර ස්පන්දන ආලෝකය / Intense Pulsed Light) කිරීම කළ හැකිය. විවාහයට මාස හයකදී deep peels කිරීම වැනි ප්‍රතිකාර අභිරුචිකරණය කිරීමට ඔබට උපකාර කළ හැකි අතර විවාහයට මාස තුනකට පමණ පෙර exfoliating treatments කළ හැකිය. මේ පියවර තුන මගින් ඔබට විවාහා දිනයේ පරිපූර්ණ සුන්දරත්වයක් සහ මහත් ආශ්වාදයක් ලබාගත හැකි අතර සැමියාට පරිපූර්ණ තෘප්තියක් ලබා ගැනීමට ද උපකාර කළ හැකිය.

මත්පැන් ඉවත් කරන්න, යුෂ පානය කරන්න
වයින් යනු බිහිසුණු ලෙස සිරුර විජලනය කරන්නෙකු සහ සමේ දීප්තිය කොල්ලකන්නෙකු වන අතර වයින් පානය මගින් සමේ පැල්ලම් ඇති කරයි. නිමක් නැතිව වයින් වීදුරු ගිල දැමීම බොහෝ මනාලියන් කරන බරපතල අපරාධයකි. (මෙය ලංකාවේ ඔබට එතරම් අදාළ විය නොහැකිය වුවත්…) ඔබේ විවාහ මංගල්‍යයට තව මාස කිහිපයක් තිබෙන විට, අපි යෝජනා කරන්නේ වයින්, බියර් ඇතුළු සියලුම ආකාරයේ මත්පැන් සමඟ ඇති සම්බන්ධතාව කපා හැරීමට ය. ඒ වෙනුවට පලතුරු, එළවළු යුෂ වැනි සෞඛ්‍ය සම්පන්න ආදේශකයක් සොයන්න. ගොටුකොළ වැනි පළා වර්ග, බීට්රූට්, කැරට් සහ තක්කාලි යුෂ සෞඛ්‍ය සම්පන්න සමක් සහ දීප්තිය ලබා ගැනීමට පහසුම සහ ස්වභාවික ක්‍රමයකි. ඒවායේ ඔක්සිකාරක ගුණ ඇති අතර වසා පද්ධතිය උත්තේජනය කරන සහ ඉදිමීම ඉවත් කරන වැදගත් ඛනිජ අඩංගු වේ.

එක වරකට එක් ආතතියක්
විවාහ මංගල්‍යයන් කෙතරම් ආශ්චර්යමත් විය හැකිද ? නමුත් බොහෝ මනාලියන් විවාහය සැලසුම් කිරීම සහ ඊට සූදානම් වීමට බොහෝ වෙහෙසෙන අතර ඒ සමග පහසුවෙන් මානසික ආතතියට ගොදුරු වෙති. එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වෙති. මානසික අතතිය හේතුවෙන් කෙනෙකු පහසුවෙන්ම වියරු වැටුණු, කනස්සල්ලෙන් පිරුණු කෙනෙකු බවට පත් විය හැකිය. තවද ආතතිය නිසා දද, සමේ රෝග සහ keratosis pilaris වැනි බොහෝ ගිනි අවුලුවන තත්ත්වයන් ඇති වන අතර එය සමට කිසිසේත් යහපත් නැත.
“ඔබට ඒ ගැන කනස්සළු වීමට කිසිවක් නැත, ඒ සියල්ල නිසි පරිදි සිදුවනු ඇත” යැයි බොහෝ දෙනා පැවසුවද, ඔවුන්ට එසේ පැවසීම නම් වඩා පහසු බව අපි දනිමු!
මෙහිදී අප ඔබට දෙන සරල සහ ප්‍රායෝගික උපදේශය නම්, එක් වරකට එක් ආතතියක් පමණක් කළමනාකරණය කරන්න. කර්තව්‍යයන් නිසි පරිදි සැලසුම් කිරීම, මංගල දිනපොතක් තබා ගැනීම, මංගල බ්ලූපර් නැරඹීම සහ අන් අයගේ උපකාරය ලබා ගැනීමෙන් මෙය පහසුවෙන් සාක්ෂාත් කරගත හැකිය.
හිසකෙස් සඳහා

මංගල උත්සවයට ඔබේ මාර්ගය උද්දීපනය කරන්න: ඕනෑම වර්ණයක් වෙනස් කිරීමේදී සාමාන්‍ය රීතියක් ඇත. ඔබේ හිසකෙස් වල ඇති ස්වාභාවික පැහැයෙන් වර්ණ දෙකක් පමණක් වෙනස් කරන්න. බොහෝ වෘත්තිකයන් සහ කොණ්ඩා මෝස්තරකරුවන් යෝජනා කරන්නේ ඔබේ විවාහ මංගල්‍යයට මාස හයකට පෙර පැච් පරීක්ෂණයක් සඳහා ගොස් පසුව අවසාන ස්පර්ශය සඳහා ඔබේ විවාහා දවසට දින හතකට හෝ 10කට පෙර චාම් සහ ස්වාභාවික පෙනුමක් සහතික කිරීමට ය. එසේම, මෙම කාලරාමුව නිසා ලැබෙන තවත් පහසුවක් / වාසියක් ඇත. ඔබ ඒ ගැන සතුටු නොවන අවස්ථාවක වර්ණය වෙනස් කිරීමට ප්‍රමාණවත් කාලයක් ඇත.

Keratin Treatment
ඔබ නිතරම ඔබේ හිසකෙස් සඳහා straightening iron, curler සහ රළු රසායනික ද්‍රව්‍ය භාවිතා කරන අයෙක් නම්, එය කෙතරම් වියළි, හානි වූ, හිරිවැටෙන සහ පාලනය කළ නොහැකි විය හැකිදැයි ඔබ මනාව දන්නවා ඇත. හොඳයි, ඔබේ වාසනාවට, දැන් ඔබට Keratin Treatment සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමෙන් සිනිඳු, දිලිසෙන, පෝෂණීය සහ නිරෝගී කෙස් කළඹක් ලබා ගත හැකිය. (අනාගත මනාලියන් සඳහා) මෙය ඔබේ හිසකෙස් අලුත්වැඩියා කිරීමට සහ ඔබේ මුරණ්ඩු රැලි ඉවත් කිරීමට කදිම අවස්ථාවක් වශයෙන් ද සැලකිය හැකිය. එය ස්වභාවික ස්ට්‍රයිට් (natural straightening) කිරීමකට වඩා හොඳ වන අතර ස්වාභාවික හිසකෙස් ප්‍රෝටීනයක් වන ‘කෙරටින් (Keratin)’ හිසකෙස් නැවත බන්ධනය කිරීමට සහ කෙළින් කිරීමට භාවිතා කරයි.
ශරීරය සඳහා

Eat Wise, Drop A Size: බර වැඩිවීම ඕනෑම මනාලියකට වඩාත්ම පීඩාකාරී මාතෘකාව විය හැකිය! නමුත් සීනි, සෝඩියම් සහ සැකසූ ආහාර වලින් ඈත් වීමෙන් ඔබට එම අමතර අඟල් ලබා ගැනීම වළක්වා ගත හැකිය, මන්ද ඒවා ‘බඩ මේදය belly fat වර්ධනය කිරීමට හා ඉදිමීමට හේතු වේ. ඒ වෙනුවට, කොළ එළවලු, පලතුරු සහ ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප කෙරෙහි අවධානය යොමු කරන්න. (ඔබේ ශරීරයට ශක්තිය සැපයීමට, ශක්තිය වැඩි කිරීමට සහ ඔබේ සම පිරිසිදු කිරීමට සියලු විශිෂ්ට ප්‍රභවයන් මේ තුළ අන්තර්ගතව පවතී) තවද, අධික ලෙස මත්පැන් පානය ඔබේ සම ඉදිමුණු සහ වියළි එකක් බවට පත් කරන අතර, මත්පැන් පානය සමග ඔබ වඩාත් විනෝදකාමී වූ විට වැඩිපුර කෙටි ආහාර සහ කුණු කෑම වලට (junk food) ආශා කරන නිසා බර වැඩිවීමට හේතු වන බව මතක ද තබා ගන්න.

ව්‍යායාම හෝ යෝගා ව්‍යායාම වල යෙදෙන්න
ව්‍යායාම කිරීම විවාහ වන ඕනෑම අයෙකුට අත්‍යවශ්‍ය . මන්ද එය ආතතිය සමනය කරන අතර මනෝභාවය වැඩි දියුණු කරයි. යෝග යනු වඩාත් නිර්දේශිත ව්‍යායාමයකි. මන්ද එය ඔබට ශාරීරිකව පමණක් නොව මානසිකව හා අධ්‍යාත්මිකව ද උපකාරී වනු ඇත. එබැවින් ඔබට ඔබේ මංගල දිනයේ ඔබේ හොඳම පෙනුම දැනීමට අවශ්‍ය නම් යෝග යනු ඔබේ ඉදිරි මාවතයි. විශේෂයෙන්ම ඔබේ විවාහ මංගල්‍ය සැලසුම් කිරීමේ අවුල් සහගත කාලය තුළ, ඔබ වෙනුවෙන් යම් කාලයක් ගත කිරීමට අවශ්‍ය වේ.

ඔබේ විලාසිතාව සඳහා Spa කරන්න
අවංකව කිවහොත්, මනාලියක වීමේ හොඳම කොටස්වලින් එකක් වන්නේ ඔබේ විවාහ මංගල්‍යයේ දී මනරම් පෙනුමක් ලබා ගැනීම සඳහා මනාලියක වීමට පෙර කරන ස්පා ප්‍රතිකාරයි. එවැනි ප්‍රතිකාර ක්‍රමවල යෙදීම වැදගත් වන අතර, ඔබට විවේකීව සිටීමට මෙන්ම සම සහ හිසකෙස් සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීමටද අවස්ථාව උදාවේ. ස්පා මගින් ලබාගත හැකි විශිෂ්ඨ ප්‍රතිලාභ කිහිපයක් මෙසේය.
- ශරීරය ඩෙටොක්සිෆයි කර පුනර්ජීවනය කරයි
- ධනාත්මක ආකල්පයක් ඇති කරයි
- ඔබව පරිපූර්ණ ලෙස අවධාරණය කරයි
- මනසේ යහපැවැත්ම ආරක්ෂා කරයි
- සමේ පැහැය ඒකීය කරයි (සමස්ත සිරුරටම එකම / ඒකීය පැහැයක් ලබා දෙයි)
නියපොතු සඳහා:

ඔබ විවාහ ගිවිසගත් විගස, ඔබට එම අලංකාර මුද්ද ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වනු ඇත. එබැවින් එම නියපොතු සහ අත් අලංකාරව තබා ගන්න. ඔබේ පෙම් සබඳතා කාලය පුරාම, වර්ණ සමඟ අත්හදා බැලීම් කරන අතරතුර ඔබේ නියපොතු ශිල්පියා දැන හඳුනා ගන්න. ඔබට හිසේ සිට පාදය දක්වා පරිපූර්ණ පෙනුමක් ලබා ගැනීමට අවශ්‍ය වනු ඇත. තද සහ සිනිඳු නිය සඳහා UV තාක්ෂණය භාවිතා කරන Gel manicures සහ pedicures ඔබ යා යුතු මාර්ගයයි. ඒවා වඩා මිල අධික වුවද, ඒවා සාම්ප්‍රදායික අත්කම් මෙන් දෙගුණයක කාලයක් පැවතිය හැකිය.

අත්‍යවශ්‍ය දේ අමතක නොකරන්න
ඔබ විවාහ ගිවිසගත් දිනයේ සිට මංගල දිනය දක්වා, නියපොතු වර්ධනය උත්තේජනය කරමින් ඔබේ ඇඟිලි තුඩුවල සංසරණය වැඩි කිරීමට සගන්ධ තෙල් අත්‍යවශ්‍ය වේ. එය නිරෝගී වර්ධනයකට මග පාදයි, එමඟින් දිගු නිය කැඩීම හෝ එවැනි නියපොතු කම්පනය වළක්වා ගත හැකිය. බොහෝ ප්‍රවීණයන් යෝජනා කරන්නේ නියපොතු වියළී ගිය විට ඒවා බිඳෙනසුළු වීම, දුර්වර්ණ වීම සහ ඉරිතැලීම් ඇති වන නිසා ඒවා සජලනය කරන ලෙසයි, අවුරුද්ද පුරා ලස්සන මුද්ද-සෙල්ෆි අත් සහතික කිරීම සඳහා සෑම රාත්‍රියකම පොරෝනාවට ගුලි වීමට පෙර ඔබේ නියපොතු වටා සගන්ධ තෙල් ආලේප කරන්න.
ෆෙමිනා ඇසුරිනි – සැකසුම – දිසංකා සදුනිල්